Saturday, January 30, 2016

ලෝකයා ඔබ සිනහවද්දී ඔබසමග සිනාසෙයි. නමුත් ඔබට හඩන්නට සිදුවන්නේ තනිවමය.....

කෝ ඇල්ලුවද? කෝ හොරු? හූ හූ..උඹලට බෑ.....කියා බයියන් කෝචොක් දමද්දි....නොසිතූ වෙලාවක FCID ය එල්ල කළ ප්‍රහාරයෙන් බයියන් අන්ද මන්ද වී ඇති බවක් පෙනෙයි...
පෞද්ගලිකව මට අවුරුදු 22කදී රූපවාහිනී නාලිකාවක් තබා ඉන්දියාවට යාමට ගුවන් ටිකට්පතක් ගැනීමට හැකියාවක් නොතිබුණි.. මගේ සොයුරු නාවුක හමුදා හෝ යුද හමුදා මිතුරන්ටද එසේමය.
පළවෙනි සරල කාරණාව තමා දරුවන් වරදට පෙළඹූවේ තාත්තලා බාප්පලා බවය. එය වත්මන් ජනාධිපතිවරයාටද අදාළය. දහම් සිරිසේන බබෙකු නොව මිනිසෙකු කළ හොත් සිරිසේන මහතාට අනාගතයේදී අඩන්නට සිදු නොවනු ඇත....
වර්තමානයේ බලයේ නාමයෙන් කරන අයථා ක්‍රියා බොහෝ සෙයින් අඩුය. රනිල්ට, මෛත්‍රීට ඕනෑතරම් විවේචන එල්ල කළ හැකියාවක් ඇත.. දහම් සිරිසේනත්, චතුරිකා සිරිසේනත් තම ඇගිල්ලේ තරමට ඉදිමිය යුතුය. නැතහොත් ඔබලා අඩද්දි කදුළු පිසින්නට කිසිවෙකු නැතිවනු ඇත...
ලෝකයා ඔබ සිනහවද්දී ඔබසමග සිනාසෙයි. නමුත් ඔබට හඩන්නට සිදුවන්නේ තනිවමය.....

ලිපිය මනෝරම වීරසිංහ

No comments:

Post a Comment