Wednesday, January 27, 2016

'යුගයේ ගායිකාව සහ යුගයේ එළදෙන'


(පසුගිය සතියේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ ගීයක් ගැයූ යුවතියක 'යුගයේ ගායිකාව ලෙස' හඳුන්වා දුන්නේ යුගයේ එළදෙනකි. මේ ඒ ගැන කෙටි සහ සරල විරෝධයකි)
ජාතියේ යශෝරාවය වූ නන්දා මාලනියගේ ගීතයක් උමාරා, උමාරියා ස්ටයිල් එකට ගයලා, පොඩි චේගුවෙරා ඇක්සන්ට් එකක් දාලා, ගීතයේ වචන ටික ලංසි ප්‍රනවුන්සේෂන් එකක දාලා පොඩ්ඩක් තුප්පහි කරලා, ඇස් පොඩි කරලා, කට උල් කරලා, පශ්චාත්භාගය වනලා, නටවලා, තටමලා, පොඩි කැට් වෝක් දෙක තුනක් දාලා සිංදුවක් කියපු ගමන් මේ ගායිකාව යුගයේ ගායකාව කරපු යුගයේ එළදෙනකට මුලින්ම මාගේ දැඩි විරෝධය පළ කරමි.
මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවක ආධුනික ශිල්පියකු විසින් ගයන ගීතයක හොඳ නරක කියා දෙන්නට සංගීතය විෂයෙහි දැනුමක් හැදැරීමක් ඇති කෙනෙක් විනිශ්චය මණ්ඩලයට පත් නොකොට 'ලස්සනට වචන ගැලපීම පමණක්' සුදුසු කමක් කොට ගත් නිවේදිකාවකට භාර දීම පිළිබඳව සිරසටද විරෝධය පළ කරමි.
අනික ජනතාවගේ SMS මනාපයෙන් සුපිරි තරු තෝරන තරඟයක යුගයේ ගායිකාව තරඟ වදිනකොට අනෙක් තරඟ කරුවන්ට යන කළ දසාව කුමක්ද? මේ නොකියා කියන්නේ අනිත් එවුන් පැත්තකට දාලා යුගයේ ගායිකවට SMS යවපල්ලා කියලා නොවේද
භාෂි මධුභාෂිණී තරඟකාරිය, යුවතිය ගැන විවාදයක් නෑ. ඇය දක්ෂයි. ස්ටාර් පෙරහැර වේදිකාවේ සිට ඇය ජනතාවට අලුත් ට්‍රෙන්ඩ් එකක් හඳුන්වා දෙනවා විරෝධාකල්ප ගී සහ ගීය ගැයුමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කරන කළින් සකසා ගත් හිතට දැනෙන වචන කීපයක් හරහා. අනිත් තරඟ කරුවන් ගීතය ගයනවා හැරෙන්න එහෙම වචන මාකට් කරන්න උත්සාහයක් ගන්නවා පෙනෙන්නට නැහැ.
නන්දා මාලනිලා, කපුගේලා, ජයතික බණ්ඩාරලා මීට අවුරුදු විස්සකට කළින් දහසකුත් එකක් තර්ජන මැද්දේමේ විරෝධාකල්ප ගී ගයද්දී රෝම කූප කෙළින් කරන් අහං හිටපු අපිට මේවා අරුමයක් නොවුනාට අද පරපුරට මේක අලුත් වැඩක්. ඔවුන් ඉතා විමසිළිමත්ව මේ දිහා බලං ඉන්නවා. ඒ හින්දාම මේ ගායිකාවන් උස්සා තියන්න භාවිතා කරන වචන ගැන විනිශ්චය මණ්ඩල වල සාමාජිකයින් හැටියට ඉන්න අය සහ මෙවැනි විනිශ්චය මණ්ඩල වලට එන මිනිස්සු වග කියන්නට ඕනේ.
නන්දා මාලිනියගේ ගීතය පොඩි තුප්පහි ස්ට්යිල් එකක් දාල කියපු මේ විසේකාර කෙල්ල යුගයේ ගායිකාව කරපු 'යුගයේ එළදෙන' එතකොට නන්දා මාලනිය හඳුන්වන්නේ යුගයේ කවුරු කියලද...?
ඇය මීළඟ වැඩසටහනේදී මේ ප්‍රශ්ණෙට උත්තර දිය යුතුයි...
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක ~
-----------------------------------------------------------
පසුව ලියමි: පහත ලින්ක් ඔස්සේ ගී දෙකම අහන්න විඳ ගන්න.
ඔබටත් ජාතියේ ගායිකාව වීමට අවශ්‍ය නම් තුප්පහි ස්ට්යිල් එකට සිංදු කියන්න පටන් ගන්න.
------------------------------------------------------------
නන්දා මාලනිය විසින් මීට වසර ගණනාවකට පෙර ගැයූ 'හන්තාන අඩවියේ'
---------------------------------------------------------------
භාෂි මධුභාෂිණි ගැයූ නන්දා මාලනියගේ 'හන්තාන අඩවියේ'

No comments:

Post a Comment