Wednesday, January 27, 2016

එදා - අද


කාලයකට ඉහත තිබුනා ලංකාවෙ ප්‍රසිද්ද සංගිත කන්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කන්ඩායම එලිමහන් වෙදිකාවේ ගායනය කරපු ගීතයක්...
කට්ටියට නම් මතක ඇති
"එලාර දුටුගැමුනු යුද්දය තේමා උන නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ
අදවාගේ තමයිලු යුද්ද කතා බලන්නමලු වැඩි දෙනා එකතු උනේ ඉස්සර කාලේ..."
මේ සිංදුවෙ තැනක තියෙනව
"උඩ පැනපු දුටුගැමුනු ලාම්පුවට ගහනවා
කෑ ගහපු හූ කියපු අය සයිලන්ස් වෙනවා... කියල..
ඒ කාලෙ මේ සිංදුවට කට්ටිය නටපු එක තමයි කලේ වැස්සෙ තෙමීගෙන...
කවුරැත් ගීතය ගැන ලොකුවට විචාරය කරන්න දුටු ගැමුණු රජතුමාට අපහාස උනා කියන්න ඉතිහාසය විකෘති උනා කියන්න ගියේ නෑ. සමහර විට මිනිස්සුන්ගෙ නොදැනුවත් කම හෝ වෙන යම් දෙයක් වෙන්න ඇති, සමහර විට මිනිස්සු එහෙම විචාර එලියට දාන්න අදහස් එලියට දාන්න බය වෙන්නත් ඇති. තවත් සමහර විට තාක්ශනය නොදියුනු නිසා මිනිස්සු අතරට ඒ ගැන කතිකාවක් නොගියා වෙන්න ඇති, තවත් සමහරැන්ට එහෙම කතිකාවක් තිබුනත් ඒක ජනතාව අතරටාරං යන්න ක්‍රමයක් නොතිබුන නිසා වෙන්න ඇති... තවත් සමහර විට සම්පූර්ණ දේම අර්ථය අරගෙන නිකා හිටියා වෙන්න ඇති...
......................................................................
කෙසේ වෙතත් පහුගිය වසර කිහිපය තුල ලංකාව ඇතුලත වෙච්ච තාක්ශනික පෙරලියත් එක්ක සමහර දේවල් මිනිස්සු අතරට වේගයෙන් යන්න ගත්තා ඒවගේම තමයි සමාජයේ එක් කොටසකට විතරක් සීමා වෙලා තිබුන යම් යම් දේවල් ගැන අදහස් දැක්වීම අද ප්‍රසිද්දියෙ ඕනි කෙනෙක්ට කතා බහ කරන්න පුලුවන් මට්ටමටම ඇවිල්ල තියෙනව... ඉස්සර යම් දෙයක් ගැන හන්දියෙ කඩේ ගාව විතරක් කතා කරපු සයිමන් අයියගෙ කතාව අද ලංකාවටම ඇහෙන්න කියන්න පුලුවන් වෙලා තියෙනව... ලංකාව නෙවෙයි ලෝකෙටම කිවුවත් සාදාරණයි..
මේක තාක්ශනයෙන් වෙච්ච හොඳ පෙරළියක් කියලයි මටනම් පේන්නෙ...
ඔබට මට යම් දෙයක් ගැන අදහස් දක්වන්න තව කෙනෙක් සමග අදහස් බෙදාගන්න මේ තාක්ශන පෙරලිය මහත් රැකුලක් වෙලා..

ලිපිය 
සුජිත් Priyantha ගෙන් 

No comments:

Post a Comment