Sunday, January 31, 2016

ලෝකෙ විශාලතම ගඟ මැප් එකක් විදිහට

මේ තියෙන්නෙ ලෝකෙ විශාලතම ගඟ මැප් එකක් විදිහට.. බ්‍රසීලෙ ඇමේසන් නදී නිම්නය.. මේ ගඟ ආශ්‍රිතව තියෙන අභිරහස් දේවල් කිව්වොත් තාමන් මිනීමස් කන ගෝත්‍රිකයො (cannibalism), එතනින් එහාට ලෝකෙ ඇති විශ සහිත මාංශ භක්ශක මල් පැලෑටි.. උග්‍ර විශ සර්පයන්, ගෙම්බන් සහ කෲමීන් පවා මේ වෙනකොට හොයාගෙන තියෙන්නෙ මේ කිලෝමීටර් 15 200ක් දිග ග‍ඟෙන් පෝශණය වෙන ඇමේසන් කැලේනුයි.. මේ කැලේ තියෙන පෞරාණික ගස් වර්ගත් ලෝකෙ තියෙන පැරණිම වගේම ඔසු ගුණයෙන් පිරුණු ගස් වර්ගත් ලෝකෙ ඉතා දුර්ලබ පෑලෑටිත් මේ කැලේ තාමත් හටගන්නවා..

ගඟ ගැන කිව්වොත් මේ වෙනකොට මිරිදිය මත්ස්‍ය ලෝකෙ දරුණුම මත්ස්‍ය ඛාණ්ඩ වෙන පිරාණා සහ පාකු යන නම් වලින් හැදින්වෙන මතස්‍යයින්ද වෙසෙන්නේ මේ ග‍ඟෙයි.. ඔබ බොහෝවිට National Geographic (NatGEO) / Discovery චැනල් තුලින් දැක ඇතී.. ඔවුන්ගෙ විශේෂත්වය පිරනා සහ අනෙකුත් දරුණු ඝණයේ සැලකෙන මතස්‍යයින්ගේ අසාමාන්‍ය වර්ධනයයි.. දැනට සොයාගෙන ඇති විශාලතම පිරානා මත්ස්‍යයාද සොයාගෙන තිබෙන්නේ මෙම ගගෙනුයි.... එමෙන්ම කුඩා ප්‍රමාණයෙ පිරාණා මතස්‍යයින් රංචුවකට ගෝනෙකු මුලුමනින්ම කා දැමීමට ගත වන්නේ තප්පර ගණනකි..

 අප කවුරුත් දන්නා ඇනකොණ්ඩා නම් ලොව විශාලතම සර්පයින්ද ජීවත්වන්නේ මෙම ඇමේසන් කැලය ආශ්‍රිත ගංගා අසබඩයි.. මෑතක් වෙනකම් සැලකුවේ නයිල් ගග දිගම ගංගාව ලෙසයි, නමුත් ප්‍රමාණයෙන් මෙන්ම පෝශක ප්‍රදේශ වලින් විශාලතම ගඟ වන්නේ මේ දැවැන්ත ඇමේසන් නදී නිම්නයයි. .

ලොව මේ වන විට මරියානා අගාධය හැරුණුකොට ලොව භිහිසුණු මෙන්ම, අභිරහස්වල ගහණ ගොඩබිම ඇති එකම ප්‍රදේශය ඇමේසන් ගඟ ආශ්‍රිත මෙම ඇමේසන් ගංගා නිම්නයයි...ඇමේසන් ගඟ සහ එහි බිහිසුණු දෑ පිලිබඳ අලලා නිපදවුණු චිත්‍රපට ඔබ දැක ඇතැයි සිතමි, හේතුව එහි ඇති සැඟවුණු බිහිසුණු බවයි.. 

ලිපිය  Dananjaya Ranawake

3 comments:

  1. සතුටුදායක විස්තරයක්.

    මා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා, ලිපි ලිවීමේදී සිංහල භාෂාවේ සඤ්ඤක, සහ මහාප්‍රාණ අකුරු ගැන සැලකිලිමත්වන ලෙස. මේ ලිපියේ මා දුටු අඩුපාඩු කීපයක් ඔබට පෙන්වා දෙන්නේ, ඔබව අධෛර්යයට පත්කරන්නට නොවෙයි. තවත් දිරිමත් කරන්නට.

    ඇමේසන් කැලේ (forest) කීම සුදුසු මදි. එය උප මහාද්වීපයක පිහිටි, ලෝකයේ විශාලතම වැසි වනාන්තරයක්. ඒ නිසා වඩාත් සුදුසු වචනය වනාන්තරය (jungle) යන්නයි.

    මුලදී ගඟ කියා නිවැරදිව ලියා, පසුව ගගෙනුයි කියා ලියා තිබෙනවා. එය ගඟෙනුයි වියයුතුයි නේද? නිවැරදි වියයුතු තවත් වචන කීපයක් පෙන්වන්නම්.

    දුර්ලබ නෙවෙයි දුර්ලභ, දරුණු ඝණයේ නෙවෙයි දරුණු ගණයේ (category/type), අභිරහස් නෙවෙයි අබිරහස් (රහස් යන වචනයට අබි යන උපසර්ගය එක්කිරීමෙන් අබිරහස් යන්න නිපදවේ)

    පිරානා මසුන් විසින් කා දමන්නේ ගෝනෙකු නොව ගොනෙකු වියයුතුයි.

    //ප්‍රමාණයෙන් මෙන්ම පෝශක ප්‍රදේශ වලින් විශාලතම ගඟ වන්නේ මේ දැවැන්ත ඇමේසන් නදී නිම්නයයි//
    මේ වාක්‍යය දුර්වලයි. මෙහි තේරුම, 'විශාලම ගඟ වන්නේ ඇමේසන් නදී නිමානය' යන්නයි. නිම්නය ගඟක් නොවේ. මෙය පරිවර්තකයාගේ දෝෂයකි. 'විශාලතම පෝෂක ප්‍රදේශයක් හිමි, ලෝකයේ එකම ගඟ වන්නේ, ඇමේසන් නදියයි' යනුවෙන් නිවැරදි වියයුතුයි.

    මා නැවතත් කියන්නේ, අඩුපාඩු මගහරවාගෙන ඉදිරියට යන්න. අප වැනි වැඩිහිටියන්, ඔබවැනි තරුණයන්ට මෙලෙස මග පෙන්වන්නේ, අනාගතය ඔබේ අතේ තිබෙන නිසයි.

    ReplyDelete
    Replies
    1. තවත් දෙයක් අමතක වුණා. cannibalism කියන්නේ, මිනීමස් කෑම. cannibal කියන්නේ, මිනීමස් කන්නා හෙවත් පෝරිසාදයා.

      https://en.wikipedia.org/wiki/Cannibalism

      අර රූපවාහිනී නාලිකාවේ නම, National Geography නෙවෙයි National Geographic

      http://channel.nationalgeographic.com/

      Delete
  2. හොද ලිපියක් පවා දැක්කත් නොදැක්ක වගේ යන කාලේ කියෝලා සාරය උරාගෙන තුතියක් වත් නැතිව ලිස්සලා යන කාලේ විචාරකයා කරපු දේ අගය කරමි. තවත් හොදට ලියන්න... මගෙත් ප්‍රයතම මාතෘකා තමා වනාන්තර කැලෑ සහ අහස....

    ReplyDelete