Wednesday, January 27, 2016

B-2 Spirit


Northrop Grumman B-2 Spirit යානයට හමුදා සෙබළුන් හදුන්වන්නේ වානේ බෝම්බකරුවා යන නමිනුයි. මෙම යානය විශේෂයෙන්ම නිෂ්පාදනය කරනු ලැබුවේ සතුරු රටවල න්යෂ්ටික අවි සහ ගුවන් යානා නාශක වලින් සපිරි අධි ආරක්ෂක කලාප වලට පහරදීම සදහායි.එය 100% සාර්ථක කරගැනීම සදහා මෙම යානය සතුව ඇති අති ප්රබල න්යෂ්ටික අවි මගහරින රේඩාර් පද්දතිය බෙහෙවින්ම ඉවහල් උනු බවට ඇමරිකානු ගුවන් හමුදාව පවසනවා.
ඇමෙරිකානු ආරක්ෂක අමාත්යංශය ප්රථමයෙන්ම මෙම B -2 යානා 132
නිෂ්පාදනයකිරීමට සැලසුම් කොට තිබුනත් මෙහි නිෂ්පාදන වියදම නොසිතුලෙස ඉහල යාම නිසා යානා 21 පමණක් නිපදවා ව්යාපෘතිය අවසන් කරන ලදී. මෙම යානය බාවිතයෙන් සිදුවු බරපතලම ගැටලුව ඌයේ අධික ලෙස ඉන්ධන වැයවීමයි..එම නිසා ගුවනේ දීම මෙම යානාවල තෙල් ටැංකි පිරවීමට ගුවන් හමුදාවට සිදු වූ බව පැවසේ.
මෙම යානය නිල වශයෙන් ප්රථමයෙන්ම බාවිතයට ගැනුනේ 1999දී ඇති උණු කොසොවෝ යුධ සමයේ බවයි ඔවුන් පවසන්නේ,,, නමුත් ඒ වනවිටත් නොයෙක් රටවල ඔත්තු බැලීම සදහා සිය වරකට වඩා මෙම යානය බාවිතා කල බවට ශාක්ෂි ලැබී තිබෙනවා.. මීට අමතරව ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සිදුකල යුධ වලදී අති සාර්ථකව මෙම යානය යොදාගෙන තිබෙනවා...

2010දී මෙම යානය සම්පුර්ණයෙන්ම විශ්රාම යැවුනු බවට ඇමෙරිකානු ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කල නමුත් 2011 වසරේදී ලයිබීරියාවේ ඇතිවු කැරැල්ල මැඩ පැවැත්වීම සදහා මෙම යානා නැවත බාවිතා කලබවට BBC ජනමද්යවේදීන් පවසා සිටිනවා................
අධික වියදමක් දරා ඇති යානයේ unit cost එක USD$737කි.1989දී යානය පළමු වරට ගුවන් ගත කොට ඇත.නියමුන් දෙදෙනකුට යා හැකි පරිදි යානය නිර්මාණය කොට ඇත.යානයේ දිග 69 ft (21.0 m), Wingspan 172 ft (52.4 m)කි.යානයේ බර 71,700 kgකි.යානයේ උපරිම වේගය Mach 0.95 (550 knots, 630 mph, 1,010 km/h)කි.ඉන්ධන ධාරිතාව 167,000 pounds (75,750 kg)කි.
යානය තුළ 80× 500 lb class bombs ( Mk-82 , GBU-38 ) mounted on Bomb Rack Assembly (BRA), 36× 750 lb CBU class bombs on BRA, 16× 2,000 lb class bombs ( Mk-84 , GBU-31 ) mounted on Rotary Launcher Assembly (RLA) හා 16× B61 or B83 nuclear bombs on RLA (strategic mission) බොම්බ රැඳවිය හැකිය.මෙහි ඇති විශේෂත්වය වනුයේ රේඩාර් වලට හසු නොවි පියාසර කළ හැකි වීමයි.

ලිපිය කවිඳු පතිරණ ගෙන් 

No comments:

Post a Comment