Tuesday, January 26, 2016

ගාමන්ට් එකේ අයියගේ ප්‍රශ්නේ

මම දන්නා පුද්ගලයෙක් පොඩියට ගාමන්ට් එකක් කරගෙන යනවා. ඔය ලොකු ලොකු සිකුරිටි සමාගම් කිහිපයකම යුනිෆෝම් මහන්නේ එයාගේ වැඩපොළේ. මමත් කාලයක් ඔකේ රෙදි කපල අන්තිමට මැෂින් එක පාගල මහන්න ඉගෙන ගත්ත. රුපියල් 15000ක් විතර තමා පඩි දුන්නේ.
දැන් මනුස්සයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා සේවක හිගය. රුපියල් 15000/18000 අතර පඩියකට කට්ටිය නැහැ හොයා ගන්න. මනුස්සයට ඊට වඩා ගානක් පඩි විදියට දෙන්නත් බැහැ. ඉතින් ඔය ගානට ඉන්දියාවෙන් හරි වැඩ කරන්න මිනිස්සු එනවා නම් අර අයියට ලොකු හයියක්. දැන් ඔය සීපා ගිවිසුමෙන් ඒ වගේ සුළු පරිමාන ව්‍යාපාරිකයන්ටත් වැඩක් තියේවිද? අර පඩියට IT කාරයෙක් හරි කමක් නැහැ මහන්න (ජුකියේ ඉදගන්නවනම්) එනවා නම් පොරට ඒ ඇති. ඔය ගිවිසුමෙන් එහෙම වාසියක් ඔහුට තියේද?

No comments:

Post a Comment