Tuesday, February 2, 2016

ආදරය වගේ නොවෙයි අඟ හිග දැනෙයි කූඩුවේ - Lakshman Hewawitharana

ආදරේ කරා වගේ නෙමේ කසාදයක් කරගෙන ජිවත් වෙන්න ගියාම, ඔයාට දුකක් දෙන්න මට බැහැ. එහෙම උනොත් මගේ හිත මටම බනිවි. මගේ එක්ක ගෙවන කටුක ජිවිතේ ඔයාට දරාගන්න පුළුවන් වේවිද? මේ තමා ගීතයේ සරල අදහස. අර ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කිව්වට බැඳගත්තම එයාල එහෙම කියන්නේ නැනේ නේද :) මේ ගීතය රචනය සහ සංගීතය කරේ කව්රුන්ද කියා දන්නවා නම් කමෙන්ට් කරන්න :)

ආදරය වගේ නොවෙයි

අඟ හිග දැනෙයි කූඩුවේ..
දුක දරාගන්න ඒ වෙනුවට
මහා මෙරක් වගේ..//

වෙන කවුරුවත් නොඑන උයනේ
වදුලු වන පෙතේ
අපි අනාගතය මැව්වත්
ඒ ඇත්තටම නොවේ

මගෙ කූඩුවට ඇවිත් කඳුලක් ඇති වුනොත් නෙතේ
මට හදාගන්න බැරි වෙයි හිත මගෙ කිරිල්ලියේ...

ආදරය වගේ නොවෙයි....

රන් කාසි නැතිව ඇද වේවිද සිනාමල් නුබේ
මුතු සේද නොමැති යහනක නෙත පියෙවිද රැයේ..

මගෙ කූඩුවට ඇවිත්..
ආදරය වගේ නොවෙයි....///

ගායනය : Lakshman Hewawitharana

No comments:

Post a Comment