Friday, January 29, 2016

බොදුබල සේනාව සහ ඥානසාර හිමියන්


හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතාගේ පරාජයට සම්පූර්ණ තීරනාත්මක සාදකය වූයේ ඔබ වහන්සේගෙ හලාල් විරෝදී ව්‍යාපාරය කිවහොත් නිවෑරදිය.මුස්ලිම් ප්‍රජාවේ බහුතර කැමැත්ත හිමිව තිබූ මහින්ද බලවත්ව නැගී සිටින අවස්තාවක හිටි හැටියේම ආරම්භ වූ ඔබ සන්විධානය ඒ සදහා ගෝඨාභය මහතාගේ සෘජු නායකත්වයෙන් පිහිටු වූ සන්ධානයක් ලෙස මුස්ලිම් ප්‍රජාව වෙත හුවා දක්වමින් සන්නිවේදනය කරමින් මහින්ද මහතාගේ ජයග්‍රහනයේ තීරනාත්මක සාදකයක් වූ මුස්ලිම් චන්ද විනාශ කිරීමේ කූට උපක්‍රමය සාර්ථක කරගෙන ඔහුව ජනාධිපති දූරයෙන් පන්නා දැමීමේ පලමු මෙහෙයුම ඉතා සාර්ථක කර ගන්නා ලදී.
සිරිසේන ජනාධිපති වූ පසු හා එ.ජා.ප.ය බලයට පත් වූ විට මීයට පිම්බා වැනිව නිහඩ වූ ඔබ වහන්සේ සිරිසේනගේ හමුවීමෙන් පසුව මහින්ද හා ගොඨාභය විරෝධී දෙවන මෙහෙයුම අද ඉතා සාර්ථකව ආරම්භ කර ඇති බව පෙනේ.
ගොඨාබය මහතා දේශපාලනයට පිවිසෙන්නට ඔන්න මෙන්න තියා ඔබලාගේ දෙවැනි මෙහෙයුමේ කූටප්‍රාත්තියට පත් ඔබ වහන්සේගේ සහ සිරිසේන රනිල් හවුලේ මෙම නාටකය දිහා මොලයෙන් කල්පනා කිරීම සිතු කල යුතුව ඇත.
මෙම නාටකයට රජයේම ඉතා පලපුරුදු ඉත්තන් වූ සන්ද්‍යා එක්නැලිගොඩ හා ඥානසාර හිමියන් හදිසියේම හොදින් පන පොවමින් සිටියි.
ඔවුන් මේ අවබාවිත සිදු කරන්නේ ගෝඨාබය හා මහින්ද මහතාගේ රට ජාතිය පිලිබද ඇති ආදරය හා ආකල්පයම බව තේරුම් ගත යුතුය.
මහින්දගේ හා ගෝඨාබයගේ ජාතික හැගීම ඔවුනටම විරුද්ද්ව පාරා වලල්ලක් කරවීම සදහා වූ මෙම ක්‍රියාමාර්ගයට දෙවන වරටත් අසු නොවීමට අප වගබලා ගත යුතුවේ.
උසාවියේදී මෙලෙස අශෝභන ලෙස හැසිරෙන්නෙකුට අත්වන ඉරනම මෙය බව නොදැන සිටින තොත්ත බබෙකු ලෙස ඥානසාර හිමියන් කටයුතු කලේ නම් ඔහු මෙවැනි බොදු බල සන්දානයකට නයකත්වයට කිසිසේත්ම සුදුසු අයෙකු නොවේ.
එබැවින් මේ නාටකයේ ස්වභාවය මුලදීම අප හදුනා ගත යුතු වේ. මෙය හුදෙක්ම මහින්ද හා ගෝඨාබයගේ කිතුනු හා මුස්ලිම් චන්ද ඉලක්ක කරගෙන නොර්වේ හා රනිල් සිරිසේන හවුල විසින් උවුන්ට අවශ්‍ය කාර්ය ඉටු කරන්නා වූ ඉත්තන් බව අපහසුවෙන් උනත් වටහාගෙන කටයුතු කල යුතුවේ.
ඔබ හා මා තවත් ජාති ආලය නාමයෙන් මෙවැනි පරගැති රූකඩ වලට හසු නොවී සිටීම වටී.
මා ඉතා හොදින් ප්‍රත්‍යක්ශ කල කාරනාවක් වේ එයනම් මෙම බොදු බල සේනා ආරම්බයේදී ඔවුන්ට සෘජුව සම්භන්ධ වී මිනිස් බලය ප්‍රදර්ශනය කිරීමට එක්වූයේ ජ.වි.පෙ. සාමාජිකයින් බව.අප මෙය දෙස බලා එදා සතුටු වූයේ ඔවුන් හොද ගමනකට එක්වූවා යැයි සිතාය නමුත් මේ පිටුපස ඇත්තේ අසීමිත වූ මහින්ද විරොධය බව පසක් වන විට සියල්ල් සිදු වී හමාරය.
නැවත වරක් මොවුනට නොරැවටී නව නායකත්වය නව පක්ශය හා එක් රොක් වී අපි නව ගමන ආරම්බ කිරීමට පෙල ගැසෙමු.

ලිපිය Sameera Senanayake

No comments:

Post a Comment