Friday, January 29, 2016

බාලිකා පාසල් ළඟ රස්තියාදු අයියලා


2016 ජනවාරි මස 29 17:02:26 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
අගනගරයට නුදුරු ප්‍රදේශයක බාලිකා පාසල් කීපයක් හා ටියුෂන් පංති ආශ්‍රිතව සිද්ධ වෙන තවත් ජාවාරමකි. මේ තොරතුරු කාලයෙන් හෝ මේ ලිපිය කල් ඉකුත්වීමෙන් යටපත් නොකර කාගෙ කාගේත් ඇස් ඇරේවායි අපි ප්‍රාර්ථනා කරමු.
දරුවො කොයි මවුපියන්ටත් තමන්ගේ පණට සමාන වේ. දරුවන් වෙනුවෙන් අම්මලා - තාත්තලා නොකරන දෙයක් නැත. කනකර උගස් තබා හෝ මාපියන් වෙහෙසෙන්නේ ළමයින්ට ඉගැන්වීමටය. උදේ පාන්දර දරුවන් අවදිකරවා ආහාර සකසා කවා පොවා පාසල් වෑන් රථයට ගොඩකරන්නේ දහසකුත් බලාපොරොත්තු මධ්‍යයේය. මේ බලාපොරොත්තු පොදි බැඳන් අග නගරයට හෝ ටියුෂන් නගරයට ඇදෙන පුංචි පැටවුන්ගෙන් එකෙක් දෙන්නෙක් කාමාතුරයන්ගේ ග්‍රහණයට යන කතාවේ එක කොටසක් මෙසේ දිගහරිමු.

දරුවෙක් පාසල් වෑන් එකට ඇතුළු කළාට හුඟාක් මවුපියො හිතනවා, දැන් ඉතින් දරුවා පරිස්සම් කියලා. ආයෙත් මේ දරුවා ගැන අම්මා තාත්තා බලන්නෙ හවසට වෑන් එකේ ගේ ළඟින් ගෙනැත් බැස්සුවාම. මේක නේද ඇත්ත. අතුල මහතා මගෙන් විමසයි.
ඔහුගේ කතාව ඇත්තකි. පාසල් කාලය තුළ ළමයා ගැන කිසිම හෝඩුවාවක් මවුපියන් නොදනිති. ටියුෂන් ගැන ඊටත් එහාය. ඔබේ දරුවන් සියල්ල පාසල් කාලය තුළ පරිස්සම්ද? ඔබ පරිස්සම් බව විශ්වාස කරනවාද? අපි ඔබෙන් අසමු.
“මහත්තයො ළමයි පාසල්වලට ගේන සමහර වෑන් වගේම ත්‍රිරෝද රථ රියදුරන් ගැන ඇත්ත කතාවක් කියන්නම්. අතුල මා කැඳවාගෙන කොළඹට වාහන ඇතුළුවන එක ප්‍රදේශයකට ඇදෙයි.
“මෙන්න එක පාසලක්” උසස් අධ්‍යාපනයෙන් ජය දද බැන්ද බාලිකා පාසලක් ළඟ ඔහු නතර විය.
“රියදුරන් කරන්නෙ වෘත්තියක්. ඒ වෘත්තිය වගකීම, විනය රකින අය විශාල පිරිසක් ඉන්නවා. හැබැයි සල්ලිවලට ඔය සියළු දේ විනාශ කර ගන්න රියදුරෝත් ඕනෑ තරම්. ඒ කියන්නෙ සල්ලි දෙනවා නම් ඕනෑම කුණු බාල්දියක් නා ගනී.
“තරුණ පිරිමි ළමයෙක් වුණත් - ගෑණු ළමයෙක් වුණත් හැඟීම් දැනීම් දැනෙන කොට, දඟකාර වයසට එනකොට ජීවිතේ විඳින්න ඕනෑ කියන හැඟීම් එයාලට මතුවෙනවා. අවුරුදු 14 - 15 පැන්නම ඉතින් ඒක නවත්වන්න බෑ. මේ දරුවො දකින්නෙ යට ඇඳුම් ගලවල ගායකයො අතට විසි කරන ලෝකයක්. ලාංකීය කාන්තාවන් ප්‍රසිද්ධියෙ ගායකයො බදාගන්න දේවල්. යට ඇඳුමක් ඇන්දොත් ඒකෙත් පාට හැඩය විතරක් නෙවෙයි යට ඇඳුමෙන් ඇවිදිනවා වගේ පේන සමාජයක්. මේ සමාජය තුළයි අපේ අම්මලා දරුවන්ට යහ මාවත කියා දෙන්න උත්සාහ කරන්නේ.”
අතුල මහතා කතාවට පූර්විකාවක් දෙයි.
තරුණ රියදුරෝ අවුරුදු 15-16 ගෑණු ළමයි එක්ක යාළුයි. එසේ තියන වයසට සමහර දැරියො තමන් යාළු වෙන්නෙ කවුරු එක්කද කියලා හිතන්නෙ නෑ. විශේෂයෙන් ටියුෂන් යන අවු. 16-17-18 ගෑණු ළමයි හිරට හිරේ කලිසම් ඇඳන් යනකොට මේ අයට දැල දාන සමහරු හන්දියෙ කරක් ගහන රස්තියාදුකාරයො. පච්චකොටාගෙන අත් නැති බැනියම් ඇඳපු අයියලා. ගම්පහ - කුරුණෑගල “ලයින්” කරල බලන්නකො බොරුද කියලා. ඉතින් විසේකාර වයසෙ ගෑණු ළමයි මේ අයියලට රැවටෙනවා. අයියට ලස්සන මෝටර් බයිසිකලයක්, ත්‍රීවීල් එකක් තියනවානම්, පච්චත් කොටාගෙන නම්, අතේ කරේ යකඩ දම්වැල් දාගෙන නම් සමහර ගෑණු ළමයි එයාලට “සෙට්”.
කතාව ඒක නෙවෙයි. ඔය සමහර තරුණ පාසල් රියදුරනුත්, නගරවල සැරිසරණ රස්තායාදුකාර කණ්ඩායමකුත් ගෑණු ළමයි අල්ලාගෙන විකිණීමේ විශාල ජාවාරමක් ගෙනයනවා.
එය පුදුම කතාවකි. දැරියක් හා යාළු වීමට ඔවුන්ට හැකිවීම කාලයේ තාලයටත් සමාජය යන ක්‍රමයටත් අරුම නැත. එහෙත් මේ දරුවන් විකුණන්නේ කෙසේද?
“මෙහෙමනෙ මහත්තයෝ.. පාසල් යන ගෑණු ළමයෙක් අවුරුදු 30-32 ක කොල්ලෙක් එක්ක යාළු වෙනවා කියන එක පුදුම වෙන්න එපා. ඒක ඉතාම සරල දෙයක්. රටේ කොහෙත් කොතැනත් ලක්ෂ ගාණින් වෙන දෙයක්. ටියුෂන් යන ගර්ල් කෙනෙක් එක්කගෙන කොහෙහරි රිංගන එක මේ රස්තියාදුකාර අයියලට කජ්ජක් නොවෙයි. සමහර ටවුන්වල ඔය ඕනෑතරම් කාමර තියෙනවා කියලා බෝඞ් ගහල තියෙනවා. සංචාරකයො එනවද?
හැබෑවටම ඊට පිළිතුරක් නැත. “ගිහිං බලන්නකො.. මේ ටවුන්වල කාමර තියන තරම්. කාටද මේවා. සංචාරකයන්ට නොවෙයිනෙ.”
එසේ නම් මේ කාමර ලැබෙන්නේ අනියම් සබඳතා සහ පාසල් වයසේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙනි.
“හුඟක් රස්තියාදුකාර අය ළමයෙක් යාළු කරගෙන ගස් අස්සට රිංගල ඔය ළපටි ළමයින්ගෙ හැඟීම් අවුස්සනවා. කොටින්ම කරන දේවල් - පෙන්වන ඒවා සාමාන්‍ය ඒවා බවට ඔවුන් සපථ කරවනවා. ඊට පස්සෙ ජංගම දුරකතනවලින් වීඩියෝ කරගෙන ෆොටෝ අරගෙන ඔය ගෑණු ළමයි බය කර ගන්නවා. බ්ලැක්මේල් කරනවා.
“ඔයාට කාටවත් කියන්න බෑ. ඔයාගෙ සෙල්ලම් සේරම මම ළඟ. මා කියනදේට කැමති නොවුණොත් මම මේවා සී.ඩී. කරලා ගෙදරට එවනවා!”
ඉන්පසුව මේ ගැහැණු දැරියන් කාමාතුරයකුගේ අත්අඩංගුවට පත්වී හමාරය. ඇයට අත්අඩංගුවේදී වැඩිමහලු පිරිමියා කියන කියන දේ කරන්නට සිදුවේ.
“සමහර රියදුරෝත්, ටියුෂන් පංති අසළ සැරිසරන කණ්ඩායමකුත් මේ ජාවාරමේ ඉහළින් ඉන්න අය. ඒ අය මේ ගෑණු දරුවො යාළු කරගෙන ලොකු ලොකු මහත්වරුන්ට විකුණනවා. සමහර ලොකු මහත්වරුන්ට ලස්සන නෝනල හිටියට එයාලා ඒ නෝනලට කැමති නෑ.
යන්න ෆ්‍රාඩෝ, බෙන්ස් තිබුණට ජීවිතේ “රසය” විඳින්න විදිහක් නැතිව හිතෙන් දුක් විඳිනවා. ඒ සමහර මහත්තුරු තරැවුකාරයො දාලා මේ පාසල් වාහන රියදුරන්ගෙන්, ටියුෂන් ආශ්‍රිතව ඉන්න රස්තියානු කාරයින්ගෙන් ළපටි ගර්ල්ස්ලා මිලට ගන්නවා. එහි ප්‍රධානම සැපයුම් ක්‍රමවේදය තමයි ගෑණු ළමයකු සමග යාළු වී ඇයව විවිධ අසභ්‍ය දේට යොමු කරනවාගෙන බ්ලැක්මේල් කර තිබීම. මේ වාහන රියදුරන් ළඟට එන තැරැවුකාරයො මල්ලි සර්ට අලුතෙන් මොකුත් කෑල්ලක් නැද්ද අහනවා.
23-rasa-P1--(2)

ඉන්නවා අවුරුදු 16යි. එහෙම කිවුවම ඉහේ මල් පිපෙනවා.
කීය වුණත් මේ වගෙ පුංචි පැටවු අර මහත්වරුන්ගේ තුරුළට යනවා. ලස්සන ගණිකාවක් හයර් වෙන ගාණට වඩා හතර පස් ගුණයකට මේ දැරියො හයර් වෙන්නෙ. අවසානෙ මේ දැරියන්ගෙ තාත්තලටත් වඩා බොහොම වයස පිරිමි එක්ක මේ දරුවො එකට ඉන්නවා.
අර රියදුරු අයියල, රස්තියාදුකාර සෙට් මහත්තයගෙ ගෙදරටම ගිහින් ගර්ල්ව බස්සනවා. නැත්නම් ළඟම කාමරයකට එන්න කියලා එතැනට සේවාව සපයනවා. ගර්ල්ව ගෙනිච්චහම මුදලෙන් භාගයක් ඔවුන්ට. ඉතිරි භාගය අර අවුරුදු 15-16-17 ගෑණු ළමයි අතට.!
“මේ ගර්ල් එක්කන් එන්නෙ පාසල් ඇඳුම පිටින්නම් ගෙවන ගාන තවත් වැඩියි. ළමයාගෙ වයස 18 න් අඩු වෙන තරම අනුවත් ගාණ තීරණය වෙනවා.
ඒ අනුව ළපටි ගැහැණු ළමයි වෙනුවෙන් මෙවැනි ජාවාරමක දැලක් එළී තිබේ.
සල්ලිකාර මහත්වරුන්ගේ ලොකු ලොකු මුදල්වලට අසරණ වූ දැරියෝ සිය අනාගතය රහසේම කෙළෙස ගනිති. මේ සියල්ල ගේ දොරට “වහං” වී ඇත. දෙමාපියන්ට “වහං” වී ඇත. මේ දරුවන් අවසානයේ නතර වෙන්නේ කොතැනද? අවුරුදු 15-16-17 දී දහස් ගණන් මුදල් අතගාන ඔවුන්ට අධ්‍යාපනයෙන් එහා ගිය අලුත් ලෝක මැවී පෙනේ.
ඔය සමහර ගෑණු දරුවන්ට සිගරට්, මත්වතුර පොවනවා. සමහර මැදිවයස් පුද්ගලයො විකෘති ආශාවන්වලට ඔවුන් යොදවා ගන්නවා. මේක බරපතළ ජාවාරමක්. වගකිවයුතු අය මැදිහත් වෙලා ටියුෂන් පංති නගර හා ජනප්‍රිය කාන්තා පාසල් අවට ලැගුම්හල් පරීක්ෂා කළොත් මේ රහසේ කොටසක් හෙළිකරගත හැකිය. පළවෙනි දේ වයස් සීමාව. අවුරුදු 18 අඩු ගෑණු දරුවෙකුට කොහොමත් කටුයහන තහනම්. නමුත් එවැනි දරුවෙක් අවුරුදු 40-45 ක කෙනෙක් සමග සිටිනවා නම් එතන යම් ජවාරමක් තියෙන්න පුළුවන්. ඒ නිසා කවුරුත් අවධානයෙන් ඉන්නවා නම් පාසල් ගිය දරුවා, ටියුෂන් ගිය දරුවා එහි ඉන්නවාද කියල දෙමාපියන්ට සෙවිය හැකිනම් එය තමයි ලොකුම දේ. හොයන්නෙ නැති බව දන්න දරුවන් මේ වැඬේට පහසුවෙන් ඇදී යනවා.”

“කාම වෙළෙඳපොළ” වහන්න පියවර ගනිමු
අඩු වයස් ගැහැණු දරුවන්ට වැඩි ඉල්ලුමක් පැවතීමත්, වැඩි වයස් කාන්තාවන්ට අඩු ඉල්ලුමක් පැවතීමත් පසුගිය දශකය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කාම රාගය පිළිබඳ වෙළෙඳපොළේ එක්තරා පැතිකඩකි. පොදු ජනතාව හිතනවාට වඩා කාම වෙළෙඳපොළ වෙනස් වී ඇත. ගණිකාවන් සැපයීම යන මාතෘකාව තුළ විශාල වශයෙන් අවුරුදු 15-16-17 ගැහැණු දැරියන් කොටු කරමින් පවතින සමාජයක මාපියන් හැටියට ඔබට ඔබේ දරුවන්ට රැකවරණය දීමට සිදුවී ඇත. මෙතැනදී දෙමාපියන් සිහි කටයුතු කරුණු කීපයක් ඇත.
sdg
ඉන් එකක් නම් “ටියුෂන්” සංස්කෘතිය දෙස කවුරුත් මීට වඩා අවධානය යොමු කළ යුතුව ඇත. පාසලේදී ආවරණය නොවන විෂය නිර්දේශය ටියුෂන් පන්තියේදී ආවරණය කිරීම යන තැනින් ඔබ්බට දේවල් මවුපියන් සිතිය යුතු කාලය උදාවී ඇත. එයට හේතුව අමතර පන්ති හරහා බරපතළ සමාජ ව්‍යසන රැසකට දරු පරම්පරාව සීඝ්‍රයෙන් ඇදී යාමේ ප්‍රවණතාවක් උදාවී ඇති හෙයිනි.
විශේෂයෙන් ටියුෂන් ගමන හරහා ළමයින්ගේ කාමුක හැඟීම් උද්දීපනය වෙන ආකාරයට ඒවාට පවතින දොරටු, කාමය සඳහා ටියුෂන් ව්‍යාපාර හා ඉන් පිටත සමාජය විවෘත වී ඇති ආකාරය පිළිබඳව මවුපියන්ගේ මනා අවධානය අත්‍යාවශ්‍ය වේ.
අවුරුදු 14-15-16-17 වැනි සංක්‍රාන්ති විය ගෙවන දැරියන්ගේ අදහස් - සිතුම් පැතුම් විලාසයන් මවුවරු තේරුම් ගත යුතුය. එය හුදෙක්ම විය යුත්තේ තමන්ගේ ළමා කාලය හා ගළපා සංසන්දනය කර නොව, වත්මන් සමාජීය දැනුමට සාපේක්ෂවය. ඊට හේතුව එදාට වඩා අද ළමයින්ගේ මානසික ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති හෙයිනි.
එසේම එම වයස්වල සිටින තරුණ දියණියන්ට සමාජයේ පවතින කාම රැල්ල දෙමාපියෝ තේරුම් කර දිය යුතුය. නූතන තරුණයා අන්තර්ජාලය හා ත්‍්ජැ ඉදදන හරහා, කාම චිත්‍රපට හරහා, සමාජයට අතිශය විවෘතව බැසගෙන ඇත. එම සමාජය තුළ ඔවුන් හා ගනුදෙනු කරන ගනුදෙනුකාර භවතුන් විවිධ වියෙහි පසුවන්නෝය.
සමහරු විවාහ වී සිටියද රහසේ අනියම් සබඳතා හතර පහ පවත්වති. පසුගිය දිනවල එක්තරා මාධ්‍යක පළවුණු ප්‍රවෘත්තියකින් කියැවුණේ පසුගිය වසරේ කොළඹ නගරයේ විවාහ ලියාපදිංචි කළ ප්‍රමාණයට වඩා දික්කසාද වූ ප්‍රමාණය ඉහළ ගිය අන්දමය.
එවැනි සිදුවීම් හරහාද අනියම් අන්දමින් ඔබගේ දියණිවරුන් මිල මුදලට, හා වෙනත් බලහත්කාරකම් - රැවටීම් මත ග්‍රහණය කරගන්නා පසුබිමක් නිර්මාණය වී ඇත.
මේ කාමුක වෙළෙඳපොළ ගැන දරුවන්ට හිතන්නට මාපියන් කතා කළ යුතුය. අධ්‍යාපනය හා වෙනත් දේම නොව විවෘතව ඔබේ දරුවා මුහුණ දෙන සමාජයේ පළිබෝධ දරුවාට තේරුම් කළ යුතුය.
ලාබාල දරුවන් ඉලක්ක කළ කාමුක වෙළෙඳ පොළ වේගයෙන් පැතිර යන තත්ත්වයක් උදාවී ඇත. එවැනි පසුබිමක ආදරය - ප්‍රේමය මුවාවෙන් එන පළිබෝධ-ආරාධනා ලෙස බාර නොගත යුතුය යන මානසිකත්වය ඉතා ඉක්මණින් තරුණ දූවරුන් තුළ ගුරුවරු - මාපියන් ස්වෙච්ඡා සංවිධාන විසින් ඇති කළ යුතුය.
එවැනි කිසිවක් අනුගමනය නොකොට අමාරුවේ වැටුණු දැරුවන්ට ඇඟිල්ල දිගු කිරීම සුදුසු නැති බව අපගේ විශ්වාසය වේ.
අසංක ආටිගල ~

No comments:

Post a Comment