Tuesday, February 9, 2016

ලිංගාශ්‍රිත රෝග

ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී බෝවීමේ හැකියාව ඇති රෝගයන්ය. මෙහිදී බහුලව ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted infection – STI) යන වචනය භාවිතා කෙරුනද ඒ සඳහා පුළුල් තේරුමක් ඇත. මෙහිදී පුද්ගලයෙකු ආසාදනය වී ඇති අතර ඔහුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමකදී, ආසාදිත රෝගියෙකු භාවිත‍ා කරන ලද ඉදි කටු මගින්, දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැකිය. ලිංගාශ්‍රිත රෝග වසර සියගණනක් තිස්සේ ඉතිහාසය තුළ පැවත ඇත.
ලිංගික රෝගවල ව්‍යාධි විද්‍යාව
බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්‍රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල (mucous Membranes) සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා ඉඩ ප්‍රස්තා ලබාදෙන බැවිණි.
මෙලෙස බොහෝ රෝග තත්ත්වයන් ලිංගික නොවන ස්පර්ශයන් වැනි (සිපගැනීම, ස්පර්ශය අතට අත දීම) වෙනත් ක්‍රමවලට වඩා ලිංගික ක්‍රියාකාරකම්වලින් බෝවීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තිබීමට එය එක් හේතුවකි. ස්‍රාවී ද්‍රව්‍යයන් නිකුත් කරන ආස්තරණ පටල ලිංගික අවයවවල මෙන්ම මුඛයෙහි ද පිහිටා ඇති බැවින් බොහෝ ලිංගික රෝග තදින් සිපගැනීමකට වඩා මුඛයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී වඩා පහසුවෙන් ව්‍යාප්ත වේ. දක්වා ඇති වගුවට අනුව මුඛ මාර්ගයෙන් ලිංගික අවයවවලට හෝ, ලිංගික අවයවවලින් මුඛයට පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් වෙනත් පුද්ගලයෙකුගේ මුඛය වෙතට බෝවීම දුෂ්කර කාර්යයකි. එච්.අයි.වී. වෛරස මගින් ආසාදිත ලිංගික ස්‍රාවයන්වල ඛේටයට වඩා වැඩි ප්‍රමාණයකින් ව්‍යාධිසන්නකයින් අන්තර්ගත වේ. ඇතැම් ලිංගික රෝග සම හා සෘජුව ස්පර්ශ වීමෙන් බෝවිය හැකිය. හර්ප්ලෙක්ස් හා HPV මේ සඳහා උදාහරණ වෙයි. KSHV තදින් සිපගැනීමකදී සහ සම ලිංගික පිරිමින් ගුද මාර්ගයෙන් සිදු කරන ලිංගික එක්වීම්වල දී ලිහිසි ද්‍රව්‍යයක් ලෙසට ඛේටය භාවිතා කරන අවස්ථාවලදී බෝවීම සිදු වේ.
එක් එක් ලිංගික රෝග අනුව අදාල ආසාදිත පුද්ගලයාට රෝග ලක්ෂණ නොමැති වුවද ඔහුට තවදුරටත් අන්‍යයන් හට රෝගය බෝ කලහැක. HIV / AIDS රෝගියෙකු රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාවන්හිදී ඔහුට රෝගය බෝ කිරීමට පහසුවෙන් පිළිවන.
කිසියම් පුද්ගලයෙකුගේ සිරුරෙන් නිකුත් කරන ස්‍රාවයන් හා ස්පර්ශයක් ඇති කරනු ලබන සියළුම ලිංගික ක්‍රියාකාරකම්වලදී ලිංගික රෝග ඇතිවීම සඳහා අවධානමක් ඇතැයි සැළකේ. මෙහිදී බොහෝ විට අවධානයයොමු වී ඇත්තේ HIV / AIDS රෝගය පාලනය කිරීම සඳහාය.
ලිංගිකව බෝවන රෝග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වේ. බැක්ටීරියා, දීලිර, ප්‍රොටොසෝවාවන් හා වෛරස මෙම රෝග කාරක ද්‍රව්‍යයන් වේ. ලිංගික රෝගයක් ඇති පුද්ගලයෙකුගෙන් මිස තවත් අයෙකුට එවන් රෝගයක් වැළඳිය නොහැක. වෙනත් ආකාරයකට පැවසුවහොත් ලිංගික රෝගයක් සහිත පුද්ගලයෙකුට එය උරුම වී ඇත්තේ තවත් එවන්ම වූ පුද්ගල‍යෙකුගේ දේහ ස්‍රාවයන් මගිනි. HIV වැනි ඇතැම් ලිංගික රෝග ගර්භණී සමයේදී හා මවුකිරී දිමේදී මවගෙන් දරුව‍ාට ගමන් කළ හැකිය.
විවිධාකාර වූ ක්‍රියාකාරකම්වලින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලින් විවිධ ලිංගික රෝග ව්‍යාප්ත වීම විවිධාකාර වුවද පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සියළුම ලිංගික ක්‍රියාකාරකම් පොදුවේ ගත් කළ ලිංගික රෝග බෝවීම දෙපසටම ක්‍රියාකාරී වන මාර්ගයක් ලෙසට හැදින්වේ. උදා - “රෝගය ලබාදෙන්නා” හා “රෝගය ලබාගන්නා” යන දෙපිරිසම අවධානම් තත්ත්වයකට මුහුණ පාති.
සෞඛ්‍ය වෘත්තිකයන් කොන්ඩම් භාවිතා කිරීම වැනි ආරක්ෂිත ලිංගික එක්වීම් ක්‍රම භාවිතා කිරීම මගින් ලිංගික රෝග ඇතිවීමේ අවධානම අවම කල හැකි බවට යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් ආරක්ෂිත ලිංගික එක්වීම්වලින් සියයට සියයක්ම ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට හැකියාව නොමැත. දේහ තරල මගින් , රුධිර පාරවිලනය මගින්, එන්නත් කටු හවුලේ භාවිතා කිරීම මගින්, එන්නත් කටු ඇනීම මගින් (වෛද්‍ය පරීක්ෂණවලදී රෝහල් කාර්යය මණ්ඩලය මෙකී අනතුරු වලට භාජනය වේ.)පච්චා කෙටීම් සදහා භාවිතා කරන ඉදිකටු හවුලේ භාවිතා කිරීම මගින් හා දරු ප්‍රසූතියේදී ලිංගික රෝග බෝවීමේ අවස්ථාවන් ඇත. වෛද්‍යවරුන්, හිමෝෆීලියා රෝගීන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් මෙලෙස අවධානමට ලක් වූ පිරිස් ලෙසට වර්ගීකරණය කර ඇත.
නූතනයේදී සිදු කරනු ලැබූ වසංගතවේදය පිළිබඳව වූ අධ්‍යයනවලින් පුද්ගලයන් අතර පවත්නා ලිංගික සම්බන්ධතා ජාලයක් පිළිබඳව හදාරා ඇත. මෙලෙස වූ ලිංගික සබඳතා ජාලයන් එම රෝග බෝ කිරීම සඳහා තීරණාත්මක වේ. මෙලෙස ලිංගික සහකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ජාලයක් මගින් එම රෝග බෝ කිරීම සඳහා වැඩි අවදානමක් ඇත.
ලිංගිකව බෝවන රෝගයක් සහිත ප්‍රද්ගලයෙකුට රෝග ලක්ෂණ නොමැති වාහකයකු ලෙසට රෝගය බෝකිරීමේ හැකියාව ඇත. ලිංගික රෝගයක් සහිත කාන්තාවකට ඇයගේ ශ්‍රෝණි ප්‍රදේශය (උකුළු ප්‍රදේශය) ආසාදනයට පත්වීමෙන් ඇති වන භයානක තත්ත්වය උදාවිය හැකිය. (Pelvic inflammatory disease)
වළක්වා ගැනීම
ලිංගික රෝග ‍බෝවීම වැළැක්වීම සදහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි අන්දමට ආසාදිත තරලය ස්පර්ශය ඇති නොවීමට වග බලා ගැනීමයි. මෙහිදී ආසාදිත සහකරුවෙකු සමග ලිංගික ක්‍රියාකාරකමක් ඇතිවීම අත්‍යාවශ්‍යම නොවේ. එලෙස ස්පර්ශයක් නොමැතිවීම මගින් අවධානමක් ඇතිවීම වළක්වාගත හැකිය. සියළුම ලිංගික චර්යාවන්වලදී ස්පර්ශය සිදුවීම අත්‍යාවශ්‍ය නොවේ. අන්තර්ජාලය , දුරකථන මාර්ග මගින් සිදු කරන ලිංගික චර්යාවලදී , ස්වයං වින්දනය සිදු කිරීමේදී හා ලිංගික එක්වීමක් සිදුනොවන අවස්ථාවන්හිදී මෙලෙස ස්පර්ශවීමක් සිදුනොවේ. ලිංගික එක්වීමකට පෙර දී හෝ තම සහකරු වෙනත් පුද්ගලයින් සමග සබදතා පවත්වා ඇති නම් හෝ සහකරුවන් ‍දෙදෙනාම තමාට ලිංගික රෝගයක් ඇති දැයි පරීක්ෂා කරවා ගත යුතුවේ. නමුත් එසේ කළ ද HPV වැනි ඇතැම් වෛරස නූතන වෛද්‍ය උපක්‍රම මගින් හදුනා‍ගත නොහැක්කේ එම රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වන බැවිණි. HIV හා හර්පීස් යන රෝග සුව කළ නොහැකි බැවින් ඒවා බෝවීමෙන් වැළකීම ප්‍රධාන ඉලක්කය වී ඇත. බොහොමයක් ලිංගික රෝග සිරුර තුළ පූර්ණ කාලීනවම ඇතිවී ප්‍රති ශක්තිකරණ පද්ධතියට හානි කරන බැවින් වෙනත් රෝග පහසුවෙන් බෝවීමේ හැකියාව ලැබී ඇත.
හෙපටයිටිස් B හා ඇතැම් HPV ආසාදන වළක්වා ගැනීම සදහා එන්නත් නිෂ්පාදනය කර ඇත. උපරිම ආරක්ෂාවක් තහවුරු කිරීම සදහා ලිංගික එක් වීමක් සිදු කිරීමට ප්‍රථම මෙම එන්නත් වර්ග ලබා ගැනීම නිර්දේශ කෙරේ.
දේහ ගත වූ HIV වෛරස සංඛ්‍යාව ඉතා කුඩා නම් සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියට HIV රෝගය ඇතිවීම පාලනය කළ හැකිය. නමුත් වෛරස සංඛ්‍යාව ඉහළ නම් හෝ වෙනත් වෛරස වර්ග ද සිරුරට ඇතුළත්ව ඇති නම් HIV රෝගය ඇති වේ. ඇතැම් වෛරස මගින් ඇති කරන ලිංගික රෝග මගින් HIV මගින් ආසාදනයට ලක් වූ රෝගීන් මරණයට පත් වීම සීඝ්‍ර කළ හැකිය.
කොන්ඩම්
කොන්ඩම් මගින් ආරක්ෂාවක් ලබාදෙනුයේ ඒවා අදාල ප්‍රදේශය නිසි පරිදි ආවරණය වන පරිදි බාධකයක් ලෙසට භාවිතා කළහොත් පමණි. නමුත් ආවරණය නොවූ ප්‍ර‍ෙද්ශ තව දුරටත් ලිංගික රෝවලට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතී. නමුත් HIV රෝගය ගත් කළ එම වෛරසයට තුවාල නොවූ සම හරහා ගමන් කළ නොහැකි නිසා ව්‍යාප්තිය සිදු වනුයේ ශිෂ්ණය මාර්ගයෙනි. නිසි පරිදි ආවරණය වනසේ කොන්ඩමයක් භාවිතා කිරීම මගින් යෝනි මාර්ගයක් හෝ ගුද මාර්ගයක් භාවිතා කරමින් ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී HIVබෝවීම ඵලදායී ලෙස නවතාගත හැකිය. තුවාල වූ සම මතුපිටට ආසාදිත තරලය ස්පර්ශවීමෙන් HIV රෝගය ඇතිවීම “ලිංගික ක්‍රියාකාරකම් මගින්” රෝගය බෝවීමක් ලෙසට හදුන්වනු නොලැ‍බේ. නමුත් ලිංගික ක්‍රියාකාරකම්වලදී වුවද මෙය සිදුවිය හැකි බැවින් විවෘත , ලේ ගලන තුවාල ඇති අවස්ථාවලදී ලිංගික එක් වීම් සිදු නොකිරීමෙන් ඒවා වළක්වාගත හැකිය. වෙනත් වෛරස මගින් බෝවන ලිංගික රෝග ද ලේටෙක්ස් කොන්ඩමයක් භාවිතා කිරීම මගින් වළක්වාගත හැකිය. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස ඉතා කුඩා බැවින් ඒවාට ස්වාභාවික කොන්ඩමයක ඇති සිදුරු හරහා ඇතුළු විය හැකිය. නමුත් ලේටෙක්ස් කොන්ඩමයක් හරහා ඇතුළුවීමට ඒවාට නුපුළුවන.
නිසි පරිදි භාවිතා කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අන්දමට කොන්ඩම් වර්ග නිර්මාණය කර , නිෂ්පාදනය කරමින් අත්හදා බලා ඇත. නිසි පරිදි නිර්මාණය නොකළ කොන්ඩම්වලින් එකදු HIV රෝග ව්‍යාප්තියක්වත් වාර්ථා වී නොමැත. කෙසේ වුව ද දකුණු අප්‍රිකාවේ සිදු වූවාක් මෙන් කොන්ඩම අවලංගු කළ අවස්ථාවන් ද පවතී.
කොන්ඩම් නිසි පරිදි භාවිතා කිරීමේදී‍
කොන්ඩමයේ අග කොටස ඉතා තදින් ඇදී පවතින ආකාරයට පැළදීම නොකළ යුතුය. ශුක්‍ර මෝචනය සිදුවීම සදහා 1.5 cm (අගල් ¾) ක ප්‍රමාණයක් ඉඩ තබා පැළදිය යුතුය. නිසි පරිදි කොන්ඩමය නොපැළදීමෙන් එය අසාර්ථක විය හැකිය.
කොන්ඩමය බුරුලට පිහිටන පරිදි පැළදීමෙන් ද නිසි පරිදි එහි ක්‍රියාකාරීත්වය ලබාගත නොහැක.
කොන්ඩමය තුළට ශුක්‍ර මෝචනය සිදුවුවත් නැතත් ඉතා කුඩා අවස්ථාවකට පවා එය නැවත පරිහරණයේදී එය කනපිට හරවා භාවිතා කිරීම නොකළ යුතුය.
HIV වලට එරෙහිව ආරක්ෂාවක් ලබා නොදෙන නිසා ලේටෙක්ස් හෝ පොලියුරතේන් වලින් විනා වෙනත් ද්‍රව්‍යවලින් සාදනු ලැබූ කොන්ඩම් භාවිතා නොකළ යුතුය.
තෙල් වර්ග හෝ එවන් ද්‍රව්‍යවලින් සෑදූ ලිහිසි ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය. ඒවා මගන් කොන්ඩමයේ ඇති සිදුරු විනාශ කරයි.
මුඛ මගින් සිදු කරන ලිංගික ක්‍රියාකාරකම්වලට පමණක් රසකාරක යෙදූ කොන්ඩම් භාවිතා කිරීම. එසේ නොමැතිව භාවිතා කළ හොත් එහි ඇති සීනි මගින් දිලීර ආසාදන ඇතිවිය හැකිය.
ඉහතින් මුලින්ම සදහන් කරන ලද උපදෙස් පහ නිසි පරිදි ක්‍රියාවට නොනැංවීම මගින් ඇතිවන අපහසුකාර තත්වයන් නිසා ඒවා නිසි ලෙස නිර්මාණය කර පරීක්ෂණවලට බදුන් කර නොමැතිය, යන මිත්‍යා මත මිනිසුන් තුළ ඇති වේ. අදාල පුද්ගලයා සහ සහකරුවා ලිංගික රෝගවලින් ආරක්ෂාවීම පිණිස වරක් භාවිතා කරන ලද පැරණි කොන්ඩම් වර්ග හා ඒවායේ අන්තර්ගතයන් තවදුරටත් ආසාදිත තත්වයේ පවතින බව අවබෝධ කරගත යුතුවේ. එබැවින් පැරණි කොන්ඩම් නිසි පරිදි බැහැර කර යුතුවේ.අළුතින් භාවිතා කරන කොන්ඩමයක් එක් ලිංගික සංසර්ගයකදී පමණක් භාවිතා කළ යුතුවන අතර කිහිපවතාවක්ම භාවිතා කිරීම මගින් ඒවා සිදුරු වීම මගින් බාධකයක් ලෙස ක්‍රියාකාරීවීමේ ගුණාංගය නොමැති වී යයි. මෙලෙස වීමෙන් රෝග බෝවීමේ සම්භාවිතාවය ඉහළ යයි.

ලිපිය 
Sithum Fernandez

..වෙනස..

ඒ 2006 අගෝස්තු මස 7 වෙනිදා ය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර දැවී ගියේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් වන අතර ඉන් පසුව එළඹියේ අනුග්‍රාහකයන් සඳහා වූ කෙටි විරාමයකි. එම විරාමය අතරතුරදී තරඟයේ විස්තර විචාරකයෙකු වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ මුවින් පිටවූවේ මෙවන් වදනකි. "ත්‍රස්තවාදියා ආයෙත් කඩුල්ලක් ගත්තා" (The terrorist has got another wicket). ඔහු 'ත්‍රස්තවාදියා' ලෙස හැඳින්වූවේ ඉස්ලාම් භක්තිකයෙකු වන හෂීම් අම්ලාවය.
විරාමයක් තුලදී කියැවුණත් ජෝන්ස්ගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් දකුණු අප්‍රිකානු තරඟ විකාශය ඔස්සේ එරට නරඹන්නන්ට අසන්නට ලැබුණි. ඉන්පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ ඩීන් ජෝන්ස්ගේ Ten Sports ආයතනය හා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසිකිරීමට එම බලධාරීන් තීරණය කළ අතර තරඟාවලිය අතරමැදදීම ජෝන්ස්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදු විය. බලධාරීන් පවසා සිටියේ ජෝන්ස් එම ප්‍රකාශය සිදු කළේ විරාමයක් අතරතුරදී වුවත් තම ආයතනය හා ගිවිසුමක් ඇති පුදගලයෙකු අතින් එවන් ජාතිවාදී වැකියක් කියැවීම තමන්ට අනුමත කළ නොහැකි බවයි.
ඔස්ට්‍රේලියාව බලා යාමට පෙර මාධ්‍යවේදීන් හා අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් එම ප්‍රකාශය තමන් අතින් සිදුවීම පිලිබඳ ඉතාම කණගාටුවන බව පැවසුවේය. ඉස්ලාම් දහමට හෝ හෂීම් අම්ලාට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් තරඟාවලිය අවසන්වූ වහාම හෂීම් අම්ලා මුහුණට මුහුණ මුණ ගැසී ඔහුගෙන් සමාව ගැනීමට බලාපොරොත්තු වන බවත් ජෝන්ස් කියා සිටියේය.
'පර සුද්දෙකු' වූ ඩීන් ජෝන්ස්ගේ කතාව මොහොතකට පසෙකින් තබා අපි දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. 60 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.
වැඩසටහනක් අතරතුර කිව යුත්තේ මොනවාද නොකිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ අබමල් රේණුවක තරම්වත් මොළේ කලඳක් තමන්ට නැතැයි මුළු රටටම පෙන්වූ මේ නිවේදකයාගේ නිර්ලජ්ජිත අපහාසයට එරෙහිව මේ රටේ සිටින හැට හුට හමාරක් කලා සංගම්වලින් අඩුම ගානේ මාධ්‍ය නිවේදනයක්වත් නිකුත් කෙරුණේ නැති බව කියන්නේ කණගාටුවෙනි. ගීතයක් පිලිබඳ විවේචනය කිරීම හා එයට පුද්ගලිකත්වය ඈඳා ගනිමින් අපහාස කිරීම යනු දෙකක් බව මේ මහා 'මාධ්‍යවේදීන්' දන්නේම නැත. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.
තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.
මේ අප රටේ බහුතරයක් 'මාධ්‍යවේදීන්ගේ' හා මාධ්‍ය ආයතනවල සැබෑ ස්වරූපයයි. ඔවුන් දන්නා දෙයක් නැත. එහෙත් කිසිවක් නොදන්නා බව ඔවුන් පවසන්නේ 'ආඩම්බරයෙනි'. අදාළ වැඩසටහනට පෙර සංඛ අමරජිත්ට කතා කිරීමට යන කාරණය පිලිබඳ අමතර තොරතුරු සොයා බැලීමටවත් වෙලාවක්තිබූ බවක් නොපෙනේ.
ප්‍රසිද්ධ වීමට ඇත්නම් මාධ්‍යවේදියෙකු සතුවිය යුතු සදාචාරය හා සමාජ වගකීම බල්ලාට දමන මොවුන්ට ඔපෙරා ශෛලියෙන් පැරණි ගීයක් ගායනා කළ ගායිකාවකට එරෙහිව ගඩොල් බාග අමෝරා ගන්නට ඇති පදම් වෙලාව තිබුණද මේ වන විට පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් දැක්වූ දක්ෂතා අගය කිරීමට කාලයක් වෙන් කර ගත නොහැක. හරිනම් ගඩොල් බාග එල්ල විය යුත්තේ මෙවන් ඔලමොට්ටලයන්ටය.

ලිපිය 
Methmalie Dissanayake

Monday, February 8, 2016

ලොව වේගවත්ම කාරය


ඇමරිකන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ හෙනසි (Hennessey) තමයි, මේ විස්මිත කාරය තනා තියෙන්නේ. ඒ කාරය හැඳින්වෙන්නේ වෙනම් ජීටී (Venom GT) කියායි. රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ලබා ගත් රිය මෙය බව පසුගිය දා ධාවනයෙන් ඔප්පු කළා.
ඒ වන විට ලෝකයේ උපරිම වේගයෙන් ධාවනය කළ රිය ලෙස වාර්තා වී තිබුණේ බුගාටි වේරන් (Bugatti Veyron) සුපර් ස්පෝට්ස් කාරයයි. ඒ වේගය පැ.හැ. 269ක්. ඒ වේගය වාර්තා වූයේ වෝක්ස්වාගන් සමාගමට අයත් පරීක්ෂණ ධාවන පථයෙදියි.
‘වෙනම් ජීටී’ මෝටර් රථය තමයි, රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ඇති රිය වශයෙන් ලෝක වාර්තාවක් පිහිටෙව්වේ. මෙය ඇමරිකාවේ ටෙක්සාස්හී හෙනසි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාණයක්.
දැන් වෙනම් ජීටී රියේ නිෂ්පාදකයාට අවසර දීල තියෙනවා, නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ තිරිංග අශ්ව බල 1200යේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නට. 
වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්. මෙහි දී අප සැලකිල්ලට ගන්න ඕනෑ, ෆෝමියුලා - 1 මෝටර් රථයක සාමාන්‍ය උපරිම ධාවන වේගය පැ.හැ. 200ක් බව.
එහිදී වෙනම් ජීටී රිය වාර්තා කළ උපරිම වේගය ඒ වන විට 2010 දී බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය තබා තිබූ උපරිම වේගය වූ පැ.හැ. 269.86ට වඩා ඉතා සුළු වැඩිවීමක් විතරයි.
මේ බව ‘ටොප්ගියර්’ (TopGear.com) වෙබ් අඩවියට ප‍්‍රකාශ කරද්දී එය ධාවනය කළ පරීක්ෂණ නියමු බ‍්‍රයන් ස්මිත් කියා තිබුණේ එය අවශ්‍ය නම් තවත් වැඩි වේගයෙන් ධාවනය කිරීමට හැකියාව තිබූ බවයි. ”අපේ ධාවන පථය අවසාන වන විට අප පැ.හැ. 270 වේගයකින් යන බව දැක්කා. ඒ ධාවන පථයේ දිග සැතැපුම් 3.22ක් විතරයි. ඒ නිසා ඊට වැඩි වේගයකට යන්න අවස්ථාවක් තිබුණේ නෑ.” ඔහු පවසනවා.
බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් කාරය වෝක්ස්වාගන් සමාගමට අයත් ඒරා-ලෙසියන් පරීක්ෂණ ධාවන පථය එහි පරීක්ෂණ ධාවන සඳහා යොදා ගන්නවා. ඒ ධාවන පථය සැතැපුම් 5.5ක් දිග තනි කෙළින් ඇති එකක්.
වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට එක්සත් රාජධානියේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඇමරිකාවේ මෙන් තුන් ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ.
නාසා ආයතනය අවසර දුන්නේ එක් වරක් ධාවනය කිරීමට විතරක් නිසා වසරේත් ගිනස් වාර්තා පොතේ වැඩිම වේගය ලෙස වේරන් සුපර් ස්පෝට්ස් රිය තබා ඇති වාර්තාව තමා නිල වාර්තාව ලෙස රැඳී තියෙන්නේ.

මේ වෙනම් ජීටී නිෂ්පාදකයාට අවසර දීල තියෙන්නේ නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නටයි.
හෙනසි වෙනම් ජීටී (VENOM GT) කාරයක වටිනාකම පවුම් ලක්ෂ අටක්. බලය සපයන්නේ ද්විත්ව ටර්බෝ ආරෝපිත ලීටර් 7 වී 8 ඇජිමකින්. තිරිංග අශ්ව බල 1244ක ධාවන ශක්තියක් මේ රථයට ජනනය කළ හැකියි.
මේ රිය පරීක්ෂණයේ දී තත්පර 2.7ක් ඇතුළත පැ.හැ. 62කක වේගයකට නැග්ගා. ෆ්ලොරිඩා ධාවන පථයේ දී පැ.හැ. 20 සිට පැ.හැ. 120 දක්වා වේගය වැඩි කරන්න ගත වුණේ තත්පර 7.71ක් විතරයි.
මේ වෙනම් ජීටී රිය 2011 දී මුලින් ම වෙළඳ පොළට ආවේ. මෝටර් රථ ධාවකයන් එහි ධාවනය ගැන විශාල වශයෙන් පැහැදිලයි ඉන්නෙ. එංගලන්තයට මේ රිය ආවේ 2013දියි.

මේ වෙනම් ජීටී රිය, සැතැපුම් 3.22ක් දිගු ෆ්ලොරිඩා ධාවන පථයේ පැදවූ බ‍්‍රයන් ස්මිත් නියමුවා කියන්නේ ධාවන පථය තවත් ටිකක් දික් වූවා නම් තවත් වැඩි වේගයකට යා හැකි බවයි.

වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්.

2010 දී මේ බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය පැ.හැ. 269.86ක් වූ උපරිම වේගයක් ලබමින් තැබූ ලෝක වාර්තාව තාමත් නිල වාර්තාව ලෙස පවතිනවා.

වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට ලෝකයේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් ම දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ.
ලෝකයේ වැඩිම වේගවත් රිය දහය
1. හෙනසි වෙනම් ජීටී - පැ. සැ. 270 (පැ. කී.මී. 434)
2. බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් - පැ. සැ. 269 (පැ. කී.මී. 431)
3. කොනිග්සෙග් අගෙරා ආර් - පැ. සැ. 260 (පැ. කී.මී. 418)
4. එස්එස්සී අල්ටිමේට් ඒරෝ හා 9එෆ්එෆ් ජීටී9- ආර් රිය දෙකම - පැ. සැ. 257 (පැ. කී.මී. 413)
5. සැලීන් එස්7 ට්වින්-ටර්බෝ - පැ. සැ. 248 (පැ. කී.මී. 399)
6. කොනිග්සෙග් සීසීඑක්ස් - පැ. සැ. 245 (පැ. කී.මී. 394)
7. මැක්ලරන් එෆ් 1 - පැ. සැ. 240 (පැ. කී.මී. 386)
8. සෙන්වෝ එස්ටී 1 - පැ. සැ. 233 (පැ. කී.මී. 374)
9. පාගානි හුවායිරා - පැ. සැ. 230 (පැ. කී.මී. 370)
10 ගුම්පර්ට් අපොලෝ හා නෝබල් එම්600 රිය දෙකම - පැ. සැ. 225 (පැ. කී.මී. 362)

ලිපිය 
කවිඳු පතිරණ

ඔබ දන්නවද ඉංගිරිසි ජාතික Major- Rogers ගැන?


ඔහු තමයි 1834-1845 කාලයේ බදුල්ල සහකාර දිසාපති හා දිස්ත්‍රික්කයේ විනිසුරු වරයා ලෙසට කටයුතු කරේ. ඔහු ලංකා රයිෆල් බලකායට අයත් රේජිමෙන්තුවේ සේවය කරේ. ඔහු අලි ඇතුන් පිපාසිකයෙක් (Elephant Hunter) ඔහු විසින් මරපු අලි ඇතුන් ගණන 1600 ඉක්මවයි.

ඔහු මරුනේ පුදුම විදිහකටයි. ඔහු විසින් අමානුෂික ලෙස අලි ඇතුන් ගාතනය කරන එක ඉවසගන්න බැරි තැන එක්තරා ස්වාමින් වහන්සේ නමක් ඔහුට ශාප කරා. ඒ ශාපයේ ප්‍රතිපලයක් ලෙසට 1845 ජුනි මාසේ 7 වෙනි දා හපුතලේදී අකුණු හෙනයක් ගහලා ඔහු මරුමුවට පත් උනා. ඒ මැරෙන මොහොතේ වෙනකන් ඔහු ළඟ (ගජ මුතු ජෝඩු 62) තිබුනි. පුදුමේ කියන්නේ ඔහුගේ මිනි වලටත් 7 වතාවක් හෙන ගහපු එකනේ.

ලිපිය 
Priyantha Amarasinghe




~සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න~


කඩදාසි කොළයක්‌ අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් මැදින් දෙකට නමන්න. එය නැවතත් නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්‌හය වතාවක්‌ දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක්‌ තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක්‌ ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක්‌ නොවේ. එවැනි කඩදාසියක්‌ ගෙන එය පනස්‌ හය වතාවක්‌ දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්‌ටියේ ඝනකම පොළවේ සිට හ`දට ඇති දුරට සමාන වනු ඇත. ඔබට ඇදහිය නොහැකි මේ අගය ඝනනය කරන ලද්දේ සෝවියට්‌ ගණිතඥ වයි. පෙරල්මාන් විසිනි. අධි වේගයෙන් ඔබ ලක්‌ෂපතියකු කරන බව කියන කූට ජාවාරමක ප්‍රොaඩාව ගණිතමය වශයෙන් වටහාගැනීම ස`දහා ඔබ මේ උදාහරණය සිත්හි තබාගෙන මේ ලිපිය කියවනු මනාය.
----------------------
අරුම පුදුම සල්ලි මැසිම
උත්සාහය තිබේ නම් ඉතා ලේසියෙන් සතියකට ලක්‌ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන අරුම පුදුම ව්‍යාපාර කීපයක්‌ කලක සිට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. මේ ගැන දීර්ඝ හැ`දින්වීමක්‌ නොකළ යුතු තරමටම අද මේ ජාවාරම් රටේ ප්‍රචලිතය. පිරමිඩ ක්‍රමයට අනුව සෝලා පැනල් අලෙවි කිරීම මේ අතරින් වඩා ප්‍රසිද්ධම හා බලවත්ම ජාවාරමකි. එය සිදුකරනු ලබන්නේ අගනුවර පිහිටා ඇති එක්‌තරා සමාගමක්‌ මගිනි. මේ සමාගම මගින් අලෙවි කරන තවත් විවිධ භාණ්‌ඩ, සේවා මෙන්ම මේ හා සමාන ජාවාරම්වල නිරත වෙනත් සමාගම්ද මේ රට තුළ ක්‍රියාත්මක වන අතර, අද වනවිට ඉන් වඩාත්ම ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමය. මේ මගඩිය පිළිබ`ද කලක සිට විවිධ මාධ්‍ය ඔස්‌සේද හෙළිදරව් කර ඇති අතර, මෙවන් ජාවාරම්වල ස්‌වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබේ. එසේ වුවද නීතිය හිල්වලින් රිංගා යමින් මේ ජාවාරම තවමත් මහ දවාලේ ක්‍රියාත්මක වෙයි.
මේ ලිපියේ අරමුණ වන්නේ මෙවන් ව්‍යාපාර ගැන දැනටමත් බොහෝ දෙනා දන්නා කරුනු නැවතත් විස්‌තර කිරීම නොවේ. ඒ වෙනුවට මෙහි අරමුණ වන්නේ මේ ව්‍යාපාර ප්‍රොaඩාවක්‌ වන්නේ කෙසේද යන්න ගණිතමය වශයෙන් පැහැදිලි කරදීමය. එය ඉතා සරල ගණිතමය කාරණයක්‌ වුවද බොහෝ දෙනා ඒ ගැන කල්පනා නොකිරීම මේ ජාවාරම්වලට හසු වීමට ප්‍රධාන හේතුවකි. එහෙයින් ඔබ මේ පිරමිඩකරුවන්ගේ සුරංගනා කතාවලට නොරැවටී සිටීමට අදාල වැදගත්ම තුරුම්පුව වන්නේ මේ සරල ගණිතය කුමක්‌දැයි වටහා ගැනීමය.
-------------------
ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය
විවිධාකාර පිරමිඩ ව්‍යාපාර අතරින් වඩා ප්‍රචලිතම එකක්‌ වූ සෝලා පැනල් ජාවාරම මුල් කරගනිමින් මේ කාරණය පැහැදිලි කරගනිමු. මේ ඊනියා ව්‍යාපාරයට සම්බන්ධ වන ඔබ මුලින්ම කළ යුත්තේ රුපියල් හැටඑක්‌දාස්‌ හත්සීයක්‌ (ඉතා මෑතකදී මේ මිල තවත් ඉහල දමා තිබේ.) ගෙවා සෝලා පැනල් කට්‌ටලය මිලදී ගැනීමය. එහෙත් මෙහි සැබෑ වෙළ`දපල වටිනාකම රුපියල් දසදහසක්‌ පමණ වන අතර මේ උපකරණයේ ප්‍රායෝගික වටිනාකම නොගිණිය හැකි තරම්ය. ඒ මන්දයත් ආලෝකය ඉතා අඩු විදුලි බල්බ හතරක්‌ දැල්වීම ස`දහා පමණක්‌ ප්‍රමාණවත් වන මේ උපකරණයෙන් නිවසක විදුලි බිල අඩු කිරීම ස`දහා කිසිදු ප්‍රමාණවත් බලපෑමක්‌ කළ නොහැකි බැවිනි.
ඒ අනුව පළමුව ඔබ මේ බලු නොවටිනා උපකරණය රුපියල් හැටඑක්‌දහස්‌ හත්සීයක්‌ ගෙවා මිලදී ගත යුතුය. ඊළ`ගට ඔබ කළ යුත්තේ ඔබේ තවත් හිතවතුන් දෙදෙනෙකුට මේ උපකරණ අලෙවි කිරීමය. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට මෙය අලෙවි කළ යුතුවෙයි. මේ ආකාරයට අලුතින් මේ ජාවාරමට ඈදෙන සෑම පුද්ගලයෙක්‌ම අවම වශයෙන් නව සාමාජිකයන් දෙදෙනෙකු ඊට ඈදා ගත යුතුය. ඒ අනුව මෙය දෙකේ ගුණාකාරවලින් වැඩිවෙමින් පිරමිඩාකාරව පහතට විහිදෙන අලෙවි ජාලයකි. (රූප සටහන බලන්න) ඊට සම්බන්ධ වී කඩිනමින් පෝසත් වන්නට බලාපොරොත්තු වන අයෙකු= කළ යුතු වන්නේ දෙකේ ගුණාකාර ඔස්‌සේ තමාගෙන් පහතට විහිදෙන මේ ජාලය හැකිතාක්‌ විශාල කිරීමය. හැකි තාක්‌ අලුත් සාමාජිකයන් ජාලයට එකතු කරගැනීමය. එවිට අලුතින් අලෙවිවන සෑම සෝලා පැනල් කට්‌ටලයක්‌ හරහාම කොමිස්‌ මුදලක්‌ එහි ඉහල සාමාජිකයන් අතට පත්වන අතර ඔබට සතියට ලක්‌ෂ පහලව දක්‌වා ඉපයිය හැකි බව කියන්නේ මේ ආකාරයට ලැබෙන කොමිස්‌ මුදල මගිනි.
බැලු බැල්මට මෙය ලස්‌සන කතාවකි. මෙම ව්‍යාපාරය ස`දහා පුද්ගලයන් පොළඹවා ගනු ලබන්නේද මුළුමනින්ම හැ`ගීම්බර කතා සහ සුරංගනා සිහිනමවා පෙන්වමිනි. තර්ක බුද්ධියට, ප්‍රශ්න කිරීම්වලට කිසිදු ඉඩකඩක්‌ නොතබමිනි. කල්පනා කර, කරුණු විමසා තීරණයක්‌ ගැනීමට නව සාමාජිකයන්ට ඇති නිදහස ඉතා කූට උපක්‍රම ඔස්‌සේ උල්ලංඝනය කරමිනි. කිසිවෙකුගේ අවවාද නොතකා ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් ඔබට ඉතා කෙටි කාලයකින් අති විශාල ධනවතෙකු විය හැකි බව දහඅතේ දිවුරමිනි. ධනාත්මක චින්තනයද ඈදාගනිමින් සිදුකෙරෙන මේ රැවටිලි කතාවෙන් බොහෝ පුද්ගලයන් මෝහනයට පත්වන අතර, තතු දන්නා අය පවා මුදල් අවශ්‍යතාවය නිසාම මෙය අත්හදා බැලීමට යොමුවෙති. ඇත්තෙන්ම මේ ජාවාරමෙන් පෝසත් වූ පිරිසක්‌ද රටපුරා සිටිති. එසේ නම් මෙහි ඇති අර්බුදය හෝ නරක කුමක්‌ද? අප මීළ`ගට කළ යුත්තේ එA කාරණය අවබෝධ කරගැනීමය.
------------------------
මෙය ප්‍රොaඩාවක්‌ වන්නේ ඇයි?
මෙහි ඇති රූප සටහන විමසිල්ලෙන් අධ්‍යයනය කරන්න. එහි පෙන්වා ඇති අන්දමට මෙම අලෙවි ජාලය පහතට විහිදෙන්නේ දෙකේ ගුණාකාර වශයෙනි. එක, දෙක, හතර, අට, දාසය, තිස්‌දෙක, හැටහතර ආදී වශයෙන් පහතට විහිදෙන මේ සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද, එය පහතට යන විට වැඩිවන්නේ අසීමිත වේගයකිනි. උදාහරණයක්‌ ලෙස මෙහි 20වන ස්‌ථරය තුළ සිටිය යුතු සාමාජික සංඛ්‍යාව පන්ලක්‌ෂ විසි හතරදාස්‌ අසූ අටකි. (524288). ඒ පිරිස තව දෙදෙනා බැගින් සෙවූ විට ඊළ`ග ස්‌ථරයේදී සාමාජික සංඛ්‍යාව දසලක්‌ෂ හතලිස්‌ අටදාස්‌ පන්සිය හැත්තෑ හයක්‌ (10 48576) විය යුතුය. ඊට ඉහල ස්‌ථර සියල්ලේ සිටින මුළු පිරිසද එකට එකතු විට ස්‌ථර විසි එකක්‌ යන විට මේ පිරමිඩයේ සිටිය යුතු මුළු සාමාජික සංඛ්‍යාව විසිලක්‌ෂ අනූහත් දහස්‌ එකසිය පනස්‌ එකකි. (20 97151)මේ ව්‍යාපාරයෙන් සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයාගත හැකිවීමේ රහස මෙන්ම මේ ව්‍යාපාරයේ අර්බුදයට යාමේ හේතුව ඇත්තේද මෙතැනය. ප්‍රායෝගිකව මේ පිරමිඩය වැඩෙන්නේ මේ සංඛ්‍යා එලෙසින්ම සම්පූර්ණ කරමින් නොවේ. එහෙත් එය වේගයෙන් ව්‍යාප්ත වන්නකි. වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහල සිටින අයගේ ආදායමද වේගයෙන් ඉහල යනවාසේම, ඒ වේගයටම අනුව මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිසද දිනෙන් දින අඩුවී යයි.
ඒ තත්ත්වය කොතෙක්‌ද යත් මේ ව්‍යාපාරය සිදුවන ක්‍රමයට අනුව මේ සාමාජික ජාලය පහතට වර්ධනය වුවහොත් ස්‌ථර විසි පහකදී එය ලංකාවේ ජනගහන මට්‌ටමද ඉක්‌මවා යයි. ස්‌ථර තිස්‌ හතරකදී එය ලෝක ජනගහනයද ඉක්‌මවා යයි. එහි තේරුම වන්නේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත විය යුතු වේගය අනුව ඉතා කෙටි කාලයකදී එයට මේ රටේ මිනිස්‌සු ප්‍රමාණයද නිසැක ලෙසම මදිවන බවය.
මතු සම්බන්ධයි
(ඉසුරු ප්‍රසංග)

Falcon-9 රොකට්ටුව

SpaceX යනු ඇමෙරිකානු රොකට් සමාගමක්. මේ සමාගම නිර්මාණය කල රොකට්ටුව බොහෝදෙනා ගේ අවධානය දිනාගැනීමට සමත්වුනා. ඒ මින් පෙර නිර්මාණය කර ඇති රොකට්ටු වලට වඩා එය විශේෂිත එකක් වූ නිසයි. සාමාන්‍යයෙන් ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවක් ඉහල යැවීමට යොදාගත් ආධාරකය විනාශයට පත්වනවා. එය නැවත භාවිතාකිරීමට නොහැකියි. SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව පසුගිය සඳුදා දින එය ගුවන් ගතකල ස්ථානයට කිලෝමීටර 10කට එපිටින් නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බස්විමට හැකියාව ලැබුනා. මෙය ෆ්ලොරීඩාවේ කේප් කානවල් ප්‍රදේශයේදී සිදුකෙරුනා.
මෙලෙස සාර්ථකව රොකට්ටු හුවනය (booster) උඩුකුරුව ගොඩබැස්වීමේ මුල්ම සිද්ධිය මෙය නොවන අතර එම වාර්තාවට හිමිකම් කියන්නේ Texas හි New Shepard රොකට්ටුවයි. නමුත් Falcon 9 පියාසර කල දුර New Shepard රොකට්ටුව මෙන් දෙගුණයක් වන අතර මෙය රොකට්ටු කක්ෂගත කිරීමේදී වන මුදල් නාස්තිය අවම කරගැනීමට හැකි සාර්ථක ක්‍රමවේදයක් බවට විද්‍යාඥයන් කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ රොකට්ටුව පියාසර කලේ පසුගිය ජුනි මාසයේ ඔවුන් ඉහල යවන ලද Falcon 9 යානය මිනිත්තු කිහිපයක් තුල පුපුරා විනාශවීමෙන් අනතුරුවයි. එය එසේ විනාශ වී ගියේ සාර්ථක අත්හදා බැලීම් 18කට පසුවයි. එම අවස්ථාවේ රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ වගයක් ප්‍රවාහනය කරමින් සිටියා.
SpaceX සමාගමට NASA ආයතනය සමඟ ඩොලර් බිලියන 1.6 ක ගිවිසුමක් ද පවතිනවා.
පසුගිය දිනක මහල් 23ක් උස රොකට්ටුව Cape Canaveral හි ගුවන් හමුදා මුලස්ථානයේ සිට ගුවනට මුදාහැරීමට කටයුතු කළා. විනාඩි 10කට පමණ පසු රොකට්ටුවේ ආධාරකය සාර්ථකව ගොඩබස්වා ගැනීමට හැකිවුනා. ඒ රොකට්ටුව යැවූ ස්ථානයට හැතැප්ම 6ක් පමණ ඔබ්බෙන්.
මෙහි සාර්ථකත්වය කැලිෆෝර්නියාවේ පිහිටි පෞද්ගලික අභ්‍යාවකාශ පර්යේෂණ සමාගමක් වන SpaceX වලට ඉතා වැදගත් වන බව සමාගමේ ඉහල නිලධාරින් පවසා සිටියා. මෙසේ රොකට් යැවීම සඳහා භාවිතා කරන මෙවලම් නැවත භාවිතා කිරීමට හැකිවීම තුලින් විශාල මුදල් ඉතිරි කර ගැනිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
ලිපිය 

ආදරය

සුපිරි වෙළඳ සැලක අවන්හල්, මට පුරුදු නෑ
එත් එයාට මං එන්න කීවේ එතැනට. ඒ වෙන දේකට නෙවී,
‘හා‘ කියලා කටින් කියවන්න, තරම් නිදහස් තැනක්
මට හදීසියේ මතක් නූන නිසා.

වෝකින් පාක් එකට, නැත්තං ෆිල්ම් හොල් එකට එන්න කියල ආදරේ,
ලප් තැනම ලොප් කරගන්න මගේ හිත දුන් නෑ
මේක මගේ තුන්වන කුළුදුල් ආදරය.

මං වේලාසන ආවද, එයා පහු උනාද කියන්න මං දන් නෑ.
මොකද නොඉවසිල්ල මගේ හිත වටේ
ඇවිදිමින් තිබුනා.

මං දෙවන සිසිල් බීම බෝතලයත් අරං
අවන්හල් දොර දිහාට ඇස් දික් කරං බලං හිටියා.

‘‘එන්නං !
ඇවිත් කතා කරමු‘‘

කෙටි පණිවිඩේ තිබ්බේ එහෙම. මං එයා වෙනදා දකින විදිහට
වෙනස් විදිහකින් දකින්න ගත්තා. ඉරට මහන්සි වෙලා හිමින් යනවද ?
තත්පර කට්ටට මහන්සි වෙලා හෙමින් යනවද කියල හිත හිත මං
උනුවන ලේ වලට පවන් ගැහුවා.

වෙලාව හවස තුනට විතර ඇති. අවන්හලේ සෙනඟ වැඩිය නෑ.
නිල්පාට උඩු ඇඳුමක් දාගත්ත පිරිසිදු කරන සේවිකාව, ටයිල් බිම පිරිසිදු කරන්න ගත්තා. බිම ලස්සනට තියනවා. ඒක ආශිර්වාදයක් වගේ,
පිරිසිදු බිමට ඈ කකුල තියන කං මං දොරකඩ ලඟට ඇස් දෙක
සමපාත කරා.

ලෝකේ දැක්ක ලස්සනම කකුල් දෙක
දොඩකඩ ගාව නැවතිලා තිබුනා. මං ඇස් උස්සලා බැලුවේ නෑ.
මොකද මට ඒ ආශ්චර්යයෙන් මිදෙන්න හිතුන් නෑ.

සේවිකාව බිම සුද්ධ කරත්, ඇගේ පාද ඒ බිමට ඇතුල් වෙන්න අදිමදි කරා.
ඒක මට ප්‍රහේලිකාවක් උනා.

‘‘වතුර වැඩී වත්ද ? එයා ලිස්සයි ද ? ‘‘

එත් මොප් එකෙන් තැවරෙන වතුරට ලිස්සන් නෑ, ඇය වෙන මොනවත් හිතනවද බලන්න මං එයාගේ ඇස් අස්සට ගිහින් හිතට යන්න හිතා ගත්තා.

සුදුපාට සිනිදු දෙපා වල තිබ්බ මගේ ඇස් දෙක මං එයාගේ ඇස් වලට
ගෙනාව. ඊට පස්සේ මං ඇස් වලින් හිත යටට කිමිදුනා. එකේ දැක්කේ, දුක, ආදරය සහ අනුකම්පාව.

මං තිගැස්සුනා. අයෙම මූණ බැලුවා.

චැහ් මේ කවුද ? මේ එයා නෙවීනේ..............

මං ආයෙම දොර දිහා බැලුවා. ඒත් මට තත්පර ගානකට වඩා දොරත්
එක්ක දැහැන් ගත වෙන්න බැරි උනා. මං අයෙම පිරිසිදු ටයිල් එක්ක
ආදරෙන් ගනු දෙනු කරන නාදුනන දෙපා එක්ක අතර මං උනා.

ඒයා පිරිසිදු නොකරපු ටයිල් දිගේ ඇවිදං ගියා.
කොනේම තිබ්බ කුඩා අවන්හල් හිමියාගෙන් මොනවා හරි ඉල්ලුවා.

‘‘එයා වාඩි උනොත් මං එහෙම කරේ ඇයි අහනවා‘‘

අමුත්ති සහ මගේ ආදරය අතරේ කාලය සමව බෙදිලා තිබුනා.
තත්පර දෙකක් අමුත්ත ගැන හිතුව මං ආයෙම, තත්පර දෙකක් ආදරේ ගැන හිතුවා
ඒ හින්දා දෙකින් එකක් වත් හරියට කෙරුන් නෑ.

අමුත්ති කුඩා මල්ලක් අරං ඉතාම පරිස්සමින්, එතැනින් පිට උනා.

‘‘ෂා මෙයා තාම නෑනේ ‘‘

දැන් හුඟක් පරක්කු උනා. මං ඇමතුමක් ගත්තා

‘‘ඔබ ඇමතූ අංකය ප්‍ර‍තිචාරයක් නොමැත‘‘

හරි බෑ කියන එක වෙන්න ඇති කියන්න හදන්නේ. මට තරහ මුසු සතුටක්
කනස්සල්ලක් දැනුනා. ම එයා ගැන නොසිතා අමුත්ති ගැන සිතාගෙන
එලියට ආවා.

---
සොයන්නා ට සම්බවෙයි. තට්ටු කරන්නාට දොර ඇරෙයි.
මේ කියමන් කොච්චර හරිද කියලා දැනුනේ, දවස් දෙකකට පස්සේ
මං අයෙම අමුත්තිව දකිද්දි. මට එයා ගැන කිසිම ආදරයක්, අඩු ගානේ
රාගික හැඟීමක් වත් ඇතිවෙලා තිබ්බේ නෑ. ඒකට මට උත්තර නොදී මග ඇරිය
පෙම්වතී හේතුවක් උනා. එයා යනකොට උකුල පැද්දෙනවා.
ජීවිතය නැලවෙනවා වගේ දැනෙනවා.

ආදරය නැත්තං රාගය මුනෙන් අයින් උනාම මූනේ පෙනුම වෙනස් වෙනවා.
මගේ මූනේ පේන්න ඇත්තේ, හිතවත් කමක් වෙන්න ඇති
මං හිනා උනාම එයා හිනා උනා. ඊට පස්සේ දෙයියෝ මට ධෛර්යය ලොරි ගානක් තෑගි කරා.

මට ඕන උනේ එක දෙයක් දැන ගන්න ඒ

‘‘ඇයි ඔයා අළුත් ටයිල් පෑගුවේ නැත්තේ‘‘

කියලා අහන්න. වෙන කිසිම ලේ ගමන අධික වෙන සිතිවිලි මට ඉපදුනේම නෑ. ඒක නිසා මං ලොරි ගනන් පිනට ලැබුන ධෛර්යය හදවතට බා ගත්තා.

අමුත්ති දැක්ක තැන ඉඳලා ලඟම බස් නැවතුමට එන්න එන තියන දුරේ දී
මං අන්තිම වගේම උවමනාම ප්‍ර‍ශ්ණය ඇහුවා.

‘‘ඇයි ඔයා පිරිසුදු කරපු ටයිල් පෑගුවේ නැත්තේ‘‘

කිසිවක් නොකීව එයාගේ ඇස්වල කඳුලා ගලාගෙන ගියා. බස් නැවතුම ලඟ තිබ්බ. මාර්ග සංඥා කුණුව අල්ල ගත්ත එයාට ඇඩුනා.

කියන්න අකමැති නං එපා, සමාවෙන්න, මං එච්චර හිතුවේ නෑ.
මං එයාගේ ඇස්වල කදුලු වලට වඩා බය උනේ වට පිටට. එයාගේ කඳුලු වලට
හේතුව මං වෙයි කියන බය. නෑ දුක.

‘‘අයියා ඔයා හරි, මං ඒ පිරිසිදු කරපු ටයිල් පෑගුවේ නෑ. ඒ ඒක කරේ අම්මා නිසා.

‘‘එතකොට ඇයි ඔයා එයාට කතා නොකරේ ?‘‘

‘‘මං එතැනදි කතා කරනවට අම්මා කැමති නෑ අම්මා එහෙම කරනවට, මං ලැජ්ජවෙයි කියලා එයා හිතනවා. මං කෑම එක ගන්න ආවේ.‘‘

රෙඩියෝ චැනල් ගොඩක් එකවර ඇහෙන කොට දැනෙන ගෝඝාකාරි හඩකින්
මාව කිලිපොලාන ගියා. ඊට පස්සේ ආපු බස් එකට එයා නැග්ගා.
යන්නං වත් නොකියා. මං ආවා. එත් එයා ගාව හිත තියලා නෙවෙයි.
මටවත් මගේ හිත තියන තැන හොයා ගන්න බැරි උනා.

-------------
‘‘මං එනකං බලං ඉන්න ඔයාට බැරි උනා.
ඒ නිසා මං හිතුවා ඔයාට මාව වැඩක් නෑ කියලා.
හිත හදා ගන්න බැරි නිසා මං ඔයාට සමාව දුන්නා.

එත් ඔයාට ඔය කෙල්ල හොඳ නං
මට කමක් නෑ‘‘
-----------------

මට හිනාවක් ගියා.

සොයන්නා සම්බවෙයි. තට්ටු කරන්නාට දොර ඇරෙයි.
මං අයෙම බොරු හේතු සීයක් ගොතං එයාගේ පස්සෙං යන්න හිත හදා ගත්ත

කතෘ 
Chandana Ellewala

Sunday, February 7, 2016

සරදියල්ගේ මරණයෙන් පසු කාදර් හා මේනකා අතර ඇතිවූ සංවාදයකි...


මේනකා:-
නුඹට කලියෙන් මලක් ඉඳුවර සරදියල් ගේ හදේ අමුනා
වරක් මියගිය පෙමක පණනල ඇබිදක් පණ ගසනු දැනුනා
ආදරේ මුල අකුර කී තැන යලිත් හදවත අගුළු ඇරුනා
කන්ද උතුවන මාවනැල්ලට උඩින් ප්‍රේමයෙ කැකුළු පිපුනා
සරදියෙල්ගේ මතක තාමත් හිඟුල ඔය මුමුණනා හින්දා
දෑත තදකර සවන් පත් මම වසාගමි නොම අසමි නින්දා
සරදියෙල්ටත් මටත් නුඹටත් එකම පැදුරක නින්ද කැන්දා
ගන්ට හැකිනම් ඉන්ට තිබ්බා එහෙව් ප්‍රේමයෙ නම කුමන්දා
කාදර්:-
මාවනැල්ලට උඩින් උතුවන ගමට ඉහලින් උවන හංගා
දෙවනගල කඳු එලිය කරගෙන අන්න හඳ මුදුනටම නැංගා
කෝපි සුවඳට තවත් බමරුන් ඇදේවිද මට බයයි තංගා
කඩේ පොල් අතු දොරවසා පන් හඳේ එලියත් බලයි රිංගා
සරදියෙල් ගේ යකඩ බටයෙන් සත් වරක් වෙඩි පහර වැදුනා
මේනකා මම වරක් මියගිය තාරකාවක බවට හැරුනා
කන්ද උඩරට සිංහලේ ඇති කෝපිමල් පරවෙලා වැටුනා
අන්න බලපං කන්ද උතුවන සුසුම් හෙලමින් අහක හැරුනා

Saturday, February 6, 2016

නිතර හමුවන උග්‍රවිෂ සර්පයින්, නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගනිමු

නිතර හමුවන උග්‍රවිෂ සර්පයින්, නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගැනීම.
ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් වැඩිම සර්ප දෂ්ඨන ප්‍රතිශතයක් වාර්ථා වන රටකි. වසරකට ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ඨනයන් 33 000 - 37 000 අතර ප්‍රමාණයක් වාර්ථා වන අතර, මෙයින් 100ක් පමණ මරණයට පත්වේ. මින් බොහොමයක් නයා, තිත් පොළඟා, හා තෙල් කරවලා දෂ්ඨ කිරීම හා සම්බන්ධ සිදුවීම් වේ.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති සර්ප විශේෂ 102 අතුරින් උග්‍ර විෂ සහිත වන්නේ සර්ප විශේෂ 21ක් පමණි. උග්‍ර නොවන විෂ සහිත විශේෂයන් 5ක්ද, මද විෂ සහිත විශේෂ 12ක්ද වාර්තා වේ. ඉතිරි විශේෂ 64ම නිර්විෂ සර්ප විශේෂයන් ය.
උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශේෂ 14ක්ම ගැඹුරු මුහුදේ වාසය කරන සර්ප විශේෂ වේ. ඉතිරි විශේෂ හතෙන්, දෙවර්ගයක් කොරල් සර්පයින් වන අතර, ප්‍රමාණයෙන් කුඩා නිසා මනුෂ්‍යයින්ට හානි කිරීමට තරමක් අපොහොසත්ය. ඉතිරි විශේෂ පහෙන් වැලි පොළඟා හමුවන්නේ වියළි හා ශුෂ්ක කලාපයන්ගෙන් පමණක් වන අතර, මුදු කරවලා විරල, හා ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී නොවන සර්පයෙකි. එම නිසා, ශ්‍රී ලංකාවේදී සර්පයන් සපාකෑම මගින් සිදුවන බොහොමයක් මරණ සිදුවන්නේ නයා, තෙල් කරවලා, සහ තිත් පොළඟා සපා කෑම හේතුවෙනි.
බොහෝකොටම සර්පයන් දෂ්ඨ කරන්නේ ගොදුරක් අඩපණ කරගැනීමට, හෝ තමාට තර්ජනයක් එල්ල වූ විට පමණි. සියලු සර්පයන් විෂ සහිත යැයි ද, මිනිසුන්ට දෂ්ඨ කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන්නේ යැයි ද, සර්පයන් සෙවල සහිත අපිරිසිදු සත්ත්වයින් යැයිද වැනි දුර්මත නිසා බොහොමයක් දෙනා මෙම සත්ත්වයින් මරා දැමීමට පෙළඹේ.
සර්පයින් ආහාර සපයාගැනීම සඳහා ද, තම ආරක්ෂාව සඳහා ද විවිධාකාර හැඩගැසීම් සහ උපක්‍රම භාවිතා කරයි. මෙම හැඩගැසීම් නිරීක්ෂණය කර විෂ සහිත සර්පයින් හඳුනා ගත හැක.
විෂ සහිත හා නිර්විෂ සර්පයින් හඳුනාගැනීමේදී පැන නගින එක අභියෝගයක් නම්, ඇතැම් නිර්විෂ සර්පයින් පෙනුමෙන් ඇතැම් විෂ සහිත සර්පයින්ට සමාන වීමයි (Mimicry). උදාහරණයක් වශයෙන්, දාර රදනකයා, කබර රදනකයා, මල් රදනකයා ආදී නිර්විෂ සර්පයින් තෙල් කරවලුන් බවට වරදවා වටහා ගැනෙන අතර, එම හේතුව නිසාම මරණයට පත්කිරීම සිදුවේ. මෙම නිසා අඩුම තරමින් බහුලව හමුවන උග්‍රවිෂ සර්පයින් තිදෙනා නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉතා වැදගත් වේ.
තෙල් කරවලා වෙනත් නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගැනීම පහසුය. නිලට හුරු කළු පැහැති සමෙහි සිහින්, සුදු පැහැති හරස් තීරු දක්නට ඇත. වලිගය දෙසට මෙම තීරු අපැහැදිලි වන අතර, බඩවත සුදු පැහැ වේ. සුදු පැහැ තීරු වඩා හොඳින් දැකගත හැක්කේ ලාබාල කරවලුන්ගේ ය. තෙල් කරවලාගේ සමෙහි මෙම තීරු පිහිටන්නේ එක ළඟ තීරු දෙක බැගින් වන අතර, දාර රදනකයාගේ තීරු සමදුරින් පිහිටයි. දිගින් සෙන්ටිමීටර 25 - 140 අතර (දළ වශයෙන් අඩි 1 - 4.6 අතර) වන තෙල් කරවලාගේ කොඳු නාරටිය දිගටම, අනෙක් කොරපොතු වලට වඩා සාපේෂව ප්‍රමාණයෙන් විශාල ෂඩාස්‍රාකාර කොරපොතු තීරුවක් පිහිටයි.
වර්ණයෙන් දුඹුරට හුරු කළු පැහැයක් ගන්නා දාර රදනකයාත්, අඳුරු දුඹුරු/ කළු දුඹුරු පැහැ කබර රදනකයාත්, ලා දුඹුරු පැහැ මල් රදනකයාත් මෙම ලක්ෂණය නොපෙන්වන අතර, කොරපොතු සියල්ල හැඩයෙන් සමාන වේ. ඊට අමතරව, වැඩුණු තෙල් කරවලෙකු සාමාන්‍යයෙන් අඩි 3.5ක් පමණ දිගු වුවත්, අඩි 2 - 2.5කට වඩා දිග, වැඩුණු රදනකයෙක් දැක්ගැනීමට හැකි වන්නේ කලතුරකිනි.
පිඹුරන් බොහෝ විට වැලි පොළඟුන් හා තිත් පොළඟුන් ලෙස වරදවා හඳුනාගනු ලබයි. පොළඟුන්ට පිඹුරන්ගේ මෙන් අක්‍රමවත්, වළකුළු හැඩැති හිසක් නොව, ක්‍රමවත්, ඕවලාකාර හිසක් පිහිටයි. හොඹුව (snout) කෙලින් එල්ල වූ ස්වභාවයක් (pointed) ගනී. තිත් පොළඟාගේ පසෙහි දුඹුරු පාට සමෙහි තද දුඹුරු පැහැ පුල්ලි පේලි තුනක් ඇත. සාපේක්ෂව විෂාල පුල්ලි පේලිය කොඳු නාරටිය දිගටත්, අනෙකුත් පුල්ලි පේලි දෙක සිරුර දෙපැත්තෙනුත් නිරීක්ෂණය කළ හැක. පිටෙහි පුල්ලි විශාල හා දිගැති ඕවලාකාර වන අතර, කලු පැහැති පිටත තීරුවකින් වටව ඇත. මෙම පිටත තීරුව සුදු පැහැයෙන් සීමාවී ඇත (Oval shaped spots, outlined with a black line where its outer border whitish). හිසෙහි ඇති ලා දුඹුරු පැහැති පුල්ලි දෙකක් 'V' ආකාරව හොඹුව දෙසට එල්ල වී ඇත. බඩවත අපිරිසිදු සුදු පැහැ වන අතර දුඹුරු හෝ කළු පැල්ලම් දැකගත හැක. ප්‍රකෝප වූ විට දඟර ගැසී, සිරුරෙන් 1/3ක් පමණ ඔසවා පීඩන උඳුනක විස්ල් ශබ්ධයට සමාන උස් පිඹුම් හඬක් (high-pitched whistle like a pressure cooker) නිකුත් කරයි.
තිත් පොළඟා යැයි වරදවා හඳුනාගැනෙන දාර පිඹුරන් හා කොට පිඹුරන්ගේ දිගු හා ඕවලාකාර පුල්ලි නොපිහිටයි.
නාගයා හඳුනාගැනීම ඉතා පහසුය. විදහනු ලැබූ විට හිස මත ඇති ශුදු හා කළු පැහැ 'ප' හැඩය පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. හිස විස්තාරණය නොකරන ලද අවස්ථාවක හඳුනාගත හැකි පහසුම ක්‍රමය නම්, ඇසට පහලින් ඇති ප්‍රදේශය නිරීක්ෂණයයි. මෙම ප්‍රදේශය කලු පැහැයෙන් පිට මායිමක් (outlined) ලකුණු වී ඇත.
මීට අමතරව, විෂ සහිත සර්පයින්ගේ හිස් බොහෝ විටම පළල්, ත්‍රිකෝණාකාර වන අතර (විෂ ග්‍රන්ථි පිහිටීම හේතුවෙන්), නිර්විෂ සර්පයින්ගේ හිස් රවුම් හැඳි හැඩැති හෝ දිගටි වේ.
උපුටාගැනීම්:
US National Library of Medicine
Ceylon Medical Journal
Content uploaded by Dilmah Coservation
ලිපිය සකස් කළේ Amanda Abeysooriya

නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු විදිහට කිව්ව ක්‍රිෂානි කවුද?


68 වන නිදහස් දින සැමරුම අවසන්ව සන්ධ්‍යාවේ කොළඹ ගාළු මුවදොර පිටියේ විචිත‍්‍රවත් සංස්කෘතික උත්සවයක් පැවැත්වුනා. මෙහිදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය පුරාවටම විවිධ චොදනාවන් එම ගායිකාවට එල්ල වෙමින් පවතිනවා. එදින දන්නෝ බුදුන්ගේ ශී‍්‍ර ධර්මස්කන්ධා යන ගීතය බටහිර ඔපේරා තාලයකට ගායනා කරන ලද්දේ කි‍්‍රෂානි ජයසිංහ නම් ගායිකාවකි. මේ නිසාම ඇය ටිංටිං කාටූනයේ එන ඔපේරා ගායිකාව වන බියංකා කැස්ත‍්‍රපියුරිගේ නැගනියට සමාන කරමින් සමාජ ජාල අඩවි වල අපහාස පෝස්ට් ප‍්‍රදර්ශනය කෙරෙමින් පවතිනවා. ඇත්තටම කවුද මේ කි‍්‍රෂානි? ඇය සැබවින්ම ගීත ගායනා කිරීමට නොදත් ඔපෙරා ගායිකාවක්ද?
කි‍්‍රෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්‍රානෝ ඔපේරා ගායිකාවයි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි. බටහිර මාධ්ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්‍රානො කිරුලේ මාණික්යය ලෙසයි. ඔපෙරා ගායනාවන් ලාංකිකයන්ට එතරම් හුරු සංගීත මාධ්‍යයක් නොවෙන බැවින් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද මෙවැනි චෝදනාවන් එල්ල විය. එය ශී‍්‍ර ලාංකීය රසඥතාවයේ ගැටළුවක් මිසක එම ගායක ගායිකාවන්ගේ හෝ නිර්මාණවේදීන්ගේ ගැටළුවක් නොවේය. උසස් රසඥතාවයක් අදටත් බොහෝ දෙනාට නොමැති බව පැහැදිලි වන්නේ නිදහස් දිනයේ ගැයුණු එම ගීයට ෆේස්බුක් සමාජ ජාලයෙක් පල කර ඇති අදහස් නිසාය. තවමත් බොහෝ දෙනා ගීත කියා කියන්නේ බස් වල ඇහෙන අදෝනා ගීත බවයි එම අදහස් කියවන විට පැහැදිලි වන්නේ.
(Source: your news.lk)
කි‍්‍රෂානි ගායනා කල ඔපේරාවක්
කි‍්‍රෂානි නිදහස් දින ගායනා කල ගීතය



Friday, February 5, 2016

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”
ජාතික ගීයේ දමිළ අනුවාදනය මේවනවිට බුකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වී හමාරයි.
ශ්‍රී-ලංකාව මත ඉපිද ශ්‍රී-ලාංකික පොළවෙන්, සුළඟෙන්, ජලයෙන් පෝෂනය වූ අපි එකිනෙකා හා සන්නිවේදනය සඳහා භාවිතා කරන මිනිසා නිර්මාණය කරගත් භාෂාවක් පමණක් පදනම් කර ගනිමින් දශක 3ක් පුරාවට එකිනෙකා මරා ගත්තෙමු.
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව දෙස බැලීමේ දී තේරුම් ගතහැකි ප්‍රධාන කරුණ නම් දශක 3ක් පුරාවට පැවැති සිවිල් යුද්ධය අවසන්කොට වසර 6ක් අවසන්ව ඇති නමුත් තවමත් ශ්‍රී-ලාංකික ජනතාව තුල එකිනෙකා කෙරෙහි අනයෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.
දමිළ භාෂාව කතාකරන ජනතාවටත් ජාතික ගීය ගායනා කරන විට තමාගේය යන හැඟීම ඇතිවිය යුතු බව සත්‍යකි. ජාතික ගීයේ දමිළ අනුවාදනය භාවිතා කිරීම තුලින් දමිළ භාෂාව කතාකරන ජනතාව තාවකාලිකව ආමන්දානයට පත්කළ හැකි නමුත් එය මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ.
පලමු කොටම ජාතික ගීය දමිළ බසින් ගායනා කළ යුතු බවට දමිළ ජනතාව තුල මතයක් ගොඩ නැඟෙන්නේත් එසේ ගායනා කරනවාට සිංහල ජනතාව විරුද්ධ වන්නේත් එකම කාරණාවක් පදදනම්කොට ගනිමිණි. එනම් අප දෙකොට්ඨාශය අතර අනයෝන්‍ය විශාවාසයක් නොපැවතීමයි. අප පවතී නම් දමිළ ජනතාවට සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීමටත්, සිංහල ජනතාවට ජාතික ගීයේ දමිළ අනුවාදනයට විරුද්ධ වීමටත් කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවේ.
සිංහල ජනතාවත් දමිළ ජනතාවත් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා ඔවුන් අතර ඇති ගැටළු, විරසක, සබඳතා ආදී සියළුම කරුණු පිළිබඳව සංවාද මණ්ඩපයක් ඇතිකළ යුතුව ඇත. ඒ තුලින් එකිනෙකාගේ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමටත්, ඒවා අතර ඇති විවිධත්වය, වෙනස්කම් වටහා ගැනීමටත්, ඒවාට ගරුකිරීමටත් උගත යුතුව ඇත.
අප අතර විශ්වාසය ගොඩ නැඟීමකින් තොරව ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම වැනි සිල්ලර ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව පාලකයනුත්, ජනතාවත්, සමාජ ක්‍රියාකාරීනුත් අවබෝධකරගත යුතුය.
මේ ජාතික ගීයේ දමිල අනුවාදනය ගායනා කිරීම වැරදියි කියනවා නොවේ. නමුත් නැවත වතාවක් අප රට ජාතිවාදී ගිනිදැල්වලින් වෙළීයාම නැවැත්වීමට නම් ජාතීන් අතර අනයෝන්‍ය විශ්වාසය වර්ධණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතුව ඇත.
“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”

ලිපිය Prasad Welikumbura

Thursday, February 4, 2016

ඇයි රැවටෙන්නේ..?

ජාතික ගීය දෙමලෙන් කිව්වට අපි විරුද්දයි. කිව්වට අපි පක්ෂයි. ඔය ඔක්කොටම කලින් කියන්න ඇයි අපි දෙමළෙනුත් කිය යුත්තේ? දෙමලෙන් නොකිව්වයි කියල මොන මනුස්සයද තරහ වෙන්නේ? කොයි දෙමල ජාතිකයද " ශ්‍රී ලංකා මාතා" නොදන්නේ?

මෙතුවක් කාලෙකට දෙමලෙන් ජාතික ගීය තිබ්බ. එක්දාස් බර ගණන් වල අපි කිව්වා, ඉතින්? ආයේ කියන්න ඕනේ ඇයි?

රටේ ඒකීයභාවය නැති වෙනවා නම් දෙමලෙන් ජාතික ගීය නොකිව්වම මොකක්ද මේ රටේ ඒකීයභාවය? නැත්නම් සමගිය?

ඔය ගීත, කොඩි හැම දේම තියෙන්නේ මිනිස්සු එකමුතුව තියා ගන්න. ඒකයි ඒවා එකක් තිබිය යුත්තේ. ඒවා දෙකක් උනාම එතනත් ප්‍රශ්න නේද?
මෙතුවක් කාලෙකට නොතිබ්බ ප්‍රශ්න ඇයි දැන්? හිටං ආපුම ගමන් මොන එහෙකටද හැමෝටම අමතක වෙලා තිබ්බ දෙමළ ජාතික ගීයක් ගෙනාවේ? ඒ මනුස්සයට අපි බලය දුන්නේ ජාතික ගීයක් ප්‍රධාන මාර්තුකාව කරන්නද? කොහෙවත් තිබ්බේ නැති දේවල් එලියට දාල තිබ්බ දේවල් යට ගහල මෙයාල මොනවද කරන්නේ?

අපේ අවි බලය

නිදහස් දිනයේ අවිබලය පෙන්වීම හෙවත් අපි ඉන්නේ අමු නිරුවතින් යැයි ලෝකෙටම පෙන්වීම ගැන පොඩි අදහසක් සයිබර වරිගෙ උණ්ඩියාගෙ වෝල් එකෙන්....
"..... මේ යුද බල පෙන්නීමේ තේරුම මොකක්ද?
මේ කළාපයේ මාල දිවයින, නේපාලය සහ භූතානය හැර අනෙක් සියළුම රටවල්, ඒ වගේම නැගෙනහිරට බැලුවාම අග්නිදිග ආසියාවේ රටවල් 90%, වයඹ දිගට බැලුවාම සමස්ථ මැද පෙරදිගම වගේ අපිට වඩා බෙහෙවින්ම යුද ශක්තියෙන් හෙබි රටවල්...
ඉන්දියාව මේ මෑතකදි මෙරටට එවපු "INS වික්‍රමාධිත්‍ය" ගුවන් යානා හාරක යුද නෞකාවෙ Full Flight deck එක මිග් - 29 ඉදිරිපෙළ ප්‍රහාරක යානා 25 ක්....සමස්ථ ශ්‍රී ලංකා ගුවන් හමුදාවම විනාඩි 25 - 30 ක් වගේ ඇතුළත අකර්මණ්‍ය කරන්න ඒ නෞකාව සතු ගුවන් බලය වැඩිපුරත් එක්ක ප්‍රමාණවත්.... ඒ නෞකාවට සහායට එවපු පරිවාර නෞකාව "INS මයිසූර්" කියන ඩිස්ට්‍රෝයර් නෞකාව සමීප සටනකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම ඉදිරිපෙළ යාත්‍රා ඉතා පහසුවෙන් විනාශ කිරීමට සමත්....අසල්වැසි රටක් නැව් දෙකක් එව්වාම තත්වය මේකයි....
කෆීර් ජෙට් යානාව කියන්නෙ 1970 දශකයෙදි ඔපෙක් සංවිධානයේ තර්ජනය මත ප්‍රංශය ඊශ්‍රායලයට "මිරාජ්" ප්‍රහාරක යානා සැපයීම අත්හිටවූ මොහොතේ, ඊශ්‍රායලය ඊට දේශීය විකල්පයක් වශයෙන්, ප්‍රංශ මිරාජ් ප්‍රහාරක යානාවන් ගලවා අධ්‍යයනය කර නිර්මාණය කරපු එක...1990 පමණ වනවිට ඊශ්‍රායලය මේ ගුවන් යානය භාවිතය අත්හැර දැමුවා...
මිග් - 27 කියන්නෙ සෝවියට් සමූහාණ්ඩුව ඇෆ්ගනිස්ථානයේ ගරිල්ලා සටන් වලට මුහුණ දෙනවිට, ගරිල්ලා සටන් බිම් වෙත ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම සඳහා සුවිශේෂිතව 1972 වසරේදී හඳුන්වා දුන් Ground-attack Aircraft එක...1985 පමණ වනවිට රුසියාව මේ යානය භාවිතය අවම කළා...2005 පමණ වෙනතෙක් එය පුහුණු ගුවන් යානයක් ලෙස රුසියාවේ භාවිතයට ගැණුනා...දැන් ඉන්දියන් ගුවන් හමුදාව වගෙ හමුදාවල් කිහිපයක සංචාරක සේවා ( ජෙට් ප්‍රහාරක යානා සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනෙනවා ), සහ පුහුණු, විමර්ශණ කටයුතු සඳහා භාවිතා කරනවා...
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන යුද ටැංකිය වන T-55 යුද ටැංකිය 1950 වසරේදී සෝවියට් රුසියාව ලොවට හඳුන්වා දුන් අවියක්....
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජයදාරී යාත්‍රාව වන "SLNS සයුර" සහ එහිම නිවුන් සොයුරිය වන "SLNS සාගර" දෙකම ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුනු / මිළට ගත් ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රා දෙකක්.. නාවික හමුදාව සතු අනෙක් Offshore Patrol Vessel (OPV) එක වන "SLNS සමුදුර" ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර, පසුව මෙරටට පරිත්‍යාග කෙරුනු යාත්‍රාවක්...
මේ අවි ශ්‍රී ලංකාව ගරිල්ලා යුද භාවිතයෙදි Refit / Upgrade එහෙම කරා තමයි...ඒත් පරණ දේවල් Upgrade කරන්න පුලුවන් සීමාවක් තිබෙනවා....කල්පනා කරලා බලන්න iPhone 3s එකකට iOS 9.3 දාන්න පුළුවන්ද කියලා....
මේ අවි ප්‍රදර්ශණය කරමින් යෑම ආරක්ෂිත බව පෙන්වීමක්ද? අනාරක්ෂිත බව පෙන්වීමක්ද?"
EDIT: අපේක්ෂා කළා වගේම දැන් සමහරු ඇවිල්ල කියයි "ඒ වුණාට ඔය ටිකෙන් නෙ අපි කොටින්ට ගැහුවෙ" කියල.... ඔව්.... ඒකනම් ඉතිං එහෙම තමයි.... නමුත් පුද්ගලික රුචි අරුචිකම් පැත්තල තියල අවංකව සලකා බැලුවොත් කොටි හැදුවා අපිට වඩා අලුතෙන්ම ආයුධ.... කිසිම රටකින් ඍජු ලෙස අවි ආධාර නැතුව හුදෙකලා අභ්‍යන්තර සටනක් කරපු ගරිල්ලා ත්‍රස්තවාදීන් ටිකකට කෙළීම, ලෝකෙ ඉදිරියේ අපේ බලය පෙන්වීමට උදාහරණයක් කරගන්න එපා... හෙට ඉන්දියාවෙන් ලංකාවට යුද්ධ ප්‍රකාශ කළොත් ඔය ආඩම්බරේ කන්න ද?