Wednesday, January 27, 2016

හිස්.. FULLY EMPTY

පොම්ප කරුවෙක්මි පිරවුම් හලක
පොම්ප කරුවෙක්මි
හිස් ටැංකි පුරවන
කොච්චර පිරෙව්වත්
ජීවිතය හිස් වුන
ඉලක්කම් දහයක
ඉහල වගකීමක් දරමි
පහත් වෙන රිය කවුළුවෙන්
සිනාසෙන නෙතු සොයමි
තෙල් දුමට කාබන් පුසුඹට
හුරුවූ නහයට
වීදුරු ඇරෙන මොහොතෙහි
පමනක් විලවුන් සුවඳ හිමි
හිස් ටැංකි පුරවමි
ජීවිතේ හිස් කරමි !!











A gas station attendant I am,
Simply a pumper
Who fills empty fuel tanks.
Life is vacant, though
I fill many a tank.
I bear a high responsibility
Of ten figures, five plus five.
I seek beaming eyes
Through the lowering
Glass pane of the vehicle.
Only when the glass opens
The fragrance of perfumes reaches
My nose accustomed to
Oil fumes and carbon smell.
I fill tanks and empty my life.
A poem by Mkcp Shasheen
Translated into English by Upali Kannangara
2016.01.28

No comments:

Post a Comment