ගුරුළුගෝමී ගැන ගොඩක් අය අහලා ඇති කියලා හිතනවා, නැත්තම් ගුණසේන පොත් වල මේ ලාංඡනේ දැකලා ඇති කියලා හිතනවා,
ගුරුළුගෝමී කියන්නෙ ලංකා ඉතිහාසෙ පහළවුණ ශ්‍රේෂ්ඨතම පඬිවරයෙක්, ලේඛකයෙක්. එතුමන් හිටියා කියලා විශ්වාස කරන්නෙ දොළොස්වන හෝ දහතුන්වන වගේ සියවස්වල, අමාවතුර, ධර්මප්‍රදීපිකා වගේ අග්‍රගණ්‍ය සිංහල කාව්‍යමය පොත් පත් ලියපු ලේඛකයෙක්,
කවියෙක් විදිහට ප්‍රසිද්ධයි. ගරුඬ නැතිනම් අපි හඳුන්වන්න ගුරුළු ලෙස හැදින්වෙන කුලයක සිංහල පියෙකුගේත් මැලේ ජාතික මවකගේත් දරුවෙකු විදිහටයි මෙතුමන් උපත ලබලා තියෙන්නෙ, තරුණ වියේදි ලංකාවට පැමිණීමත් එක්ක රටේ සංස්කෘතිය ආගම දර්ශණය වගේ දේවල් ඇසුරු කරගෙන තමයි අධ්‍යාපනේ යෙදිලා තියෙන්නෙ,
ඔහුගෙ පියා එකල දොලොස්දහස් රට නැතිනම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක ප්‍රභූ පවුලක උපන් "කප්පින" නම් අයෙක්, තරුණ වියේදි වෙළඳ කටයුතු සඳහා ස්වර්ණපුරයට ගොස් පසුව එහි වෙළඳ නායකවරයෙකුගේ දුවකු ආවාහ කොටගෙන පදිංචි වෙලා තියෙනවා, එතනින් ඔවුන්ට දුවෙකුත් පුතුන් දෙදෙනෙකුත් ලැබිලා තියෙනවා..
කොහොමහරි මීට අවුරුදු 60ට විතර කලින් මාටින් වික්‍රමසිංහ වියත් ලේඛකයා ගුණසේන පොත්හලේ සේවය කරපු සුප්‍රකට ජී එස් ප්‍රනාන්දු මහත්තයට මේ ගුරුළුගෝමී ගැන අදහස කියලා තියෙනවා, කියලා තියෙන්නෙත් ලංකා ඉතිහාසෙ හිටපු තවත් පඬිවර ලේඛක කවීන් දෙන්නෙක්ගෙ රූප බලන් අඳින්නයි කියලා.. පහන් කතුතුමාගෙත්, බටුවන්තුඩාවේ පඬිතුමාගෙත් තවත් යතිවරයන් දෙන්නෙක්ගෙත් මුහුණුවර බලාගෙන ඔක්කොම එකම රූපයකට අරන් අඳින්න කියලයි අදහස දීලා තියෙන්නෙ.. මේ චිත්‍රය ඇඳලා තියෙන්නෙ ජී එස් ප්‍රනාන්දු මහත්මයා, අදටත් ගුණසේන පොත් වල ප්‍රකාශණවල තියෙන්නෙ මේ ගුරුළුගෝමි පඬිවරයගෙ සලකුණ, 1949 ඉඳන් අද වෙනකම්ම මේ සලකුණ ගුණසේන පොත්වලට යොදාගන්නවා..

සටහන - Dananjaya Ranawake
බොහොම හොඳයි. බොහොම ඉහලයි. මෙවැනි පඬිවරුන් ගැන අද පරපුර දන්නේ නැති තරම්. මේ ලිපිය විශේෂයෙන් පාසල් දරුවන්ගේ අවධානයට ලක්වෙනවානම් හොඳයි.
ReplyDelete