

කොහොමහරි මේ මරියානා ආගාධෙ හැදිලා තියෙන්නෙ භූතැටි දෙකක් එකිනෙකට ඝට්ඨන වීමෙන් ඒකියන්නෙ හැප්පිලා ඒක භූතැටියක කෙලවරක් අනිත් භූතැටිය උඩින් පිහිටීමෙන් (Continental Shelf & Abyssal Plain ).. මෑතකදි (26 මාර්තු 2012) පතුලටම යැයි සලකන්න පුලුවන් මට්ටමකට ගිහින් තියෙන්නෙ මරියානා ආගාධෙට කවුරුත් දන්න ටයිටැනික් කතාව හදපු ජේම්ස් කැමරන්, National Geographic චැනල් එකේ කණ්ඩායමක් එක්ක කුඩා ප්‍රමාණෙ කුමුදුවක් (submarine) එකක් තමයි ඒකට යොදාගෙන තියෙන්නෙ.. ඔහුට පතුලට ලඟාවෙන්න පැය 2යි විනාඩි 34ක් ගතවෙලා තියෙනවා..
මරියානා ආගාධෙ පතුල තරණය එවරස්ට් කන්ද නගිනවට වඩා ගොඩක් වියදමෙන්, බිහිසුණු බවෙන් ගොඩක් අදිකයි.. මරියානා ආගාධෙ වෙනස්වීම් භූතැටිවල වෙනස් වීම් වගේ දෙවල් ගණනය නිර්ණය කරන්නෙ සැටලයිට් මගින් නැත්තම් අධි ධ්වනි තරංග මුහුදු පතුලට යවලා (Sonar), මේ අපායට යන්න බැරි හේතු කිව්වොත් * පතුලටවෙන්න කෙමෙන් කෙමෙන් සූර්ය රශ්මිය පතිතවෙන එක ක්ශයවෙලා යනවා, කවුරුත් දන්නවා ඇති ලිඳක උනත් අඩිය කළුවරයි කියලා, නිකමට ඇස් දෙක වහගන්න ඒ වගේම කලුවරක් තමයි මරියානා ආගාධෙත් තියෙන්නෙ. සාගර පතුලට ඉර එලිය ගමන් කරන්නෙ කිලෝමීටරයක් පමණ දුරක් ඒක පදනම් කරගෙන ආලෝකය මුහුදු පතුලට යන විදිහ ගැන මට්ටම් තුනක් තියෙනවා භෞතික විද්‍යාවෙ, ඒ ඒ මට්ටම් වල හැටියට තමයි මතස්‍ය ජීවීන් විශේෂ හැඩ ගැහිලා තියෙන්නෙ,
සූර්ය රශ්මිය අඩුවෙනවා කියන්නෙ වතුරෙ තියෙන අඩියට වෙන්න උශ්ණත්වෙත් අඩුවෙනවා කියන එක, ඒ වගේමයි පීඩණයත් වතුරෙ ගොඩක් වැඩී, කොහොමරි මරියානා ආගාධෙ පතුලෙ උශ්ණත්වය සෙල්සියස් අංශක 1- 4ත් අතර පරාසයක් ගන්නවා. ඒ කියන්නෙ අධික සීතලක්.
මරියානා ආගාධෙ ඒ සීතලට, අඳුරටම හැඩගැහුණ ජීවින් අපි දැකලා තියෙන මාලු වගේ ඉන්නවා ඒත් පෙනුමෙන් ගොඩක් විකෘති කිව්වොත් හරි, භිහිසුණු පෙනුමක් ගන්න ජීවින් තමයි ගොඩක් වෙලාවට ඉන්නෙ, උන්ගෙ දරුණුබව ගැනවත් මේ වෙනකොට සඳහනක් නෑ, මොකද කලාතුරකින් තමයි ඒ වගේ ජීවියෙක් විශාල ප්‍රමාණයේ දැලකට අහුවෙන්නෙ, ගොඩක් කලාතුරකින්, ඒකත් අහම්බෙන් ඒ ජීවියෙක් සාගරයේ ගැඹුරු කොටස තරණය කරලා උඩ කොටසට ආවොත් විතරයි. එහෙම සිද්දි ගොඩක් වාර්ථාවෙනවා..
ලංකාවෙ ධීවර කලාපවලත් ඒ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා.. එහෙම අහුවෙන ජීවින් විවිධ හේතූන් නිසා මරණයට පත්වෙනවා, අධික උශ්ණත්වය, දැල් වලට හසුවීම, අනෙකුත් මාංශ භක්ශක මසුන්ට භිලිවීම වගේ හේතු නිසා..
තාම විද්වතුන්ට විසඳගන්න බැරි උන ගවේශණය කරලා ඉවරකරගන්න බැරි උන ජීවීන් දහස් ගාණක් ලක්ශ ගාණක් මේ මරියානා ආගාධෙ ජීවත්වෙනවා කිසිදවසකවත් ඇහැකටවත් නොගැටුණු.. බොහෝමයක් අල්ප කොටසක් තමයි මේ වෙනකොට හොයාගෙන තියෙන්නෙ.. ඔවුන්ගෙ භිහිසුණු බවත් හැංගුණ දේවල් පවා මේ මරියානා ආගාධෙ තවමත් අභිරහසක්.. මිත්‍යාමත, විශ්වාසයන් කීපයක් තියෙනවා හරියට තහවුරු කරගත්තෙ නැති නමුත් පරික්ශණ කණ්ඩායම් විසින් අසු කරගන්නා ලද අධි ධ්වනි තරංග මගින් හා කැමරාවලින් අපැහැදිලි සාක්ශි ගොඩක් තියෙනවා මෙගලඩොන් මෝරෙක්/ මෝරුන් ගැන නැත්තම් තල්මසෙකු ගිලීමට පවා හැකි අවුරුදු මිලියන ගණනකට පෙර වඳවී ගිය මෝරෙකු / මෝරුන් මේ මරියානා ආගාධෙ අදටත් නොනැසී ජීවත්වෙනවා කියලා ඒ වගේම ගොඩබිම තියෙන අපි දැකපු දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට පහලින් තියෙනෙ මේ පහළ ලෝකෙ නිරන්තරයෙන්ම සිද්ධවෙනවා..
සටහන - Dananjaya Ranawake
චරිත්, මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් වලට පින්තූර සහ යූ ටියුබ් වීඩියෝ දාන්න පුළුවන් විදිහට සකස් කරන්න. එයින් බ්ලොග් එක කියවන අයට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. එහෙම කරන හැටි මෙන්න මෙතන තියනවා.
ReplyDeletehttp://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html
ස්තුතියි.. හෙට සකස් කරන්නම්.. 😊
Deleteහරි කියල හිතනවා.. :)
DeleteSupiri
ReplyDeletehttps://superexplora.blogspot.com