Saturday, January 30, 2016

අඳුරු කුටිය තුල - වෙනත් කියවීමක්

අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන ගයන ගීතිකා - යදින යාතිකා දෙවියන් හට නෑසේ... ඒ...දෙවියන් හට නෑසේ මගේ මේ අර්ථකතනයේදී දෙවියන්ව සමාන කරනවා සාර්ථකත්වය, එහෙමත් නැතිනම් මිල මුදල් වලට, අඳුරු කුටිය ලෙස අපේ හදවත,සිතුවිලි. "මට නැහැ, මම දුප්පත්, මම අසාර්ථකයි, කියල සිතමින් කොච්චර දෙවියන්ට කතා කරත් එය සාර්ථක නැහැ. සාර්ථකත්වයට එය ඇහෙන්නේවත් නැහැ.. පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ... යමක් අවශ්‍ය නම් අනිවාර්යෙන් අපි මහන්සි වෙන්න ඕනේ. අවුව වැස්ස නොබලා සාර්ථකත්වය පසුපස හඹා යා යුතුයි. අන්න එතකොට දෙවියෝ ඉන්නවා.. බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ.. දෑස විවර කර බලන්න ඒ ගැන.. සිනිදු සුනැති සළු සිරසින් හැරදා දූවිලි මඩ වැහි හිරිගත පළදා දෙවියන් රුව දක්නට හැක්කේ... ආ...ආ...ආ....ආ........... සාර්ථකත්වය ලබන්න සිනිදු ඇදුම් ඇගලාගෙන බබාලා වගේ ඉදල බැහැ. දුවිල්ලට හුරු වෙන්න ඕනේ, දාඩිය දාන්න ඕනේ. අන්න එතකොට දෙවියන්ව බලා ගන්න හැකියි :) අඳුරු කුටිය තුල....// කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී ගතනැඟි දාදිය සුවදින් සැරසී දෙවියන් හා එක්විය හැක්කේ... ආ...ආ...ආ....ආ........... දෙවියන් හා එක්වෙනකොට සුවදින් එක්වෙන්න අපහසුයි, දාඩිය සුවද එක්ක දෙවියෝ දකින්න පහසුයි. ඒ කියන්නේ ඉතින් මහන්සි වෙයල්ලා කියල තමා.. :) අඳුරු කුටිය තුල....// ගායනය - ටී. එම්. ජයරත්න සමග අයිවෝ ඩෙනිස් සංගීතය - ප්‍රේමසිරි කේමදාස පද රචනය - ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

No comments:

Post a Comment