Thursday, January 28, 2016

පුවත්පත් කලාව, විද්‍යුත් මාධ්‍යය හා වාර්තාකරණය....

ජර්නලිස්ම් නැතිනම් පුවත්පත් කලාව, කියන වචනෙ ආවෙ විද්‍යුත් මාධ්‍යය නැති කාලෙ.. මේවගේ ඉතිහාසය ඉගෙනගෙන විධිමත් අධ්‍යයනයකට අවශ්‍ය නම් ජනසන්නිවේදන උපාධියක් (මාස්කොමියුනිකේෂන්) අරගන්න හෝ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවාක්වත් හදාරන්න වෙනවා ජනමාධ්‍ය (මාස් මීඩියා) වලට පිවිසෙන්න..
විද්‍යුත් මාධ්‍යය කියන්නෙ බොහොම පහසුවෙන් මිනිසුන්ගෙ ග්‍රහණයට නතුවන දෙයක් නිසා නිවේදකයො කථාකරන්න ඕනි තමුන් මේ කතාකරන්නෙ මිලියන ගණනක ජනතාවකටයි..ඔවුන් මේ දේවල් අහල මොනව හිතාවිද නොහිතාවිද කියල දන්නැති නිසා... පරෙස්සම් සහගත වෙන්න ඕනි කියල.. හවසට යන සංගීත වැඩසටහන් වල නිවේදිකාවො කතාකරන විදියට ප්‍රවෘත්ති වාර්තා කරන්න ගියාම ඒකෙ තියෙන වටිනාකම නැතිවෙනවා.. වෙළෙද අරමුණු උදෙසා වැඩසටහන් හිට් කරගන්න කතාකරන්න ගියාම කවදා හෝ තැනකදි නාගන්නවා..
කරුණාරත්න අමරසිංහ සූරීන් වගේ කෙනෙක් කරන නිවේදනයක් අහං ඉන්නකොටයි, අර ස්වර්ණවාහිනියෙද, දෙරණෙදෙ කඩල විකුණනව වගේ කියවන එකෙක් කතාකරනකොටයි මහා වෙනසක් දැනෙනවා.. පරිණත බවට කලින් ශික්ෂණය කියන දේ එන්න ඕනි.. නිවේදිකාවොත් එහෙමයි. ඉදුනිල් දිසානායක හෝ වසන්තී නානායක්කාර, යුරේනි නොෂිකා වගේ කතාකරන්නගත්තොත් කොහොමට හිටීද?
මිනිස්සු කාලයත් සමග අත්දැකීම් ගනිද්දි දැනුමෙනුත් දියුණු වෙන්න ඕනි. නැත්තං ගොනා පිට හකුරුපටවනව වගේ කොච්චර කිව්වත් වැඩක් නෑ..මේ කිව්වෙ ජර්නලිසම් හෝ මාස් කොමියුනිකේෂන් ගැන නෙවෙයි. ජනතාවක් ඉස්සරහ කතාකරන මාධ්‍යකරුවන්ට. අපිත් මාධ්‍යකරණය ගැන විධිමත් විදියට ආයතනිකව හදාරල නැහැ. නමුත් අපි ඒ ගැන ඔය ඉන්න මාධ්‍යෙව්දීන්ට වඩා පොත පත කියවල අවබෝධකරගෙන ඉන්නවා. ඒ නිසයි තවමත් මම පුවත්පතකට කිසිවක් නොලියා ඉන්නෙ.. මම දන්නව මම තාම මදි කියල පත්තරේකට ලියන්න.. මොකද ෆේස්බුක් වල මම අමතන භාෂාවෙන් සමස්ත රටට මම අමතන්න බැහැ.. අද වෙන්නෙ ෆේස්බුක් එකේ ලියන ඕන කුණුහරුපයක් පත්තර වල ගෙඩිපිටින් දානවා. ඒකෙ වෘත්තීමය භාවයක් ඇත්තේම නැහැ.
මාධ්‍යකරුවෙකුට දේශපාලනයක් තිබිය යුතුයි. එය ජනතාවාදී විය යුතුයි. ඒ දේශපාලනය සමස්ත ජනවිඥානයට එරෙහිව යනව නං ඒ වගේ පත්තරකාරයො නිවේදකයො වගේ අය ඒ රස්සාව කළ යුතු නැහැ.. මොකද මාධ්‍යෙව්දියා කියද්දි ඒකෙ තියෙන වෘත්තීමයභාවය ඔවුන් රකින්න ඕනි. කියන්න ගොඩක් දේවල් තිබුණට කියන්න යන්නේ නැහැ... කාලයත් සමග ඒවා කියැවේවි.....

ලිපිය  මනෝරම වීරසිංහ