Friday, January 29, 2016

නිදහස් වෙළඳපොළ දිනේවා !!


මිනිසාගේ පුද්ගලික නිදහස සතුට මෙන්ම සම්පත් භුක්තිවිඳිමේ ඇති නිදහස දේපොල රැස්කිරීමේ අයිතිය වැනි කරුනු මෙන්ම නවොත්පාදන බිහිකිරීමේ හැකියාව ඇති ලොව එකම ක්‍රමය නම් ධනවාදයයි.
ධනවාදය හෝ වෙළඳපොල යනු සියලු දේ විසඳන සඳුන් ගැටයක් හෝ සුරබිදෙනක් නොව .මිනිසා මෙතෙක් ජීවත් වීමට සොයාගන්නා ලද සාපේක්ෂ එකම සාර්ථක ක්‍රමයයි. පාලනය ප්‍රජාත්ත්‍රවාදය සේම ආර්ථිකය වෙළඳපොල එහි ප්‍රධාන ලක්ෂණයන් වේ.
මිනිසා යනු විවිධ වූ හැකියා ඇති ආශා බලාපොරොත්තු සේම හැකියා ඇති සත්ත්වයෙකි.පුද්ගලික මිනිසාගේ ඇති කැමැත්ත අවශ්‍යතාවයන් දන්නේ ඔහුම පමනකි.එය ඔහුට පිටින් ඇති කිසිම සංස්ථාවකට සංවිධානයකට පක්ෂයකට දත නොහැකි වා සේම එසේ දන්නේ යැයි සිතීමත් විහිලුවකි.
එකිනෙකාගේ කැමැත්ත මත සිදුවන විවිධ වූ හුවමාරු මැදට පැන ඇති භයානක රකුසා නම් රජයයි !! රජයක් ආර්ථිකය තුල මැදිහත් වන ප්‍රමාණයට නිදහස නිෂ්පාදනයන් සේම මිනිස් ජීවිතයද අවුල් වෙන ප්‍රමාණය මහත්ය.
ධනවාදය යනු තරඟකාරිත්වයයි !!.වෙළඳපොලක අතිමූලික සිද්ධාන්තයනම් තරඟකාරිත්වය මිස අන්යමක් නොවේ. රජයන් ආර්තිකය තුල මැදිහත්ව ඇති කරන විවිධ වූ විකෘතීන්ට ධනවාදය හා වෙළඳපොල චූදිතයකු කරන සෑම දෙනාම තරඟකාරිත්වය ගැන මුනිවත රැකීම යනු ධනවාදය කුමක්දැයි අවබෝධ කර නොගත්ත වුන්ය.

ලිපිය  
Krishna Ramanayaka

No comments:

Post a Comment