Thursday, February 4, 2016

අපේ අවි බලය

නිදහස් දිනයේ අවිබලය පෙන්වීම හෙවත් අපි ඉන්නේ අමු නිරුවතින් යැයි ලෝකෙටම පෙන්වීම ගැන පොඩි අදහසක් සයිබර වරිගෙ උණ්ඩියාගෙ වෝල් එකෙන්....
"..... මේ යුද බල පෙන්නීමේ තේරුම මොකක්ද?
මේ කළාපයේ මාල දිවයින, නේපාලය සහ භූතානය හැර අනෙක් සියළුම රටවල්, ඒ වගේම නැගෙනහිරට බැලුවාම අග්නිදිග ආසියාවේ රටවල් 90%, වයඹ දිගට බැලුවාම සමස්ථ මැද පෙරදිගම වගේ අපිට වඩා බෙහෙවින්ම යුද ශක්තියෙන් හෙබි රටවල්...
ඉන්දියාව මේ මෑතකදි මෙරටට එවපු "INS වික්‍රමාධිත්‍ය" ගුවන් යානා හාරක යුද නෞකාවෙ Full Flight deck එක මිග් - 29 ඉදිරිපෙළ ප්‍රහාරක යානා 25 ක්....සමස්ථ ශ්‍රී ලංකා ගුවන් හමුදාවම විනාඩි 25 - 30 ක් වගේ ඇතුළත අකර්මණ්‍ය කරන්න ඒ නෞකාව සතු ගුවන් බලය වැඩිපුරත් එක්ක ප්‍රමාණවත්.... ඒ නෞකාවට සහායට එවපු පරිවාර නෞකාව "INS මයිසූර්" කියන ඩිස්ට්‍රෝයර් නෞකාව සමීප සටනකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම ඉදිරිපෙළ යාත්‍රා ඉතා පහසුවෙන් විනාශ කිරීමට සමත්....අසල්වැසි රටක් නැව් දෙකක් එව්වාම තත්වය මේකයි....
කෆීර් ජෙට් යානාව කියන්නෙ 1970 දශකයෙදි ඔපෙක් සංවිධානයේ තර්ජනය මත ප්‍රංශය ඊශ්‍රායලයට "මිරාජ්" ප්‍රහාරක යානා සැපයීම අත්හිටවූ මොහොතේ, ඊශ්‍රායලය ඊට දේශීය විකල්පයක් වශයෙන්, ප්‍රංශ මිරාජ් ප්‍රහාරක යානාවන් ගලවා අධ්‍යයනය කර නිර්මාණය කරපු එක...1990 පමණ වනවිට ඊශ්‍රායලය මේ ගුවන් යානය භාවිතය අත්හැර දැමුවා...
මිග් - 27 කියන්නෙ සෝවියට් සමූහාණ්ඩුව ඇෆ්ගනිස්ථානයේ ගරිල්ලා සටන් වලට මුහුණ දෙනවිට, ගරිල්ලා සටන් බිම් වෙත ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම සඳහා සුවිශේෂිතව 1972 වසරේදී හඳුන්වා දුන් Ground-attack Aircraft එක...1985 පමණ වනවිට රුසියාව මේ යානය භාවිතය අවම කළා...2005 පමණ වෙනතෙක් එය පුහුණු ගුවන් යානයක් ලෙස රුසියාවේ භාවිතයට ගැණුනා...දැන් ඉන්දියන් ගුවන් හමුදාව වගෙ හමුදාවල් කිහිපයක සංචාරක සේවා ( ජෙට් ප්‍රහාරක යානා සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනෙනවා ), සහ පුහුණු, විමර්ශණ කටයුතු සඳහා භාවිතා කරනවා...
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන යුද ටැංකිය වන T-55 යුද ටැංකිය 1950 වසරේදී සෝවියට් රුසියාව ලොවට හඳුන්වා දුන් අවියක්....
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජයදාරී යාත්‍රාව වන "SLNS සයුර" සහ එහිම නිවුන් සොයුරිය වන "SLNS සාගර" දෙකම ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුනු / මිළට ගත් ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රා දෙකක්.. නාවික හමුදාව සතු අනෙක් Offshore Patrol Vessel (OPV) එක වන "SLNS සමුදුර" ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර, පසුව මෙරටට පරිත්‍යාග කෙරුනු යාත්‍රාවක්...
මේ අවි ශ්‍රී ලංකාව ගරිල්ලා යුද භාවිතයෙදි Refit / Upgrade එහෙම කරා තමයි...ඒත් පරණ දේවල් Upgrade කරන්න පුලුවන් සීමාවක් තිබෙනවා....කල්පනා කරලා බලන්න iPhone 3s එකකට iOS 9.3 දාන්න පුළුවන්ද කියලා....
මේ අවි ප්‍රදර්ශණය කරමින් යෑම ආරක්ෂිත බව පෙන්වීමක්ද? අනාරක්ෂිත බව පෙන්වීමක්ද?"
EDIT: අපේක්ෂා කළා වගේම දැන් සමහරු ඇවිල්ල කියයි "ඒ වුණාට ඔය ටිකෙන් නෙ අපි කොටින්ට ගැහුවෙ" කියල.... ඔව්.... ඒකනම් ඉතිං එහෙම තමයි.... නමුත් පුද්ගලික රුචි අරුචිකම් පැත්තල තියල අවංකව සලකා බැලුවොත් කොටි හැදුවා අපිට වඩා අලුතෙන්ම ආයුධ.... කිසිම රටකින් ඍජු ලෙස අවි ආධාර නැතුව හුදෙකලා අභ්‍යන්තර සටනක් කරපු ගරිල්ලා ත්‍රස්තවාදීන් ටිකකට කෙළීම, ලෝකෙ ඉදිරියේ අපේ බලය පෙන්වීමට උදාහරණයක් කරගන්න එපා... හෙට ඉන්දියාවෙන් ලංකාවට යුද්ධ ප්‍රකාශ කළොත් ඔය ආඩම්බරේ කන්න ද?


5 comments:

  1. අද නිදහස් උත්සවේ බලනකොට මටත් කල්පනාවට ආවේ ISIS ලොක්ක හිටන්ට කෝල් කරලා "අයිසේ සිරිසේන මොනාද බන් ඔය ආයුධ" කියල අහාවී කියල.

    ReplyDelete
  2. //අවංකව සලකා බැලුවොත් කොටි හැදුවා අපිට වඩා අලුතෙන්ම ආයුධ//

    මමනම් වසර 30 කට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර යුදබිමේ සේවය කරද්දී දැකලා නැහැ, අපි පාවිච්චි කල ආයුධ වලට වඩා හොඳ, කොටි විසින් නිපදවපු ආයුධ. ඔබට පුලුවන්ද උදාහරණ මගින් පැහැදිළි කරන්න?

    //අද නිදහස් උත්සවේ බලනකොට මටත් කල්පනාවට ආවේ ISIS ලොක්ක හිටන්ට කෝල් කරලා "අයිසේ සිරිසේන මොනාද බන් ඔය ආයුධ" කියල අහාවී කියල//

    ISIS කියන්නේ ලෝකයේ පිළිගත් රාජ්‍ය අති මහත් බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කරන ත්‍රස්තවාදී සංවිධානයක්. එහි නායකයා කිසිදු රාජ්‍ය නායකයකුට දුරකථන ඇමතුම් දෙන්නේ නැහැ. ISIS සංවිධානය ගැන ඔබ කර තිබෙන ඉහත ප්‍රකාශයෙන්, ඔවුන්ට වීරත්වයක් ආරෝපණය කර තිබෙන අතර, අපේ ජනාධිපති ඔවුන්ට වඩා පහළ පෙළේ පුද්ගලයෙකි, යන්න ඉස්මතු කර තිබෙනවා. මේ ප්‍රකාශයෙන් ජාත්‍යන්තර දේශපාලනය සහ අන්තවාදී සන්නද්ධ සංවිධාන පිළිබඳව ඔබේ නොදන්නාකම පැහැදිලි වන අතර ඔබේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා. (අපේ ජනාධිපතිව විවේචණය කලයුත්තේ ඔහුගේ ප්‍රතිපත්තිමය දුර්වලකම් අනුවයි)

    ReplyDelete
    Replies
    1. මම අදහස් කරේ ISIS කාරයන්ට අපිට වඩා හොද ආයුධ තියෙන බව. ඒ වගේම කොටි අඩුම තරමින් කොටි සබ්මැරින් අනුරුවක් හරි හැදුව. අපේ අය හිතන්නෙවත් නැනේ. පකිස්තානෙන් අලුතෙන් ප්‍රහාරක යානා 5ක් ගන්න යනකොට මෙහෙ හරක් කියපුව මතකද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ISIS කියන්නේ, වෙනත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවල සහ, අන්තවාදය අනුමත කරන රටවල ආධාරය ලබන, ත්‍රස්තවාදී සංවිධානයක්. ඔවුන්ට නවීන අවි ආයුධ ඒ රටවලින් ලැබෙනවා. ඔවුන්ගේ සටන් භූමිකාව (role of combat) ලෝකය පුරාම විහිද තිබෙනවා. ඒ නිසා ඔවුන්ට සෑමවිටම අති නවීන ආයුධ සහ තාක්‍ෂණය අවශ්‍යයි. ISIS සංවිධානයට වඩා ඉතා නවීන අවි ආයුධ සහිත රටක නායකයකු, අපේ ජනාධිපතිවරයාට කතාකොට, අපි නිදහස් දවසේ ප්‍රදර්ශනය කරන ආයුධ, නිකම් සෙල්ලම් බඩු නේද කියා අසනු ඇති කියා ඔබ කිව්වානම්, එහි වලංගු බවක් තිබෙනවා. නමුත් ඔබ ආවැඩුවේ (මේ පිලිතුරෙනුත් ආවඩා ඇත්තේ). දරුණු ත්‍රස්තවාදී සංවිධානයකටයි. වරද ඇත්තේ එතැනයි.

      LTTE සංවිධානයේ සටන් භූමිකාව ලංකාවේ උතුරු නැගෙනහිර වැනි සාපේක්ෂ වශයෙන් ඉතා සුළු ප්‍රදේශයට සීමාවූවක්. ඔවුන් සබ්මැරීන් අනුරූ නෙවෙයි තරමක් දුර යාත්‍රා කළහැකි සබ්මැරීන් අත්හදා බලා තිබුනා. නමුත් ඒවා ඔවුන්ගේ සටන් ශක්තියට කිසිදු ආධාරයක් ලෙස වැදගත්වුනේ නැහැ. මන්ද ඒවා ප්‍රභාකරන්ට පැනයන්නට දරන ලද උත්සාහයක් පමණයි. (මගී ප්‍රවාහනය පමණයි. සටන් කරන ඒවා නොවෙයි. ඔබ දන්නවාද ශ්‍රී ලංකා යුද හමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින්, බෝම්බ වලට ඔරොත්තු දෙන බෆල් රථයක් ලංකාවේදී නිපදවා, උතුරු නැගෙනහිර යුද්ධයේදී ඉතා සාර්ථකව පාවිච්චි කල බව? මහත්මයාණනි, ඔබ මීට වඩා ඉතා පුළුල් පරාසයක ඔබේ දැනුම පිහිටුවා නොගත්තොත්, ඔබේ ප්‍රකාශයන් බොහොමයක් අවලංගු ඒවා බවට පත්වෙනවා) ඇත්තටම LTTE සංවිධානය මීට වඩා දේවල් කරන්නත් හැදුවා. නමුත් ඔවුන්ට බැරිවුනා අපේ හමුදා වලට අභියෝග කර ජයගන්නට.

      පාකිස්ථානයෙන් අලුත් ප්‍රහාරක යානා මිළදී ගැනීමත්, ඔබ LTTE සංවිධානය ගැන කරන ලද ප්‍රකාශයත්, අතර සම්බන්ධය කුමක්ද?

      Delete