Thursday, February 4, 2016

වෙන්නේ මොනාද

ජාතික ගීය දෙමළෙන් ගැයීම හොඳ දෙයක්ද නරක දෙයක්දැයි විශ්ලේෂණාත්මකව තේරුම් ගැනීමට තරම් මගේ බුද්ධි මට්ටම මුහුකුරා ගොස් නැත. එහෙත් මගේ පුංචි මොළයට තේරෙන එක දෙයක් ඇත.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ප්‍රතිපාදන සකස් කරන බවට ජනවාරි 8 සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙලේ වත් අගෝස්තුවේ ආ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේවත් තිබූ බවක් මතක නැත.
ඒ කිසිවක ලියා නොතිබූ මෙම ජාතික ගීයේ කාරණය හරියට නිකං මේ රට මහා අඳුරු භයානක පිටසක්වල ආක්‍රමණයකිං බේරා ගන්නට නං කරන්නට තියෙන එකම දේ වගේ හිතා ප්‍රමුඛතාවය දෙනවා වුණත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ලියා තිබූ එදා වැදගත් ලෙස පෙන්නූ බොහෝ දේවල් කරන්නට තියා හිතන්නටවත් පටං ගන්නා පාටක් පේන්න නැත

ලිපිය Ravisha Thilakawardana

විරුවෙක් සහ ...........

මේ කියන්න යන්නේ තවත් වීරයන් දෙදෙනෙක් ගැන කතා පුවතකි. සහෝදර සෙබළුන්ගේ මොරාල් එක රැක ගැනීමට නොබියව සටන් බිමට ගිය අපේ යුගයේ රණකාමී විරුවන් දෙදෙනෙකු ගැන අපූරු කතා පුවතකි
ඇසට ඇස ඉල්ලන ලෙයට ලෙය ඉල්ලන රුදුරු යුධ බිමක රණකාමී මානසිකත්වය පහත නොවැටී රැක ගැනීම ඉතා අපහසු කටයුත්තකි. තව මොහොතකින් කොහේ හෝ සිට පතිත වන උණ්ඩයක් හිස මතට පතිත විය හැකි නම් මෝටාර් කාළතුවක්කු මල්ටිබැරල් පහරකට හසු විය හැකි නම් රණකාමීත්වය, වීරත්වය පරයා භීතිය අසරණ බව මතු විය හැක. එය සංග්‍රාම භූමියට නුසුදුසු හැඟීමකි. මෙවැනි අසීරු මොහොතක සෙබලෙකු ලෙස ඔබ හා සමග සංග්‍රාම භූමියේ උරෙනුර ගැටී සටන් කරනුයේ ඔබේ අණදෙන නිලධාරියා නම් ඔබේ නායකයාගේ පුත්‍රයා නම් ඔබට ලැබෙන ජවය ඉතා අපූරු එකක් වනු ඇත. මේ කියන්න යන්නේ එබඳු බිහිසුණු මොහොතක තම සගයන් වෙනුවෙන් දිරි දුන් අපූරු විරුවන් දෙදෙනෙක් ගැන පුවතකි
පළමු රූපයෙන් දැක්වෙන්නේ ජෙනරල් හැමිල්ටන් වනසිංහ නම් හමුදාපතිවරයාගේ බෑණනුවන් වූ බ්‍රිගේඩියර් භාතිය ජයතිලක විරුවාණන්ය. අලිමංකඩ කඳවුර ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙද්දී කඳවුර අත්හැර පලා එන්නට කොළඹින් අණ ලැබෙද්දීත් කඳවුරට වතුර දුන් ළිං ත්‍රස්තයන් සතු වෙද්දී තම අත රැඳි බෝතලයේ වතුරත් සහෘද සෙබළුන් හට ලබා දී ආයුධ ත්‍රස්තයන් අතට පත් නොවී විනාස කරන තුරු රැඳී හිඳ රණබිම මතම ජීවිතය පූජා කල අපේ කාලයේ විරුවා ඔහුය. බොන්න දිය බිඳක් නැතිව මරුවා පෙනි පෙනී සටන් කරද්දී පවා තම බ්‍රිගේඩියර් වරයා ජෙනරාල් වරයාගේ පුත්‍රයා සටන් බිම රැඳී හිඳීම සෙබළුන්ගේ චිත්ත ධෛර්‍යයට අපූරු උත්තේජකයක් වූවට සැකයක් නැත
දෙවැනි පින්තූරයෙන් දැක්වෙන්නේ එවකට සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා යෝෂිත රාජපක්ෂය. ඔහුද බ්‍රිගේඩියර් භාතියට නොදෙවෙනි රණවිරුවෙකි. නාවික හමුදා නිලධාරියෙකු වීමට අවශ්‍ය අවම සුදුසු කම වූ උසස් පෙළ පවා අසමත් වූවත් රණබිම වෙනුවෙන් කැකෑරෙන රුධිරය නිසා සහෘද සෙබළුන්ගේ චිත්ත ධෛර්‍‍යය වර්ධනය කිරීමට බලහත්කාරයෙන් හෝ හමුදාවට බැඳුනු යුගයේ අපූරු විරුවෙකි. හමුදාවට බැඳී දවස් විස්සකින් අනතුරුව සාම්ප්‍රදායිකව මාස නමයක පුහුණුවකින් පසු දක්ෂතම කැඩෙට් නිලධාරියාට ලැබෙන පුහුණුව වූ ඩාට්මත් රෝයල් නේවල් ඇකඩමියේ පුහුණුවට ඇතුල් වූ යුගයේ අපූරු විරුවා ඔහුය. දින 20ක දේශීය පුහුණුවකින් පසු මාස 20ක් පුරා රුපියල් මිලියන ගණන් වැය කරමින් විදේශීය පුහුණුව ලැබූ මුත් කිසි දිනෙක සටන් බිමක තබා ආචාර වෙඩිමුරයකට මිසක උණ්ඩයක් පත්තු වෙන තැනක නොසිටි මේ යුගයේ අපූරු විරුවා දුප්පත් දෙමවුපියන්ගේ දරුවන් නන්දිකඩාල් වල සාම්පූර් වල කන්න බොන්න නැතුව මරුවා උදාවෙන මොහොත දෙස කොයිබදැයි සිතමින් සටන් කල සෙබළුන්ට මහත් චිත්ත ධෛර්‍යයක් වූ බව නම් නිසැකය

ලිපිය Ravisha Thilakawardana


Wednesday, February 3, 2016

භාර්යාවෝ හතර දෙනා

ඔන්න එකමත් එක රටක ධනවත් සිටුවරයෙක් හිටියා.එයාට භාර්යාවෝ හතර දෙනෙක්ම හිටියා.එක ගෙදර නෙමෙයි වෙන වෙනම ගෙවල් හතරක. ඔය සිටු මෑන්ස් ඔය භාර්යාවෝ හතර දෙනාට සැලකුවේ හතර විදියකට.
ඒ කියන්නේ පළමු භාර්යාවට Full සැප. කෑමෙන් බීමෙන්ද, ඇඳුමින් පළඳුමෙන්ද, අරවයින් මෙවයින්ද අන්තිම ඉහල තත්වයෙන්.
දෙවන්නට ඊට ටිකක් අඩුවෙන් සැලකිලි සත්කාර.
තුන්වැනි භාර්යාවට ඊටත් ටිකක් අඩුවෙන්.....
හතර වැනි භාර්යාවට නම් සැලකිලි අන්තිමයි. ඕනාවට එපාවට වගේ.
හරියට එපා වාහෙට හොදි බෙදනවා වාගේ.
ඉතින් ඔහොම ඉන්න කොට ඉන්න කොට , ( ඉන්න කොට වුනේ නම් නැහැ.)
දවසක් මේ සිටු මෑන්ස් එයාගේ පලවෙනි බිරිඳ ලඟට ගිහිල්ලා කිව්වා මම දැන් මරණ මංචකය ළඟ ඉන්නේ මගෙත් එක්ක යන්න එනවද කියල." අපෝ බැහැ ' කියල දොර වහලා ගෙට වැදුනා. කමක් නැහැ මට තව තුන් දෙනෙක් ඉන්නවානේ කියල දෙවැනි බිරිය ලඟට ගියා.
එයා කිව්වා මම දොරකඩ ලඟට විතරක් ඔයත් එක්ක යන්න එන්නම් කියල.
තුන් වන බිරිඳ ලඟටත් ගියා. එයාකිව්වා' ඕනේ නම් මම සොහොන ලඟට විතරක් එන්නම්' කියල.
අන්තිමට මේ සිටු මෑන්ස් ගියා එයා හරියට නොසලකපු හතර වන භාර්යාව ලඟට.එයා කිව්වා මම ඔබ සමග මරණයට සූදානම්. අපි යමු කියලා.
---------------------------------
ඔන්න ඔය වගේ භාර්යාවන් හතර දෙනෙක් ඔබ අප තුලද ඉන්නවා.
1 වැනි භාර්යාව තමයි අපේ මේ කය, ශරීරය. කොහොමද සැලකිලි. කෑමෙන්දබීමෙන්ද, හැඩ වැඩ කිරීමෙන්ද, ඒ කියන්නේ Make-Up වලින්ද , Facial වලින්ද , Gym එකට යාමෙන්ද full සැප.
2 වැනි භාරයාව කියන්නේ අපේ ධනය වස්තුව, මිලමුදල් යාන වාහන.ගේ දොරවල්, ඉඩ කඩම්. ඒවටත් අපේ සැලකිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
3 වැනි භාර්යාව තමයි අපේ දූදරු නෑ පරපුර.
අපි මැරෙන කොට අපිත් එක්කම යන්න ඔය එක්කෙනෙක්වත් එනවද? නැහැනේ. කය එතනම කුණු වෙලා යනවා. කිසිම සම්පතක් ගෙනියන්න පුලුවන්ද? අපෙත් එක්ක එනවද යන්න. නැහැනේ.නආදයෝ දු දරුවෝ ඕනෙනම් එයි සොහොන දක්වා පමණක්. අර තුන් වැනි භාර්යාව ආවා වගේ. එතැනින් එහාට එයිද? නැහැ.ආවත් එක්කන් යන්නත් බැහැනේ....
හැබැයි හතර වැනි භාර්යාව වගේ ඉන්න එක්කෙනානම් එන එක එනවාමයි.උපන් දා සිට කිසිම සැලකිල්ලක් නොදක්වපු, සමහර විට ඉන්නවාද කියලවත් නොහිතපු එක්කෙනා. කව්ද ඒ?
ඒ තමයි ඔබේ අපේ
" මනස "
ඒ කියන්නේ කරපු පින්පව් විතරයි අපෙත් එක්ක යන්න එන්නේ. ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙලා ජීවත් වුනොත් හොඳයි.................

ලිපිය
Sisira Gamage

නිදහස සමරන්න

"පුතේ මේ කුණු එක පාරට විසිකරලා එන්න"
කියලා උගන්වලා අපි ජාතික කොඩිය දාපන් කිවුවට වැඩක් නෑ.
දේශප්‍රේමය කියන්නෙ මොකක්ද කියල උගන්වන්න ඕනේ.
"දොස්තර කෙනෙක් වුණාම ගොඩාක් මුදල් උපයන්න පුළුවන් පුතේ"කියන කාලෙට තිත තියලා,
"දොස්තර කෙනෙක් වෙයන් පුතේ රටට සේවය කරන්න පුළුවන්" කියලා උගන්වන්න ඕනෙ.
පොඩි උන් ඉගෙන ගනිද්දි
ලොකු මිනිහෙක් වෙන්න ඉගෙන ගනින් කියන්නෙ නැතිව,
හොඳ මිනිහෙක් වෙයන් කියලා උගන්වන්න ඕනෙ.
ගොඩාක් මුදල් උපයන්න පූලුවන් දෙයක් ඉගෙන ගනින් කියන්නේ නැතිව
රටේ ගොඩාක් මිනිසුන්ට සේවය කරන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න පුරුදු කරන්න ඕනෙ.
ඒකත් දේශප්‍රේමයම තමයි...
සල්ලි පස්සෙ යන එකා ආයෙත් සුද්දෙක් ආපු දාට, පණ බේරගන්න රට දාලා පිටරට දුවනවා මිසක්..තවත් පුරන් අප්පු කෙනෙක් වෙන්නෙ නෑ.
උපන් බිමට ආදරය කරන්න පුරුදුවෙමු...දන්නෙ නැති එකාට උගන්වමු..අනිත් ඔක්කොම උගන්වන අපි...මේ ටිකත් ඉගැන්නුවාට කමක් නෑ.
දරුවන්ට කියා දීමට වඩා..ජීවිතෙන් පෙන්ව දීම වැදගත්...

අදහස 
Mohamed Farshan

Tuesday, February 2, 2016

ආදරය වගේ නොවෙයි අඟ හිග දැනෙයි කූඩුවේ - Lakshman Hewawitharana

ආදරේ කරා වගේ නෙමේ කසාදයක් කරගෙන ජිවත් වෙන්න ගියාම, ඔයාට දුකක් දෙන්න මට බැහැ. එහෙම උනොත් මගේ හිත මටම බනිවි. මගේ එක්ක ගෙවන කටුක ජිවිතේ ඔයාට දරාගන්න පුළුවන් වේවිද? මේ තමා ගීතයේ සරල අදහස. අර ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කිව්වට බැඳගත්තම එයාල එහෙම කියන්නේ නැනේ නේද :) මේ ගීතය රචනය සහ සංගීතය කරේ කව්රුන්ද කියා දන්නවා නම් කමෙන්ට් කරන්න :)

ආදරය වගේ නොවෙයි

අඟ හිග දැනෙයි කූඩුවේ..
දුක දරාගන්න ඒ වෙනුවට
මහා මෙරක් වගේ..//

වෙන කවුරුවත් නොඑන උයනේ
වදුලු වන පෙතේ
අපි අනාගතය මැව්වත්
ඒ ඇත්තටම නොවේ

මගෙ කූඩුවට ඇවිත් කඳුලක් ඇති වුනොත් නෙතේ
මට හදාගන්න බැරි වෙයි හිත මගෙ කිරිල්ලියේ...

ආදරය වගේ නොවෙයි....

රන් කාසි නැතිව ඇද වේවිද සිනාමල් නුබේ
මුතු සේද නොමැති යහනක නෙත පියෙවිද රැයේ..

මගෙ කූඩුවට ඇවිත්..
ආදරය වගේ නොවෙයි....///

ගායනය : Lakshman Hewawitharana

ජාතික කොඩියට තීරු අවශ්‍යද ?

ජාතික කොඩියේ පාට තීරු නැතුව සිංහයා පමණක් සිටීම ප්‍රමාණවත්..
දෙමළුනේ,හම්බයිනේ නුඹලා වෙනමම පාට තීරු වලින් නියෝජනය විය යුතු නැත.සිංහ සංකේතයට බෞදධයින් තරම්මම අයිතියක් (මේ රටේ පුරවැසියන් බව පිළිගන්නවානම්) නුඹලාටත් ඇත.සිංහල-බෞද්ධ,සිංහල-දෙමළ,සිංහල-මුස්ලිම්,සිංහල-කතෝලික ලෙස නව සිවු හෙළයක් සැදීමට කාලය එලඹ ඇත.
පාට තීරු වලින් තවදුරටත් එකිනෙකා කොටවන්නන්ට එරෙහිවන්න..ආගම කුමක් වුවත් ජාතිය එකමය..

අදහස 
Prabhath Withanage

Monday, February 1, 2016

ආචාර්ය මහගම සේකර ගැන අලුත් පැගිරි කොලු කුරුට්ටන් නොදන්න....පරණ මිනිස්සු දන්න කතාවක්....

අලුත් පැගිරි කොලු කුරුට්ටන් නොදන්න....පරණ මිනිස්සු දන්න කතාවක්....

කලින් ලියාපු හෑල්ලට හොද ප්‍රතිචාර තිබුණු නිසාත්, බොහෝ අය නොදන්නා කියන කාරණා නිසාත් මේ අප්‍රකට කාරණාව ගැනත් කියන්න හිතුණා. මොකද හැමදාම කිසිම කමකට නැති පෝස්ට් දාන එකේ කාට හෝ දැනගන්න දෙයකුත් දාන්න එපැයි... ඒකනෙ මේ වෝල් එකේ තියෙන අසමසම විවිධත්වය.....

ආචාර්ය මහගම සේකර (බී.ඒ ගෞරව (ලන්ඩන්), එම්.ඒ (විද්‍යෝදය) පී.එච්.ඩී (විද්‍යෝදය - ලංකා)

කුසලතා පරිපූර්ණ නිර්මාණාත්මක ලේඛකයෙක් වෙච්චි සේකරයන් සිංහල පුහුණු ගුරුවරයෙකු ලෙස වේයන්ගොඩ ගුරු විදුහලෙන් නික්මිලා ඉන්න අතරේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙලා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නවා.. අසමාන උත්සාහයකින් හෙබි නිහතමානී මනුෂ්‍යෙයක් උසස් අධ්‍යාපනයට යොමුවුණේ එහෙම. මොකද බොහෝ දෙනා හිතනවා සේකරයන් නිකංම රස්සාවක් කරල, බීල, සිගරට් ගහල, දුප්පත්කමින් මැරිලා ගිය බුද්ධිමතෙක් පමණයි කියල..නැහැ ඔහු උගතෙක්.

එක්දාස් නවසිය හැට ගණන්වල ඔහු ගුරු වෘත්තියෙ යෙදිලා ඉන්න අතරේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස විද්‍යෝදය (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර) විශ්ව විද්‍යාලයට බැදිලා දෙවසරක් අධ්‍යයන කටයුතු වල යෙදිලා ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නවා. ඉන් අනතුරුව ඔහු ඒම වි.වි ම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කෙටි කලක් සේවය කරනවා. ඒ අතරෙදි තමයි ඔහු ආචාර්ය උපාධිය සදහා ලියාපදිංචි වෙලා අදාල නිබන්ධනය ලෑස්ති කරන්න සූදානම් වෙන්නෙ. එය පරිච්ඡේද පහකින් සමන්විත කෘතියක් වූ අතර එක් එක් පරිච්ඡේදය බැගින් ලියා වි.වි කමිටුවට ඉිදිරිපත්කොට ඔවුන්ගේ නිරීක්ෂණ අනුව සං‍ශෝධිත අවසන් පිටපත සකස් කරමින් සිටියා. ඒ අතර ඔහු මහාචාර්ය තිස්ස කාරියවසම් හමුවන්න ඔහුගේ කුටියට යනවා..

විද්‍යෝදයේ ධර්මපාල ශාලාවට ආපු සේකර තිස්සගෙ පරණ සරම් කඩමල්ලක් ඇගේ දාගෙන පිටිපස්සට ගිහින් මෙහෙම කියනවා...

‘‘මගේ පුංචි වැඩක් තියෙනවා.. කියවමුද?‘
‘‘කියවමු‘‘
‘‘හැබැයි රජෝ පොතක් නෙවෙයි.. පොතක් වේවි පස්සෙ. මේක සැකිල්ලක්‘‘
‘‘පී.එච්.ඩී එකේ එකද?‘‘
‘‘ඒවා මතක් කරනන් එපා. ඒව මහ විසාල වැඩ. නිකං හිතමු එහෙමෙයි කියල!‘‘

යම්තැනක කැපිලි කෙටිලි කොට වෙනස් කර එහි පිටපත් තුනක් සකස් කරගත් තිස්ස කාරියවසම් මහතා

‘‘ඕක සුරවීර මහත්තයටයි (මහාචාර්ය ඒ.වී සුරවීර), බලගල්ලේ මහත්තයටයි (මහාචාර්ය විමල් ජී බලගල්ලේ) පෙන්නන්න දෙන්න ඉස්සර වෙලා..‘‘

‘‘ලැජ්ජ නැද්ද තිස්ස.. මගේ කෙරුවාව බලන්න කියන්න..‘‘
එහෙම කියල ඔහු පොඩි දරුවෙක් වගේ ලජ්ජාවෙන් හිනාවුණා..
‘‘ඒ වුණාට ඉතින් ඒක චාරිත්‍රයක්නෙ!‘‘

ඉන් වසර පහකට පසු ඔහු අාචාර්ය උපාධි නිබන්ධනයේ අවසාන පරිච්ඡේදය සැකසීමට ආරම්භකරමින් සිටියේ ය. හැම පුස්තකාලයකටම යමින් විවිධ පොත පත සොයමින් ඇවිද්දේය. නමුත් එය ඔහුට කරගැනීමට නොහැකි විය. එසේනමුත් පශ්චාත් මරණ ආචාර්ය උපාධියක් සදහා ශ්‍රී ලංකාවේ නිබන්ධනයක් විමංසනය කරන ප්‍රථම අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයට උදාකරමින් මහගම සේකරයන් දැයෙන් නික්මුණා.

පරීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුමත කළ සනාතන සභාව මේ නිබන්ධනය උදෙසා මහගම සේකරයන් වෙත ශාස්ත්‍රසූරී (පී.එච්.ඩී) උපාධිය පිරිනැමීමට තීරණය කළේය.

ඊයේ පෝස්ටුව නිවැරදි නොවන බව සේකරයන්ගේ පුත්‍රරත්නය සදහන් කර ඇති බව දැනගත්තත්, ඊට සම්බන්ධ වූ මහාචාර්ය සරත් චන්ද්‍රජීවයන් තවමත් විශ්ව විද්‍යාලයේ රාජකාරී කරන නිසා විමසා දැනගත්තා එය සත්‍යයක් බව. මේ පොස්ටුව ගැනත් මූලාශ්‍ර විදියට
සිංහල පද්‍ය නිර්මාණයන් හි රිද්ම ලක්ෂණ කෘතියේ පෙරවදන - මහාචාර්ය විමල් බලගල්ලේ සහ මහගම සේකර කලා නිර්මාණ - මහාචාර්ය තිස්ස කාරියවසම් කෘති පාවිච්චි කරල තියෙනවා.

ලිපිය 
මනෝරම වීරසිංහ 

ඇමරිකා එක්සත් ජනපදය (උතුරු) වෙන් කරන භූ තැටි දෙකක්

මේ ඔබ දකින්නේ යුරෝපා කරේ සහ ඇමරිකා එක්සත් ජනපදය (උතුරු) වෙන් කරන භූ තැටි දෙකකි, මෙහි විශේෂත්වය ලොව ඇති අති පිරිසිඳුතාවයෙන් (දෘෂ්ඨි) ඉහළ ජලය තිබීමයි, එනම් මීටර් 100ක් දක්වා දුරක් පහසුවෙන් මෙම ජලය තුළදී නැරඹිය හැකී, සෑම වසරට වතාවක්ම මෙම භූතැටි දෙක අඟලකින් දෙපසට ඈත්වෙන බව විද්වතුන් විසින් සොයාගෙන ඇත.

ලිපිය
Dananjaya Ranawake

ගුරුළුගෝමී

ගුරුළුගෝමී ගැන ගොඩක් අය අහලා ඇති කියලා හිතනවා, නැත්තම් ගුණසේන පොත් වල මේ ලාංඡනේ දැකලා ඇති කියලා හිතනවා,
ගුරුළුගෝමී කියන්නෙ ලංකා ඉතිහාසෙ පහළවුණ ශ්‍රේෂ්ඨතම පඬිවරයෙක්, ලේඛකයෙක්. එතුමන් හිටියා කියලා විශ්වාස කරන්නෙ දොළොස්වන හෝ දහතුන්වන වගේ සියවස්වල, අමාවතුර, ධර්මප්‍රදීපිකා වගේ අග්‍රගණ්‍ය සිංහල කාව්‍යමය පොත් පත් ලියපු ලේඛකයෙක්,

 කවියෙක් විදිහට ප්‍රසිද්ධයි. ගරුඬ නැතිනම් අපි හඳුන්වන්න ගුරුළු ලෙස හැදින්වෙන කුලයක සිංහල පියෙකුගේත් මැලේ ජාතික මවකගේත් දරුවෙකු විදිහටයි මෙතුමන් උපත ලබලා තියෙන්නෙ, තරුණ වියේදි ලංකාවට පැමිණීමත් එක්ක රටේ සංස්කෘතිය ආගම දර්ශණය වගේ දේවල් ඇසුරු කරගෙන තමයි අධ්‍යාපනේ යෙදිලා තියෙන්නෙ,

 ඔහුගෙ පියා එකල දොලොස්දහස් රට නැතිනම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක ප්‍රභූ පවුලක උපන් "කප්පින" නම් අයෙක්, තරුණ වියේදි වෙළඳ කටයුතු සඳහා ස්වර්ණපුරයට ගොස් පසුව එහි වෙළඳ නායකවරයෙකුගේ දුවකු ආවාහ කොටගෙන පදිංචි වෙලා තියෙනවා, එතනින් ඔවුන්ට දුවෙකුත් පුතුන් දෙදෙනෙකුත් ලැබිලා තියෙනවා.. 

කොහොමහරි මීට අවුරුදු 60ට විතර කලින් මාටින් වික්‍රමසිංහ වියත් ලේඛකයා ගුණසේන පොත්හලේ සේවය කරපු සුප්‍රකට ජී එස් ප්‍රනාන්දු මහත්තයට මේ ගුරුළුගෝමී ගැන අදහස කියලා තියෙනවා, කියලා තියෙන්නෙත් ලංකා ඉතිහාසෙ හිටපු තවත් පඬිවර ලේඛක කවීන් දෙන්නෙක්ගෙ රූප බලන් අඳින්නයි කියලා.. පහන් කතුතුමාගෙත්, බ‍ටුවන්තුඩාවේ පඬිතුමාගෙත් තවත් යතිවරයන් දෙන්නෙක්ගෙත් මුහුණුවර බලාගෙන ඔක්කොම එකම රූපයකට අරන් අඳින්න කියලයි අදහස දීලා තියෙන්නෙ.. මේ චිත්‍රය ඇඳලා තියෙන්නෙ ජී එස් ප්‍රනාන්දු මහත්මයා, අදටත් ගුණසේන පොත් වල ප්‍රකාශණවල තියෙන්නෙ මේ ගුරුළුගෝමි පඬිවරයගෙ සලකුණ, 1949 ඉඳන් අද වෙනකම්ම මේ සලකුණ ගුණසේන පොත්වලට යොදාගන්නවා..
සටහන - Dananjaya Ranawake

~ මරියානා ආගාධය ~

ලෝකයේ සාගර කලාපයන් වලදි බටහිර ශාන්තිකර සාගර කලාපෙට වන්නට තමයි මරියානා ආගාධය පිහිටලා තියෙන්නෙ, ඒ කිව්වෙ ජපානෙට කිට්‍ටුවෙන්න නැත්තම් මරියානා දූපත් වලට නැගෙනහිර පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නෙ, මරියානා ආගාධෙ කියනකොට වචනෙන්ම තේරෙනවා ඒක ආගාධයක් කියලා, නිකන් ආගාධයක් නෙමෙයි මේක තමයි ලෝකෙ තියෙන ගැඹුරුම තැන, ඊට පස්සෙ පසුකාලෙදි නැත්තම් 1951දි බ්‍රිතාන්‍ය නෞකාවක පරික්ශණ කණ්ඩායමක් විසින් ඒත් ආයෙමත් හොයාගෙන තියෙනවා ආගාධෙ දකුණු දිශාවට වෙන්න පතුලෙ වෙනම පළාතක් නැත්තම් නිම්නයක් තියෙනවා කියලා කිලෝමීටර් 10.91ක් ගැඹුරු. ඒ පරීක්ශණ කණ්ඩායම විසින්ම තමයි ආගාධෙ මුලු ප්‍රමාණය ගණනය කරලා තියෙන්නෙ, ඒ කියන්නෙ දිග පළල. ගැඹුරුම හරිය නම් කරලා තියෙන්නෙ Challenger Deep කියලා.. ඒ නම යොදාගෙනත් තියෙන්නෙ ඒ ගැඹුර තරණේ කිරීමට තියෙන භිසුණු අභියෝගයක් තරමට අපහසුව බව නිසාමයි.. දැනට සැලකෙන්නෙ මේ හරිය තමයි ගැඹුරුම කොටස කියලා.. පුදුම හිතෙන කාරණේ කිව්වොත් මේ වෙනකොට එවරස්ට් කන්දෙ මුදුණට යන්න දහස් ගාණක් ලෝකෙ මිනිස්සු සමත්වෙලා තියෙනවා, ඒත් තාමත් ලෝකෙ ගැඹුරුම තැනට සාර්ථකව යන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ අතේ ඇඟිලි වලටත් වඩා අඩු පිරිසකට විතරයි.. ඒ හේතුවත් මන් පහදන්නම්(*)..

කොහොමහරි මේ මරියානා ආගාධෙ හැදිලා තියෙන්නෙ භූතැටි දෙකක් එකිනෙකට ඝට්ඨන වීමෙන් ඒකියන්නෙ හැප්පිලා ඒක භූතැටියක කෙලවරක් අනිත් භූතැටිය උඩින් පිහිටීමෙන් (Continental Shelf & Abyssal Plain ).. මෑතකදි (26 මාර්තු 2012) පතුලටම යැයි සලකන්න පුලුවන් මට්ටමකට ගිහින් තියෙන්නෙ මරියානා ආගාධෙට කවුරුත් දන්න ටයිටැනික් කතාව හදපු ජේම්ස් කැමරන්, National Geographic චැනල් එකේ කණ්ඩායමක් එක්ක කුඩා ප්‍රමාණෙ කුමුදුවක් (submarine) එකක් තමයි ඒකට යොදාගෙන තියෙන්නෙ.. ඔහුට පතුලට ලඟාවෙන්න පැය 2යි විනාඩි 34ක් ගතවෙලා තියෙනවා..

මරියානා ආගාධෙ පතුල තරණය එවරස්ට් කන්ද නගිනවට වඩා ගොඩක් වියදමෙන්, බිහිසුණු බවෙන් ගොඩක් අදිකයි.. මරියානා ආගාධෙ වෙනස්වීම් භූතැටිවල වෙනස් වීම් වගේ දෙවල් ගණනය නිර්ණය කරන්නෙ සැටලයිට් මගින් නැත්තම් අධි ධ්වනි තරංග මුහුදු පතුලට යවලා (Sonar), මේ අපායට යන්න බැරි හේතු කිව්වොත් * පතුලටවෙන්න කෙමෙන් කෙමෙන් සූර්ය රශ්මිය පතිතවෙන එක ක්ශයවෙලා යනවා, කවුරුත් දන්නවා ඇති ලිඳක උනත් අඩිය කළුවරයි කියලා, නිකමට ඇස් දෙක වහගන්න ඒ වගේම කලුවරක් තමයි මරියානා ආගාධෙත් තියෙන්නෙ. සාගර පතුලට ඉර එලිය ගමන් කරන්නෙ කිලෝමීටරයක් පමණ දුරක් ඒක පදනම් කරගෙන ආලෝකය මුහුදු පතුලට යන විදිහ ගැන මට්ටම් තුනක් තියෙනවා භෞතික විද්‍යාවෙ, ඒ ඒ මට්ටම් වල හැටියට තමයි මතස්‍ය ජීවීන් විශේෂ හැඩ ගැහිලා තියෙන්නෙ, 


සූර්ය රශ්මිය අඩුවෙනවා කියන්නෙ වතුරෙ තියෙන අඩියට වෙන්න උශ්ණත්වෙත් අඩුවෙනවා කියන එක, ඒ වගේමයි පීඩණයත් වතුරෙ ගොඩක් වැඩී, කොහොමරි මරියානා ආගාධෙ පතුලෙ උශ්ණත්වය සෙල්සියස් අංශක 1- 4ත් අතර පරාසයක් ගන්නවා. ඒ කියන්නෙ අධික සීතලක්.

 මරියානා ආගාධෙ ඒ සීතලට, අඳුරටම හැඩගැහුණ ජීවින් අපි දැකලා තියෙන මාලු වගේ ඉන්නවා ඒත් පෙනුමෙන් ගොඩක් විකෘති කිව්වොත් හරි, භිහිසුණු පෙනුමක් ගන්න ජීවින් තමයි ගොඩක් වෙලාවට ඉන්නෙ, උන්ගෙ දරුණුබව ගැනවත් මේ වෙනකොට සඳහනක් නෑ, මොකද කලාතුරකින් තමයි ඒ වගේ ජීවියෙක් විශාල ප්‍රමාණයේ දැලකට අහුවෙන්නෙ, ගොඩක් කලාතුරකින්, ඒකත් අහම්බෙන් ඒ ජීවියෙක් සාගරයේ ගැඹුරු කොටස තරණය කරලා උඩ කොටසට ආවොත් විතරයි. එහෙම සිද්දි ගොඩක් වාර්ථාවෙනවා..

ලංකාවෙ ධීවර කලාපවලත් ඒ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා.. එහෙම අහුවෙන ජීවින් විවිධ හේතූන් නිසා මරණයට පත්වෙනවා, අධික උශ්ණත්වය, දැල් වලට හසුවීම, අනෙකුත් මාංශ භක්ශක මසුන්ට භිලිවීම වගේ හේතු නිසා..

තාම විද්වතුන්ට විසඳගන්න බැරි උන ගවේශණය කරලා ඉවරකරගන්න බැරි උන ජීවීන් දහස් ගාණක් ලක්ශ ගාණක් මේ මරියානා ආගාධෙ ජීවත්වෙනවා කිසිදවසකවත් ඇහැකටවත් නොගැ‍ටුණු.. බොහෝමයක් අල්ප කොටසක් තමයි මේ වෙනකොට හොයාගෙන තියෙන්නෙ.. ඔවුන්ගෙ භිහිසුණු බවත් හැංගුණ දේවල් පවා මේ මරියානා ආගාධෙ තවමත් අභිරහසක්.. මිත්‍යාමත, විශ්වාසයන් කීපයක් තියෙනවා හරියට තහවුරු කරගත්තෙ නැති නමුත් පරික්ශණ කණ්ඩායම් විසින් අසු කරගන්නා ලද අධි ධ්වනි තරංග මගින් හා කැමරාවලින් අපැහැදිලි සාක්ශි ගොඩක් තියෙනවා මෙගලඩොන් මෝරෙක්/ මෝරුන් ගැන නැත්තම් තල්මසෙකු ගිලීමට පවා හැකි අවුරුදු මිලියන ගණනකට පෙර වඳවී ගිය මෝරෙකු / මෝරුන් මේ මරියානා ආගාධෙ අදටත් නොනැසී ජීවත්වෙනවා කියලා ඒ වගේම ගොඩබිම තියෙන අපි දැකපු දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට පහලින් තියෙනෙ මේ පහළ ලෝකෙ නිරන්තරයෙන්ම සිද්ධවෙනවා..
සටහන - Dananjaya Ranawake


Sunday, January 31, 2016

මරු ත්‍රිකෝණය ... (බර්මියුඩා ත්‍රිකෝණය)

තවමත් නොවිසදුන අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්රිකෝණාකාර මුහුදු කලාපය තුල වර්තමාන වන විට අතුරුදහන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්රමාණය සිය ගණනකි'බර්මියුඩා ත්රිකෝණය තියෙන්නේ බටහිර අත්ලාන්තික් මුහුදේ ඇමරිකාවේ ෆ්ලොරීඩා හා බ්රසීල මුහුදේ සැතපුම් 20ක් උතුරෙන් තියෙන ලක්ෂ්ය තුනක් යා කරන වර්ග කිලෝමීටර් දහස් ගණනක් අයත් වන ප්රදේශයකය'
1945 සිට බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන දේවල් අතරට ගුවන් යානා 300ක් නෞකා 250ක් සහ මිනිසුන් දහස් ගණනක් වෙනවා.හැබැයි පුදුම වැඩේ කියන්නේ මේ අතුරුදහන් වුන කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් සොයාගන්න බරිවුනලු ඉන් සිදුවීම් කිහිපයක්'
1945 දෙසැම්බර් 5 දින Flight-19 අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම'
1948 ජනවාරි 29 දින KC-135 වර්ගයේ ගුවන් යන 2ක් අතුරුදහන් වීම'
1999 ජුනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම'
1967දී අධිවේගී රේස් බෝට්ටුවක් කිට්ටුව වෙරළේ සිටි අය බලාගෙන ඉද්දීම අතුරුදහන් වෙලා තියෙනවා'
1973 මාර්තුවල ටොන් 20 000ක් බර භාණ්ඩ ප්රවාහන නැවක්'
1924දී ජපාන නැවක්'

ඊටත් වැඩ පුදුම දෙයක් තමි 1932දී නැව් දෙකක් අතුරුදහන් වෙලා පස්සේ හොයගෙන්න තියෙනවා"එත් ඒවායේ සේවය කරපු කෙනෙක්වත්" ගියපු මගියෙක්වත් සොයාගන්න බැරිවෙලා...
බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකන්ම එක්ක රේඩියෝ තියෙනව.මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පණිවිඩ වලින් මේ ප්රශ්න වලට යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්ලු.1995 වෙද්දී අතුරුදහන් වුන ගුවන් යානා 100කට වැඩියිලු' එයින් 35] කම තම ගුවන් යානා කිට්ටුව අහසේ තිබුන යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියෙනවා' 25] ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා ගිහින් තියෙනවා.අනිත් ඒවා එකපාරටම අතුරුදහන් වෙලා තියෙනව.
බර්මියුඩ ත්රිකෝණයේ අභිරහස තවන්මත් නිසියාකාරයෙන් විසදී නොතිබුනත් ඉන් පිටත සාගරයේ සිදුවන බොහෝ නෞකා අතුරුදන් වීම්වලට හේතුව අනාවරණය කරගන්නට ඕස්ට්රේලියාවේ මොනෑෂ් සරසවියේ ඩේවිඩ් සහ ජෝශප් මොනගන් යන පරීක්ෂකයන් දෙදෙනෙකුට හැකි වී තිබෙනවා'

ඩේවිඩ් සහ ජෝශප් මෝගන් පවසන්නේ මේ මුහුදු යාත්රා ගිලියාම පිලිබදව මුහුදු පත්ලේ මීතේන් සංචිතය වගකියයුතු බවයි 'සාමාන්යයෙන් වගුරු හා පතල් වලින් නිකුත් වෙන මීතේන් ,ගන්ධයක් රහිත වන අතර" එය පවතින්නේ වායුවක් ලෙසිනි.එහෙත් ගැබුරු සාගර පත්ලේ ඇති අධික පීඩනය හේතුවෙන් මීතේන් එකට කැටි වී" අයිස් වැනි ඝන මීතේන් තැන්පතු හට ගන්නවා' මේවා හදුන්වන්නේ වායු හ්යිඩ්රේට ලෙසයි'මෙවැනි මීතේන් එකවරම පිපිරී විඝටනය වීම නිසා වායු බුබුළු"සාගරය මතු පිටට පැමිණෙන විට දැවැන්ත වායු බුබුළු බවට පත් වී නෞකා ගිල දමන බවයි'ඔවුන් පෙන්වා දෙන්නේ යුරෝපා හා බ්රිතාන්ය මහද්වීප අතර උතුරු මුහුදේ මෙවැනි ප්රදේශ රාශියක් ඇති බව දැනට සිදුකරන ලද පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ" මෙසේ මීතේන් අධිකව සංචිත වූ ප්රදේශයක සිදුවන පිපුරුමක් හා පිටවෙන වායු බුබුළු වල ප්රමාණය කවූරුවත් දැක නැහැ.
එම ක්රියාවලියේ ආකෘතියක් ආශ්රයෙන්" මුහුදු යාත්රාවකට සිදුවිය හැකි හානිය සොයන්නටයි ඔවුන් උත්සහ දැරුවේ' ඔවුන්ගේ පරීක්ෂණ වලින් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගත හැකි වුන" එනම් නෞකාව ගිලි හෝ නොගිලී යාම තීරණය වෙන්නේ" වායු සාපේක්ෂව නෞකාව පිහිටන ස්ථානය මත බව ඔවුන් දුටුවා.මෙහි භයනකම ස්ථානය වන්නේ" වායු බුබුලේ ඉහලම පිහිටි අචල ලක්ෂය හා බුබුළු නිසා ඉහළ නැගී තරඟයේ නග්ම ආරම්භ වන ස්ථානය අතර පිහිටීමයි'
එම ප්රදේශයේ පිහිටි යාත්රාවක් නිරුපද්රිතව පවතින්නේ බොහොම කලාතුරකින්"මෙසේ මීතේන් වායු බිබුලක් නිසා ගිලි යන නෞකාවක් මුහුදු පත්ලේ මීතේන් පිපිරී ගිය ප්රදේශය තුල රැදෙන ස්ථානය "මායාකරියන්ගේ කුහරය" ලෙස අද හදුන්වයි..
ඔවුන් තවත් එක මතයක් පල කරනවා.ඔවුන් කියන්නේ ස්වාභාවිකවම මෙම ප්රදේශයේ මීතේන් බහුල නිසා එයින් ජලයේ ඝනත්වය අඩු වෙන්ව කියල.ජලයේ ඝනත්වය අඩුවන නිසා ගිලෙන නැවු කැඩෙන්නේ නැතුව ගිලෙනවා.ඒකනිසා තෙල් කාන්දු වීම් වෙන්නේ නැ ,ඒක නැවු වලට ඇත්ත වෙන්න පුළුවන්, ඒ උනාට ගුවන් යානා වලට ? ඔවුන් කියන්නේ නම් අධික මීතේන් ප්රමාණය නිසා ගුවන් යානා වල එන්ජින් නතර වෙන්න පුළුවන් කියල.හැබැයි ,ඒ අයම පිලිගන්නවා එක ඇසිල්ලකින් සිදුවන දෙයක් නෙමෙයි කියල.අනිත් එක එහෙම කඩාගෙන වැටුනත් එක සැරේම රේඩාර් පද්ධතියෙන් අයින් වෙන්නේ කොහොමද....?? බර්මියුඩ ත්රිකෝණය තුල සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක් වෙයි ද??

ලිපිය කවිඳු පතිරණ

වචන...


අප සියළු දේ සන්නිවේදනය කරන්නේ වචන හරහාය.නමුත් වචනයක අරුත හෝ නිරුක්තිය සාපේක්ෂය.සාපේක්ෂතාව රැඳෙන්නේ පුද්ගලයකුගේ දැනුම,බුද්ධිය හා අත්දැකීම මතය.
උදාහරණ-
වෘත්තය හෝ සරල රේඛාව-ගණිතඥයකුට මේ වචනයේ ඇහෙද්දී මැවෙන චිත්ත රූපය සමීකරණයක් විය හැක.
නමුත් මෙය චිත්‍ර ශිල්පියෙකු චිත්ත රූපය ලෙස හැඩය මවා ගත හැකිය.
එක වචනයකි නිරුක්තිවල හැඩයවත් සමාන නැත...
සාහිත්‍යමය නිර්මාණ බිහිවන්නේ වචන සිය දහස් ගණනකිනි.එවිට මේ දෙය වඩා සන්කීර්ණ වේ.සරලව එදිනෙදා යෙදෙන වචන වල නිරුක්ති ගණන වැඩිය.සංකීර්ණ නිරුක්ති අඩු වචන වලින් එය කියවීමට නීරස විය හැක.
අප බොහෝදුරට කියවන්නේ කෙනෙක් ලියන දෙයක් නොව අපගේ අනුවර්තනයකට ලක්කරගත් අපේම දෙයකි.
වචන වල තේරුම් යොදාගන්න අවස්ථාව අනුවත් වෙනස් වෙනවා.ඒකෙ තේරුම් දෘෂ්ඨිගතකිරීම අනුවත් වෙනස් වෙනවා...
උදා-සබ්බ දානං ධම්ම දානං ජිනාති
මෙහි සාමාන්‍ය පරිවර්තනය සියළු දානයන්ගෙන් ධර්ම දානය උතුම් වේ යන්නයි....එහෙත් අප මෙතැනට දානය-අතහැරීම කියල ගත්තොත්.....
ධර්මය අතැරීම සියළු අතැරීම් වලට වඩා උතුම් වේ.... අවුල් වගේ නේද??ඒත් ඒක මෙහම ගත්තොත්...
ධර්ම කියන එක ශ්‍රවණය,ගන්ධය,රූප වගේ ධර්මයන්(ස්වභාවයන්) අතෑරලා දාන එක උතුම් කිව්වොත්!!
ඉන්ග්‍රීසියෙන් උදාහරණයක් ගන්නම්.
nothing is perfect
මේකේ සාමන්‍ය තේරුම කිසිදෙයක් පරිපූර්ණ නෑ වගේ දෙයක්.. Nothing කියන වචන වෙනුවට මම ශුන්‍යතාවය කියන වචනේ ආදේශ කරන්නම්.එතකොට ඒකට මම දෙන තේරුම ශුන්‍යතාවය පරිපූර්ණ වේ කියන එක එක..
ශුන්‍යතාවය කියන්නේ ඉතා දිගු ඉතිහාසයක් තියන මාධ්‍යමික දර්ශනය යටතේ දියුණු වූ සංකල්පයක්.ඒ වගේම අවබෝධත්වයකට පත්වූ පුද්ගලයකුගේ මනස ශුන්‍යයි කියල සැලකෙන්නේ.(කිසිම දෙකින් කම්පාවක්/සතුටක්/දුකක් දැනෙන්නේ නෑ) ඒ තත්වය පරිපූර්ණයි කිව්වොත් ඒකට අර්ථයක් ලැබෙනවා.හැබැයි සාමාන්‍ය මතේට වඩා සෑහෙන්න වෙනස්.

ලිපිය 
Prabhath Withanage 

ලෝකෙ විශාලතම ගඟ මැප් එකක් විදිහට

මේ තියෙන්නෙ ලෝකෙ විශාලතම ගඟ මැප් එකක් විදිහට.. බ්‍රසීලෙ ඇමේසන් නදී නිම්නය.. මේ ගඟ ආශ්‍රිතව තියෙන අභිරහස් දේවල් කිව්වොත් තාමන් මිනීමස් කන ගෝත්‍රිකයො (cannibalism), එතනින් එහාට ලෝකෙ ඇති විශ සහිත මාංශ භක්ශක මල් පැලෑටි.. උග්‍ර විශ සර්පයන්, ගෙම්බන් සහ කෲමීන් පවා මේ වෙනකොට හොයාගෙන තියෙන්නෙ මේ කිලෝමීටර් 15 200ක් දිග ග‍ඟෙන් පෝශණය වෙන ඇමේසන් කැලේනුයි.. මේ කැලේ තියෙන පෞරාණික ගස් වර්ගත් ලෝකෙ තියෙන පැරණිම වගේම ඔසු ගුණයෙන් පිරුණු ගස් වර්ගත් ලෝකෙ ඉතා දුර්ලබ පෑලෑටිත් මේ කැලේ තාමත් හටගන්නවා..

ගඟ ගැන කිව්වොත් මේ වෙනකොට මිරිදිය මත්ස්‍ය ලෝකෙ දරුණුම මත්ස්‍ය ඛාණ්ඩ වෙන පිරාණා සහ පාකු යන නම් වලින් හැදින්වෙන මතස්‍යයින්ද වෙසෙන්නේ මේ ග‍ඟෙයි.. ඔබ බොහෝවිට National Geographic (NatGEO) / Discovery චැනල් තුලින් දැක ඇතී.. ඔවුන්ගෙ විශේෂත්වය පිරනා සහ අනෙකුත් දරුණු ඝණයේ සැලකෙන මතස්‍යයින්ගේ අසාමාන්‍ය වර්ධනයයි.. දැනට සොයාගෙන ඇති විශාලතම පිරානා මත්ස්‍යයාද සොයාගෙන තිබෙන්නේ මෙම ගගෙනුයි.... එමෙන්ම කුඩා ප්‍රමාණයෙ පිරාණා මතස්‍යයින් රංචුවකට ගෝනෙකු මුලුමනින්ම කා දැමීමට ගත වන්නේ තප්පර ගණනකි..

 අප කවුරුත් දන්නා ඇනකොණ්ඩා නම් ලොව විශාලතම සර්පයින්ද ජීවත්වන්නේ මෙම ඇමේසන් කැලය ආශ්‍රිත ගංගා අසබඩයි.. මෑතක් වෙනකම් සැලකුවේ නයිල් ගග දිගම ගංගාව ලෙසයි, නමුත් ප්‍රමාණයෙන් මෙන්ම පෝශක ප්‍රදේශ වලින් විශාලතම ගඟ වන්නේ මේ දැවැන්ත ඇමේසන් නදී නිම්නයයි. .

ලොව මේ වන විට මරියානා අගාධය හැරුණුකොට ලොව භිහිසුණු මෙන්ම, අභිරහස්වල ගහණ ගොඩබිම ඇති එකම ප්‍රදේශය ඇමේසන් ගඟ ආශ්‍රිත මෙම ඇමේසන් ගංගා නිම්නයයි...ඇමේසන් ගඟ සහ එහි බිහිසුණු දෑ පිලිබඳ අලලා නිපදවුණු චිත්‍රපට ඔබ දැක ඇතැයි සිතමි, හේතුව එහි ඇති සැඟවුණු බිහිසුණු බවයි.. 

ලිපිය  Dananjaya Ranawake