Saturday, February 6, 2016

නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු විදිහට කිව්ව ක්‍රිෂානි කවුද?


68 වන නිදහස් දින සැමරුම අවසන්ව සන්ධ්‍යාවේ කොළඹ ගාළු මුවදොර පිටියේ විචිත‍්‍රවත් සංස්කෘතික උත්සවයක් පැවැත්වුනා. මෙහිදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය පුරාවටම විවිධ චොදනාවන් එම ගායිකාවට එල්ල වෙමින් පවතිනවා. එදින දන්නෝ බුදුන්ගේ ශී‍්‍ර ධර්මස්කන්ධා යන ගීතය බටහිර ඔපේරා තාලයකට ගායනා කරන ලද්දේ කි‍්‍රෂානි ජයසිංහ නම් ගායිකාවකි. මේ නිසාම ඇය ටිංටිං කාටූනයේ එන ඔපේරා ගායිකාව වන බියංකා කැස්ත‍්‍රපියුරිගේ නැගනියට සමාන කරමින් සමාජ ජාල අඩවි වල අපහාස පෝස්ට් ප‍්‍රදර්ශනය කෙරෙමින් පවතිනවා. ඇත්තටම කවුද මේ කි‍්‍රෂානි? ඇය සැබවින්ම ගීත ගායනා කිරීමට නොදත් ඔපෙරා ගායිකාවක්ද?
කි‍්‍රෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්‍රානෝ ඔපේරා ගායිකාවයි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි. බටහිර මාධ්ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්‍රානො කිරුලේ මාණික්යය ලෙසයි. ඔපෙරා ගායනාවන් ලාංකිකයන්ට එතරම් හුරු සංගීත මාධ්‍යයක් නොවෙන බැවින් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද මෙවැනි චෝදනාවන් එල්ල විය. එය ශී‍්‍ර ලාංකීය රසඥතාවයේ ගැටළුවක් මිසක එම ගායක ගායිකාවන්ගේ හෝ නිර්මාණවේදීන්ගේ ගැටළුවක් නොවේය. උසස් රසඥතාවයක් අදටත් බොහෝ දෙනාට නොමැති බව පැහැදිලි වන්නේ නිදහස් දිනයේ ගැයුණු එම ගීයට ෆේස්බුක් සමාජ ජාලයෙක් පල කර ඇති අදහස් නිසාය. තවමත් බොහෝ දෙනා ගීත කියා කියන්නේ බස් වල ඇහෙන අදෝනා ගීත බවයි එම අදහස් කියවන විට පැහැදිලි වන්නේ.
(Source: your news.lk)
කි‍්‍රෂානි ගායනා කල ඔපේරාවක්
කි‍්‍රෂානි නිදහස් දින ගායනා කල ගීතය



No comments:

Post a Comment