Thursday, February 4, 2016

ඇයි රැවටෙන්නේ..?

ජාතික ගීය දෙමලෙන් කිව්වට අපි විරුද්දයි. කිව්වට අපි පක්ෂයි. ඔය ඔක්කොටම කලින් කියන්න ඇයි අපි දෙමළෙනුත් කිය යුත්තේ? දෙමලෙන් නොකිව්වයි කියල මොන මනුස්සයද තරහ වෙන්නේ? කොයි දෙමල ජාතිකයද " ශ්‍රී ලංකා මාතා" නොදන්නේ?

මෙතුවක් කාලෙකට දෙමලෙන් ජාතික ගීය තිබ්බ. එක්දාස් බර ගණන් වල අපි කිව්වා, ඉතින්? ආයේ කියන්න ඕනේ ඇයි?

රටේ ඒකීයභාවය නැති වෙනවා නම් දෙමලෙන් ජාතික ගීය නොකිව්වම මොකක්ද මේ රටේ ඒකීයභාවය? නැත්නම් සමගිය?

ඔය ගීත, කොඩි හැම දේම තියෙන්නේ මිනිස්සු එකමුතුව තියා ගන්න. ඒකයි ඒවා එකක් තිබිය යුත්තේ. ඒවා දෙකක් උනාම එතනත් ප්‍රශ්න නේද?
මෙතුවක් කාලෙකට නොතිබ්බ ප්‍රශ්න ඇයි දැන්? හිටං ආපුම ගමන් මොන එහෙකටද හැමෝටම අමතක වෙලා තිබ්බ දෙමළ ජාතික ගීයක් ගෙනාවේ? ඒ මනුස්සයට අපි බලය දුන්නේ ජාතික ගීයක් ප්‍රධාන මාර්තුකාව කරන්නද? කොහෙවත් තිබ්බේ නැති දේවල් එලියට දාල තිබ්බ දේවල් යට ගහල මෙයාල මොනවද කරන්නේ?

No comments:

Post a Comment