Wednesday, January 27, 2016

USS GEORGE H.W BUSH (CVN-77)


මෙතෙක් ඇමරිකානු ඉතිහාසය තුල වැඩිම වියදමක් දරා නිපදවනලද යුධ උපකරණය බවට
USS George H.W. Bush (CVN-77) නෞකාව පත්වනවා....නොත්රොප් ගෘමන් සමාගම මගින් 2001 වසරේදී වර්ජිනියා වරායේනෞකා පර්යන්තයේදී නිෂ්පාදනය ඇරබු මෙම ව්යාපෘතිය 2005 වසරේදී සාර්ථකව අවසන් කරමින් ඇමෙරිකානු නාවික හමුදාවට බාරකෙරුනේතාක්ෂණයෙන් පිරිපුන් එවකට ලොව විශාලම යුධ නෞකාව සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 වැයකොට තැනූ ලොව එකම නෞකාව බවට පත්වෙමිනි..මෙමනෞකාව නම්කරන ලද්දේ දෙවන ලෝක යුද්දයේ ඇමෙරිකානු හමුදා වීරයෙකු සහ හිටපු ඇමරිකානු ජනාදිපතිවරයෙකුවු ජෝර්ජ් H W බුෂ්(1989-1993) මහතාගේ නමිනි............
#..දිගින් අඩි 1092(මීටර් 333) වන මෙය ඇමෙරිකානු එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසට සමානවනවා.
#..ජලයට යටවී ඇති ප්රමාණය අඩි 134(මීටර් 41) උසින් යුතු අතර ගුවන් පථයේ පළල අඩි 252(මීටර් 77) වනවා.
#..උපරිම බර ටොන් 97000.
#..යාහැකි උපරිම වේගය නොට් 30(පැයට සැතපුම් 34.5)
#..ඉන්ධන සැපයෙන්නේ නයෂ්ටික බලයෙනි වැදගත්ම කරුණ වන්නේ එක්වරක් නයෂ්ටික බලයෙන් ඉන්ධන ලබාගත් පසු එය එකදිගට වසර 20ක් ධාවනය කිරීමට ඇති හැකියාවයි..
#..මෙය නාවික සෙබළුන් 6000ක ගේ නිවස වනවා (නාවික කාර්මික ශිල්පීන් 3200 කින් පමණද ගුවන් සහ නාවික සෙබළුන් 2800 කින් පමණද මෙම නැව සමන්විතයි)..
#..ගුවන් ප්රහාරක යානා 80ක් සහ හෙලිකොප්ටර් 20 මෙම යානය සතුයි..
#..පැයට සැතපුම් 150ක පමණ වේගයෙන් ඇදී එන ගුවන් යානයක් අගල් 3 - 4 මහත වයර් මගින් අඩි 400 ඇතුලතදී නවතාගැනීමට මෙයට පිළිවන්..
#..දින 90කට සරිලන ආහාර මෙහි ගබඩා කර ඇති අතර දිනකට කෑමවේල් 18150 පමණ නිකුත් කෙරෙනවා..
#..එකවර ජලය ගැලුම් 400,000 මුහුදින් ලබාගෙන ෆිල්ටර් කර එදිනෙදා ප්රයෝජනයට ගැනෙනවා..
#..මෙම නෞකාව වයරින් කිරීමට සැතපුම් 1600ක වයර් වැයවී තිබෙනවා..
#..ආසන්න වශයෙන් විදුලි බුබුළු 30000 නෞකාව තුල දැල්වෙනවා..
#..නෞකාවතුල දුරකථන 1400 සවිකොට තිබෙනවා..
මෙම හැකියාවන් අතින් බැලු කල මෙයට සමකල හැකි අන් යානයක් ලොව පවතීද,තවත් අවරුදු පනහක් මෙම නෞකාව බාවිතයට ගැනීමට ඇමෙරිකානු නාවික හමුදාව බලාපොරොත්තු වෙති.

ඉස්සුවේ කවිදුගෙන් මෙන්න මෙතනින්

No comments:

Post a Comment